Qurani Kərimin mənaca tərcüməsi - Sinhal dilinə tərcümə - "Ruvvad" tərcümə mərkəzi.

Səhifənin rəqəmi:close

external-link copy
17 : 56

یَطُوْفُ عَلَیْهِمْ وِلْدَانٌ مُّخَلَّدُوْنَ ۟ۙ

ළමා විය සදාතනික වූ ළමුන් (සංග්‍රහ කිරීම සඳහා) ඔවුන් වටා යති. info
التفاسير:

external-link copy
18 : 56

بِاَكْوَابٍ وَّاَبَارِیْقَ ۙ۬— وَكَاْسٍ مِّنْ مَّعِیْنٍ ۟ۙ

දිය දහරාවෙන් පුරවනු ලැබූ ගුරු ලේත්තු, කේතල් හා කුසලාන සමග (ඔවුන් වටා යති.) info
التفاسير:

external-link copy
19 : 56

لَّا یُصَدَّعُوْنَ عَنْهَا وَلَا یُنْزِفُوْنَ ۟ۙ

එයින් ඔවුනට හිසේ රුදාව ඇති නො වේ. තවද ඔවුන් මත් නො වෙති. info
التفاسير:

external-link copy
20 : 56

وَفَاكِهَةٍ مِّمَّا یَتَخَیَّرُوْنَ ۟ۙ

ඔවුන් කැමති පලතුරු සමග ද; info
التفاسير:

external-link copy
21 : 56

وَلَحْمِ طَیْرٍ مِّمَّا یَشْتَهُوْنَ ۟ؕ

ඔවුන් ආශා කරන කුරුලු මාංශ සමග ද (ඔවුන් වටා යති.) info
التفاسير:

external-link copy
22 : 56

وَحُوْرٌ عِیْنٌ ۟ۙ

තවද දැකුම්කලු කන්‍යා කුමරියෝ ද වෙති. info
التفاسير:

external-link copy
23 : 56

كَاَمْثَالِ اللُّؤْلُو الْمَكْنُوْنِ ۟ۚ

(ඔවුන්) සඟවා තබන ලද මුතුවලට සමාන ය. info
التفاسير:

external-link copy
24 : 56

جَزَآءً بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟

(එය) ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙනි. info
التفاسير:

external-link copy
25 : 56

لَا یَسْمَعُوْنَ فِیْهَا لَغْوًا وَّلَا تَاْثِیْمًا ۟ۙ

ඔවුහු එහි පුහු දෙයකට හෝ පාපය ඇති කරන කතාවකට හෝ සවන් නො දෙති. info
التفاسير:

external-link copy
26 : 56

اِلَّا قِیْلًا سَلٰمًا سَلٰمًا ۟

සලාම් සලාම් (ශාන්තියයි) යනුවෙන් පවසනු ලැබීම මිස. info
التفاسير:

external-link copy
27 : 56

وَاَصْحٰبُ الْیَمِیْنِ ۙ۬— مَاۤ اَصْحٰبُ الْیَمِیْنِ ۟ؕ

දකුණු පස ජනයා, දකුණු පස ජනයා යනු කවරෙක් ද? info
التفاسير:

external-link copy
28 : 56

فِیْ سِدْرٍ مَّخْضُوْدٍ ۟ۙ

(ඔවුන්) කටු නොමැති මසන් ගස් අතරෙහි ය. info
التفاسير:

external-link copy
29 : 56

وَّطَلْحٍ مَّنْضُوْدٍ ۟ۙ

තවද කැන් එල්ලෙන කෙසෙල් ගස් අතර ය. info
التفاسير:

external-link copy
30 : 56

وَّظِلٍّ مَّمْدُوْدٍ ۟ۙ

තවද දිගු කරනු ලැබූ සෙවණැලි අතර ය. info
التفاسير:

external-link copy
31 : 56

وَّمَآءٍ مَّسْكُوْبٍ ۟ۙ

තවද ගලා යවනු ලබන ජලය අතර ය. info
التفاسير:

external-link copy
32 : 56

وَّفَاكِهَةٍ كَثِیْرَةٍ ۟ۙ

තවද බොහෝ පලතුරු අතර ය. info
التفاسير:

external-link copy
33 : 56

لَّا مَقْطُوْعَةٍ وَّلَا مَمْنُوْعَةٍ ۟ۙ

කිසිදු කප්පාදුවක් නැත. එමෙන්ම කිසිදු තහනම් කිරීමක් ද නැත. info
التفاسير:

external-link copy
34 : 56

وَّفُرُشٍ مَّرْفُوْعَةٍ ۟ؕ

තවද උස්ව තබන ලද ඇතිරිලි අතර ය. info
التفاسير:

external-link copy
35 : 56

اِنَّاۤ اَنْشَاْنٰهُنَّ اِنْشَآءً ۟ۙ

නියත වශයෙන්ම අපි ඔවුන් (ලලනාවන්) නව නිර්මාණයකින් නිර්මාණය කළෙමු. info
التفاسير:

external-link copy
36 : 56

فَجَعَلْنٰهُنَّ اَبْكَارًا ۟ۙ

අපි ඔවුන් කන්‍යා කුමරියන් බවට පත් කළෙමු. info
التفاسير:

external-link copy
37 : 56

عُرُبًا اَتْرَابًا ۟ۙ

පෙම්බර සම වයසැති, info
التفاسير:

external-link copy
38 : 56

لِّاَصْحٰبِ الْیَمِیْنِ ۟ؕ۠

දකුණු පස ජනයා සඳහා (මේවා සූදානම් කර තිබේ.) info
التفاسير:

external-link copy
39 : 56

ثُلَّةٌ مِّنَ الْاَوَّلِیْنَ ۟ۙ

(ඔවුන්) මුල් අයගෙන් වූ පිරිසකි. info
التفاسير:

external-link copy
40 : 56

وَثُلَّةٌ مِّنَ الْاٰخِرِیْنَ ۟ؕ

තවද පසු පැවත එන්නන්ගෙන් වූ පිරිසකි. info
التفاسير:

external-link copy
41 : 56

وَاَصْحٰبُ الشِّمَالِ ۙ۬— مَاۤ اَصْحٰبُ الشِّمَالِ ۟ؕ

තවද වම් පස ජනයා. වම් පස ජනයා යනු කවරෙක් ද? info
التفاسير:

external-link copy
42 : 56

فِیْ سَمُوْمٍ وَّحَمِیْمٍ ۟ۙ

(ඔවුන්) ලෝ දිය හා ගිනි දැලි සුළං අතර ය. info
التفاسير:

external-link copy
43 : 56

وَّظِلٍّ مِّنْ یَّحْمُوْمٍ ۟ۙ

තවද කළු දුමාරයෙන් යුත් හෙවණ අතර ය. info
التفاسير:

external-link copy
44 : 56

لَّا بَارِدٍ وَّلَا كَرِیْمٍ ۟

(එහි) කිසිදු සිසිලක් හෝ මිහිරක් හෝ නැත. info
التفاسير:

external-link copy
45 : 56

اِنَّهُمْ كَانُوْا قَبْلَ ذٰلِكَ مُتْرَفِیْنَ ۟ۚۖ

නියත වශයෙන්ම ඔවුහු එයට පෙර සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන්නන් ලෙස සිටියහ. info
التفاسير:

external-link copy
46 : 56

وَكَانُوْا یُصِرُّوْنَ عَلَی الْحِنْثِ الْعَظِیْمِ ۟ۚ

තවද ඔවුහු මහත් පාපයන් මත හිතුවක්කාර ලෙස රැඳී සිටිමින් උන්හ. info
التفاسير:

external-link copy
47 : 56

وَكَانُوْا یَقُوْلُوْنَ ۙ۬— اَىِٕذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَّعِظَامًا ءَاِنَّا لَمَبْعُوْثُوْنَ ۟ۙ

තවද “අපි මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ පසු නියත වශයෙන් ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු දැ” යි ඔවුහු පවසමින් උන්හ. info
التفاسير:

external-link copy
48 : 56

اَوَاٰبَآؤُنَا الْاَوَّلُوْنَ ۟

“අපගේ ආරම්භක මුතුන් මිත්තන් ද නැවත නැගිටුවනු ලබන්නෝ ද?” info
التفاسير:

external-link copy
49 : 56

قُلْ اِنَّ الْاَوَّلِیْنَ وَالْاٰخِرِیْنَ ۟ۙ

“නියත වශයෙන් ම ආරම්භකයින් හා පසු පැවත එන්නන් (යන සියල්ලන්හට) (නබිවරය!) නුඹ පවසනු. info
التفاسير:

external-link copy
50 : 56

لَمَجْمُوْعُوْنَ ۙ۬— اِلٰی مِیْقَاتِ یَوْمٍ مَّعْلُوْمٍ ۟

ඔවුන් සැබවින් ම නියමිත දිනක නියමිත වේලාවක එක් රැස් කරනු ලබන්නෝ වෙති. info
التفاسير: