اَلَمْ تَرَ اَنَّ اللّٰهَ یَعْلَمُ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— مَا یَكُوْنُ مِنْ نَّجْوٰی ثَلٰثَةٍ اِلَّا هُوَ رَابِعُهُمْ وَلَا خَمْسَةٍ اِلَّا هُوَ سَادِسُهُمْ وَلَاۤ اَدْنٰی مِنْ ذٰلِكَ وَلَاۤ اَكْثَرَ اِلَّا هُوَ مَعَهُمْ اَیْنَ مَا كَانُوْا ۚ— ثُمَّ یُنَبِّئُهُمْ بِمَا عَمِلُوْا یَوْمَ الْقِیٰمَةِ ؕ— اِنَّ اللّٰهَ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟
සැබැවින්ම අල්ලාහ් අහස්හි ඇති දෑ දනියි. එමෙන්ම මහපොළොවේ ඇති දෑ ද දනී. ඒ දෙකෙහි ඇති කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. තිදෙනෙකුගේ රහසිගත කතාවක ඒ ගැන දන්නා සිව්වැන්නා ලෙස අල්ලාහ් සිටියි. එමෙන්ම පස් දෙනෙකුගේ රහසිගත කතාවක ඒ ගැන දන්නා සයවැන්නා ලෙස අල්ලාහ් සිටියි. එම සංඛ්යාව අඩු වුව ද ඊට වඩා වැඩි වුව ද ඔවුන් කොතැනක සිටිය ද ඒ ගැන දැනුවත්ව ඔවුන් සමගම ඔහු සිටියි. ඔවුන්ගේ කිසිදු කතාවක් ඔහුට සැඟවෙන්නේ නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සිදු කළ දෑ පිළිබඳ සියලු තොරතුරු ඔහු ඔවුනට දන්වා සිටියි. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ දන්නාය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
التفاسير: