د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

අල් මුජාදලා

د سورت د مقصدونو څخه:
إظهار علم الله الشامل وإحاطته البالغة، تربيةً لمراقبته، وتحذيرًا من مخالفته.
අල්ලාහ් පිළිබඳ අවධානයෙන් පසුවීමට පුරුදු පුහුණු කිරීමක් හා ඔහුට විරුද්ධ වීම ගැන අවවාද කරන්නක් වශයෙන් පිහිටන සේ සියල්ල සර්වප්රකාරයෙන් ආවරණය වූ අල්ලාහ්ගේ දැනුමේ විද්යාමානය. info

external-link copy
1 : 58

قَدْ سَمِعَ اللّٰهُ قَوْلَ الَّتِیْ تُجَادِلُكَ فِیْ زَوْجِهَا وَتَشْتَكِیْۤ اِلَی اللّٰهِ ۖۗ— وَاللّٰهُ یَسْمَعُ تَحَاوُرَكُمَا ؕ— اِنَّ اللّٰهَ سَمِیْعٌ بَصِیْرٌ ۟

(කව්ලා බින්ත් සඃලබා නම්) කාත්තාව ඇයගේ ස්වාමියා (වූ අවුස් ඉබ්නු අස්සාමිත්) පිළිබඳ විෂයයෙහි නුඹ සමග ඇය කළ වාදය ඇයගෙන් හෙළි වූ කල්හි අල්ලාහ් ඇයගේ ප්රකාශයට සවන් දුන්නේය. ඇයගේ සැමියා ඇයට කළ දෑ ගැන ඇය අල්ලාහ් වෙත පැමිණිලි කර සිටියාය. අල්ලාහ් නුඹලා දෙදෙනාගේ වාදයට සවන් දුන්නේය. ඔහුගෙන් කිසිවක් සැඟවිය නොහැක. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශවලට සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් දෙස බලා සිටින්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. info
التفاسير:

external-link copy
2 : 58

اَلَّذِیْنَ یُظٰهِرُوْنَ مِنْكُمْ مِّنْ نِّسَآىِٕهِمْ مَّا هُنَّ اُمَّهٰتِهِمْ ؕ— اِنْ اُمَّهٰتُهُمْ اِلَّا الّٰٓـِٔیْ وَلَدْنَهُمْ ؕ— وَاِنَّهُمْ لَیَقُوْلُوْنَ مُنْكَرًا مِّنَ الْقَوْلِ وَزُوْرًا ؕ— وَاِنَّ اللّٰهَ لَعَفُوٌّ غَفُوْرٌ ۟

ජනයා අතරින් කිසිවෙකු තම බිරියට ‘ඔබ මට මාගේ මවගේ පිටට සමානය’ යැයි පවසමින් ‘ළිහාර්’ (අඹු සැමි ඇසුරෙන් ඈත් වන බවට) පවසා සිටන්නන් වනාහි, ඔවුන්ගේ එම ප්රකාශයේ ඔවුන් බොරු පවසා ඇත. ඔවුන්ගේ බිරියන් ඔවුන්ගේ මව්වරුන් මෙන් නැත. සැබැවින්ම ඔවුන්ගේ මව්වරුන් ඔවුන් බිහිකළ අය වෙති. සැබැවින්ම ඔවුන් එම ප්රකාශය පවසන විට ප්රකාශ කරන ඇත්තේ බරපතල ප්රකාශයක් මෙන්ම අසත්යය ප්රකාශයකි. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. එහෙයින් ඔවුන් පාපයෙන් පිරිසිදු කිරීම සඳහා ප්රතිකර්මයක් ඔහු ඔවුනට ආගමානුගත කළේය. info
التفاسير:

external-link copy
3 : 58

وَالَّذِیْنَ یُظٰهِرُوْنَ مِنْ نِّسَآىِٕهِمْ ثُمَّ یَعُوْدُوْنَ لِمَا قَالُوْا فَتَحْرِیْرُ رَقَبَةٍ مِّنْ قَبْلِ اَنْ یَّتَمَآسَّا ؕ— ذٰلِكُمْ تُوْعَظُوْنَ بِهٖ ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ خَبِیْرٌ ۟

මෙම බරපතල ප්රකාශය පවසන්නන් වනාහි, ඔවුන් අතරින් කවරෙකු ළිහාර් ප්රකාශ කළේද නැවතත් ඔවුන් සමග අඹු සැමි ඇසුර අපේක්ෂා කරති. එවිට ඔවුන් ඔවුන් සමග සංවාසයේ යෙදීමට පෙර ප්රතිකර්මයක් වශයෙන් වහලියක් නිදහස් කළ යුතුය. සඳහන් කරනු ලැබූ මෙම නීතිය නුඹලාට නියෝග කරනු ලැබ ඇත්තේ ළිහාර් ප්රකාශයෙන් නුඹලාව වැළැක්වීමක් වශයෙනි. නුඹලා සිදු කරන දෑ පිළිබඳ සියලු තොරතුරු අල්ලාහ් දන්නේය. නුඹලාගේ කිසිදු ක්රියාවක් ඔහුට සැඟ වී යන්නේ නැත. info
التفاسير:

external-link copy
4 : 58

فَمَنْ لَّمْ یَجِدْ فَصِیَامُ شَهْرَیْنِ مُتَتَابِعَیْنِ مِنْ قَبْلِ اَنْ یَّتَمَآسَّا ۚ— فَمَنْ لَّمْ یَسْتَطِعْ فَاِطْعَامُ سِتِّیْنَ مِسْكِیْنًا ؕ— ذٰلِكَ لِتُؤْمِنُوْا بِاللّٰهِ وَرَسُوْلِهٖ ؕ— وَتِلْكَ حُدُوْدُ اللّٰهِ ؕ— وَلِلْكٰفِرِیْنَ عَذَابٌ اَلِیْمٌ ۟

නුඹලා අතරින් කිසිවෙකුට හෝ එසේ නිදහස් කළ හැකි කාන්තාවක් නොලැබුවේ නම් තමන් ලිහාර් කළ බිරිය සමග අඹු සැමි ඇසුරෙහි නිරත වීමට පෙර අඛණ්ඩ ව මාස දෙකක් උපවාසයේ නිරත විය යුතුයි. අඛණ්ඩ ව මාස දෙකක් උපවාසයේ නිරත වීමට හැකියාවක් නොමැත්තා, ඔහු දුප්පතුන් හැට දෙනෙකුට ආහාරය සැපයිය යුතුයි. අප මෙම තීන්දුව නියම කර ඇත්තේ සැබැවින්ම එය අල්ලාහ් නියෝග කළ බවට නුඹලා විශ්වාස කොට එම නියෝගය නුඹලා විසින් පිළිපැද ඔහුගේ දූතයාණන් අනුගමනය කිරීමටය. අපි නුඹලාට ආගමානුගත කළ නීතිරීති අල්ලාහ් තම ගැත්තන්හට නියම කළ සීමාවන් වේ. එබැවින් නුඹලා ඒවා කඩ නොකරනු. අල්ලාහ්ගේ නීතිය හා ඔහු නියම කළ සීමාවන් ප්රතික්ෂේප කරන්නන් හට වේදනීය දඬුවමක් ඇත. info
التفاسير:

external-link copy
5 : 58

اِنَّ الَّذِیْنَ یُحَآدُّوْنَ اللّٰهَ وَرَسُوْلَهٗ كُبِتُوْا كَمَا كُبِتَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ وَقَدْ اَنْزَلْنَاۤ اٰیٰتٍۢ بَیِّنٰتٍ ؕ— وَلِلْكٰفِرِیْنَ عَذَابٌ مُّهِیْنٌ ۟ۚ

අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ ව කටයුතු කරන්නන් වනාහි, පෙර සමූහයින් අතරින් ඔහුට විරුද්ධ ව කටයුතු කළ වුන් අවමානයට හා අපහාසයට පත් වූ අයුරින්ම ඔවුන් ද අවමානයට හා අපාහසයට පත්වනු ඇත. සැබැවින්ම අපි පැහැදිලි සංඥාවන් පහළ කර ඇත්තෙමු. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මෙන්ම ඔහුගේ වදන් ප්රතික්ෂේප කරන්නන්හට නින්දා සහගත දඬුවමක් ඇත. info
التفاسير:

external-link copy
6 : 58

یَوْمَ یَبْعَثُهُمُ اللّٰهُ جَمِیْعًا فَیُنَبِّئُهُمْ بِمَا عَمِلُوْا ؕ— اَحْصٰىهُ اللّٰهُ وَنَسُوْهُ ؕ— وَاللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ شَهِیْدٌ ۟۠

අල්ලාහ් ඔවුන් සියලු දෙනා යළි අවදි කරන දිනයෙහි ඔවුන් අතරින් කිසිවෙකුට කිසිදු අසාධාරණයක් ඔහු සිදු නොකරයි. මෙලොවෙහි ඔවුන් සිදු කළ අශීලාචාර ක්රියාවන් පිළිබඳ ඔහු ඔවුනට දන්වා සිටියි. අල්ලාහ් එය ඔවුන් සඳහා සටහන් කර ඇත. ඔවුන්ගේ කිසිදු ක්රියාවක් ඔහුට අතපසු වන්නේ නැත. නමුත් ඔවුහු එය අමතක කළෝය. සුළු හෝ විශාල කිසිදු දෙයක් අත් නොහැර සටහන් කර, ඇති ඔවුන්ගේ වාර්තාවන්හි ලියනු ලැබ තිබීම ඔවුහු දකිති. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ නිරීක්ෂාවෙන් සිටියි. ඔවුන්ගේ කිසිදු ක්රියාවක් ඔහුට සැඟවෙන්නේ නැත. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• لُطْف الله بالمستضعفين من عباده من حيث إجابة دعائهم ونصرتهم.
•ඔහුගේ ගැත්තන් අතර සිටින දුර්වල හා දුබලයින්ගේ ප්රාර්ථනාවන් පිළිගෙන, ඔවුනට උපකාර කිරීමෙන් අල්ලාහ් ඔවුන් කෙරෙහි දක්වා ඇති සෙනෙහස. info

• من رحمة الله بعباده تنوع كفارة الظهار حسب الاستطاعة ليخرج العبد من الحرج.
•ගැත්තන් තමන් කළ ළිහාර් වරදින් බැහැර වීම සඳහා වූ ප්රතිකර්ම ඔවුනට හැකි පමණින් ඉටු කරනු පිණිස ඒවා විවිධ ප්රතිකර්මයන් බවට පත් කර තිබීමේ අල්ලාහ්ගේ කරුණාව. info

• في ختم آيات الظهار بذكر الكافرين؛ إشارة إلى أنه من أعمالهم، ثم ناسب أن يورد بعض أحوال الكافرين.
•ළිහාර්හි පාඨවල අවසානයේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් පිළිබඳ සිහිපත් කරයි. සැබැවින්ම එය ඔවුන්ගේ ක්රියාවන් අතරින් වන බව පෙන්වා දෙන්නක් ලෙසිනි. පසුව දේව ප්රතික්ෂේපකයින්ගේ අතැම් තත්ත්වයන් පිළිබඳ තොරතුරු සපයයි. info

external-link copy
7 : 58

اَلَمْ تَرَ اَنَّ اللّٰهَ یَعْلَمُ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— مَا یَكُوْنُ مِنْ نَّجْوٰی ثَلٰثَةٍ اِلَّا هُوَ رَابِعُهُمْ وَلَا خَمْسَةٍ اِلَّا هُوَ سَادِسُهُمْ وَلَاۤ اَدْنٰی مِنْ ذٰلِكَ وَلَاۤ اَكْثَرَ اِلَّا هُوَ مَعَهُمْ اَیْنَ مَا كَانُوْا ۚ— ثُمَّ یُنَبِّئُهُمْ بِمَا عَمِلُوْا یَوْمَ الْقِیٰمَةِ ؕ— اِنَّ اللّٰهَ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟

සැබැවින්ම අල්ලාහ් අහස්හි ඇති දෑ දනියි. එමෙන්ම මහපොළොවේ ඇති දෑ ද දනී. ඒ දෙකෙහි ඇති කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. තිදෙනෙකුගේ රහසිගත කතාවක ඒ ගැන දන්නා සිව්වැන්නා ලෙස අල්ලාහ් සිටියි. එමෙන්ම පස් දෙනෙකුගේ රහසිගත කතාවක ඒ ගැන දන්නා සයවැන්නා ලෙස අල්ලාහ් සිටියි. එම සංඛ්යාව අඩු වුව ද ඊට වඩා වැඩි වුව ද ඔවුන් කොතැනක සිටිය ද ඒ ගැන දැනුවත්ව ඔවුන් සමගම ඔහු සිටියි. ඔවුන්ගේ කිසිදු කතාවක් ඔහුට සැඟවෙන්නේ නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සිදු කළ දෑ පිළිබඳ සියලු තොරතුරු ඔහු ඔවුනට දන්වා සිටියි. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ දන්නාය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. info
التفاسير:

external-link copy
8 : 58

اَلَمْ تَرَ اِلَی الَّذِیْنَ نُهُوْا عَنِ النَّجْوٰی ثُمَّ یَعُوْدُوْنَ لِمَا نُهُوْا عَنْهُ وَیَتَنٰجَوْنَ بِالْاِثْمِ وَالْعُدْوَانِ وَمَعْصِیَتِ الرَّسُوْلِ ؗ— وَاِذَا جَآءُوْكَ حَیَّوْكَ بِمَا لَمْ یُحَیِّكَ بِهِ اللّٰهُ ۙ— وَیَقُوْلُوْنَ فِیْۤ اَنْفُسِهِمْ لَوْلَا یُعَذِّبُنَا اللّٰهُ بِمَا نَقُوْلُ ؕ— حَسْبُهُمْ جَهَنَّمُ ۚ— یَصْلَوْنَهَا ۚ— فَبِئْسَ الْمَصِیْرُ ۟

අහෝ ධර්ම දූතය! යුදෙව්වන් දේවත්වය විශ්වාස කරන අයෙකු දුටු විට රහසිගතව එකිනෙකා කතා කරනු ඔබ නොදුටුවෙහි ද? එසේ රහසින් කතා කිරීම අල්ලාහ් ඔවුනට තහනම් කළේය. ඉන්පසුවත් අල්ලාහ් ඔවුනට තහනම් කළ දෑ වෙත ඔවුහු නැවත යොමු වෙති. ඔවුන් අතර දේවත්වය විශ්වාස කරන ජනයා පිළිබඳ අඩුපාඩුකම් ඔවුනට විරුද්ධ කටයුතු හා දූතයාණන්හට පිටුපෑම වැනි පාපතර රහස් සාකච්ඡාවන්හි ඔවුහු නිරත වෙති. අහෝ ධර්ම දූතය! ඔවුන් නුඹලා වෙත පැමිණි විට අල්ලාහ් නුඹට සුභ නොපතන දැයින් ඔවුහු නුඹට සුභ පතති. එය ඔවුන් ඔබට මරණය අපේක්ෂා කරමින් ‘අස්සාම් අලයික’ යනුවෙන් පවසමිනි. නබි (සල්ලල්ලාහු අලයිහ් වසල්ලම්) තුමාණන්ව බොරු කරමින්, ‘අප පවසන දෑ සඳහා අල්ලාහ් අපට දඬුවම් කළ යුතු නොවේ ද? සැබැවින්ම තමන් නබිවරයෙකු බව ඔහු කරන වාදයෙහි ඔහු සත්යවාදියෙකු නම් ඔහු ගැන අප කතා කරන දෑ හේතුවෙන් අපහට අල්ලාහ් දඬුවම් කරනු ඇතැ’යි හාස්යයෙන් කතා කරති. ඔවුන් පවසා සිටින දෑ සඳහා දඬුවම් වශයෙන් ඔවුනට නිරය ප්රමාණවත් වේ. එහි උෂ්ණය ඔවුහු විදිති. ඔවුන් යොමු වන ස්ථානය ඉතා පිළිකුල් සහගතය. info
التفاسير:

external-link copy
9 : 58

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِذَا تَنَاجَیْتُمْ فَلَا تَتَنَاجَوْا بِالْاِثْمِ وَالْعُدْوَانِ وَمَعْصِیَتِ الرَّسُوْلِ وَتَنَاجَوْا بِالْبِرِّ وَالتَّقْوٰی ؕ— وَاتَّقُوا اللّٰهَ الَّذِیْۤ اِلَیْهِ تُحْشَرُوْنَ ۟

අහෝ අල්ලාහ් ව විශ්වාස කොට ඔහු ආගමානුගත කළ දෑ අනුගමනය කරන්නනි! පාපය, සතුරුකම හා දූතයාණන්ට පිටුපෑම යනාදී කරුණු නුඹලා අතර රහසින් සාකච්ඡා කොට නුඹලා යුදෙව්වන් බවට පත් නොවනු. අල්ලාහ්ට අවනත වීම ඔහුට පාපකම් කිරීමෙන් වැළැක්වීම යනාදී කරුණු නුඹලා අතර සාකච්ඡා කරනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට බැතිමත් ව කටයුතු කරනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා රැස් කරනු ලබනුයේ ඔහු වෙතමය. info
التفاسير:

external-link copy
10 : 58

اِنَّمَا النَّجْوٰی مِنَ الشَّیْطٰنِ لِیَحْزُنَ الَّذِیْنَ اٰمَنُوْا وَلَیْسَ بِضَآرِّهِمْ شَیْـًٔا اِلَّا بِاِذْنِ اللّٰهِ ؕ— وَعَلَی اللّٰهِ فَلْیَتَوَكَّلِ الْمُؤْمِنُوْنَ ۟

සැබැවින්ම පාපකම, සතුරුකම හා දූතයාණන්ට විරුද්ධවීම යනාදී කරුණු ඇතුළත් රහසිගත සාකච්ඡා වනාහි ෂෙයිතාන් විසින් තම මිතුරන් සඳහා අලංකරණය කරන ලද හා කුකුස් ඇති කරන ලද්දක් වේ. එය සැබැවින්ම දේව විශ්වාසීන්ට සමීප ව සිට ඔවුනට දුක ගෙන දෙනු පිණිසය. ෂෙයිතාන් හෝ ඔහුගේ අලංකරණය අල්ලාහ්ගේ අභිමතය හා කැමැත්ත නොමැති ව කිසිවකින් දේව විශ්වාසීන්ට හානියක් ඇති නොවන්නේය. තවද දේව විශ්වාසීන් ඔවුන්ගේ සියලු කටයුතු වලදී අල්ලාහ් මත රැඳී සිටිති. info
التفاسير:

external-link copy
11 : 58

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِذَا قِیْلَ لَكُمْ تَفَسَّحُوْا فِی الْمَجٰلِسِ فَافْسَحُوْا یَفْسَحِ اللّٰهُ لَكُمْ ۚ— وَاِذَا قِیْلَ انْشُزُوْا فَانْشُزُوْا یَرْفَعِ اللّٰهُ الَّذِیْنَ اٰمَنُوْا مِنْكُمْ ۙ— وَالَّذِیْنَ اُوْتُوا الْعِلْمَ دَرَجٰتٍ ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ خَبِیْرٌ ۟

අහෝ අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව කටයුතු කළවුනි! ‘සභාවන්හි විවෘත වනු යැයි නුඹලාට පවසනු ලැබූ විට නුඹලා එහි විවෘත වූයෙහුය. නුඹලාගේ මෙලොව හා මතුලොව ජීවිතයේ ඔහු නුඹලාට විවෘත කර දෙනු ඇත. උසස් අය වාඩි වීම සඳහා ඇතැම් සභාවන්ගෙන් නැගී සිටින මෙන් නුඹලාට පවසනු ලැබූ විට එයින් නුඹලා නැගී සිටියහ. නුඹලා අතරින් විශ්වාස කළවුන් හා දැනුම දෙනු ලැබූවන් මහඟු තරාතිරම්වලින් අල්ලාහ් උසස් කර ඇත. නුඹලා සිදු කරන දෑහි තොරතුරු අල්ලාහ් දන්නාය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• مع أن الله عالٍ بذاته على خلقه؛ إلا أنه مطَّلع عليهم بعلمه لا يخفى عليه أي شيء.
•අල්ලාහ් ඔහුගේ මැවීම්වලට වඩා පැවැත්මෙන් උසස් මෙන්ම, තම ප්රඥාවෙන් සැබැවින්ම ඔහු ඔවුන් කෙරෙහි නිරීක්ෂා කරන්නාය. ඔහු වෙත කිසිවක් සැගවෙන්නේ නැත. info

• لما كان كثير من الخلق يأثمون بالتناجي أمر الله المؤمنين أن تكون نجواهم بالبر والتقوى.
•මැවීම් අතරින් බොහෝ දෙනා අයුතු ලෙස රහසිගත සාකච්ඡාවල නිරත වී පාපකම් උපයමින් සිටියදී ඔවුන්ගේ එම රහස් සාකච්ඡා තුළ යහපත හා දේව සවිඥානකත්වය ඇති කරන දෑ කතා කරන්නැයි දේව විශ්වාසී ජනයාට අල්ලාහ් නියෝග කර සිටියේය. info

• من آداب المجالس التوسيع فيها للآخرين.
•සභාගර්භයන්හි සෙසු අය සඳහා ඉඩ ප්රස්ථාව ලබා දීම හා විවෘත වීම විනයකි. info

external-link copy
12 : 58

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِذَا نَاجَیْتُمُ الرَّسُوْلَ فَقَدِّمُوْا بَیْنَ یَدَیْ نَجْوٰىكُمْ صَدَقَةً ؕ— ذٰلِكَ خَیْرٌ لَّكُمْ وَاَطْهَرُ ؕ— فَاِنْ لَّمْ تَجِدُوْا فَاِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟

නබි තුමාණන්ගේ සහගාමීන් බහුතරයක් දෙනා එතුමාණන්ව අධික ලෙස මුණ ගැසෙන්නට පටන් ගත් කල්හි අල්ලාහ් මෙසේ පැවසීය: "අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා දූතයාණන් සමග රහසිගත පුද්ගලික කරණු කතා කරන්නට සිතන්නේ නම් නුඹලා පුද්ගලිකව එතුමා සමග කතා කිරීම සඳහා දානයක් පිළිගන්වනු. එසේ දානයක් පිළිගැන්වීම තුළ හදවත් පිරිසිදු කරන පරිදි අල්ලාහ්ට අවනත වීමක් ඇති බැවින් නුඹලාට එය උතුම්ය. එමෙන්ම වඩාත් පිවිතුරුය. එසේ දානයක් පිළිගැන්වීමට කිසිවක් නුඹලාට නොලැබුණේ නම් එසේ කිසිවක් පිළිනොගන්වා එතුමා සමග පුද්ගලික කතාවෙහි නිරතවීමෙහි වරදක් නැත. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්ගේ පාපකම්වලට පාපක්ෂමාව පිරිනමන්නාය. ඔවුනට ඉසිලිය හැකි දෑ පමණක් මිස වෙනත් කිසිවක් ඔවුන් මත නොපටවන සේ ඔහු ඔවුන් කෙරෙහි මහා කාරුණිකය. info
التفاسير:

external-link copy
13 : 58

ءَاَشْفَقْتُمْ اَنْ تُقَدِّمُوْا بَیْنَ یَدَیْ نَجْوٰىكُمْ صَدَقٰتٍ ؕ— فَاِذْ لَمْ تَفْعَلُوْا وَتَابَ اللّٰهُ عَلَیْكُمْ فَاَقِیْمُوا الصَّلٰوةَ وَاٰتُوا الزَّكٰوةَ وَاَطِیْعُوا اللّٰهَ وَرَسُوْلَهٗ ؕ— وَاللّٰهُ خَبِیْرٌ بِمَا تَعْمَلُوْنَ ۟۠

දූතයාණන් සමග නුඹලා පුද්ගලිකව කතා කරන විට දානය පිළිගැන්වීම හේතුවෙන් දිළිඳුභාවයට නුඹලා බිය වන්නෙහු ද? අල්ලාහ් නියෝග කළ දෑ ඉටු කිරීමට නුඹලාට නොහැකි වූ විට එය අතහැර දැමීමට ඔහු නුඹලාට අවකාශය සලසා දී ඔහු නුඹලාට සමාව දුන්නේය. එහෙයින් නුඹලා සලාතය පූර්ණවත් පරිදි ඉටු කරනු. නුඹලාගේ ධනයෙන් සකාත් ගෙවනු. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. නුඹලා සිදු කරන දෑ පිළිබඳ සියලු තොරතුරු අල්ලාහ් දන්නේය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැගවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. info
التفاسير:

external-link copy
14 : 58

اَلَمْ تَرَ اِلَی الَّذِیْنَ تَوَلَّوْا قَوْمًا غَضِبَ اللّٰهُ عَلَیْهِمْ ؕ— مَا هُمْ مِّنْكُمْ وَلَا مِنْهُمْ ۙ— وَیَحْلِفُوْنَ عَلَی الْكَذِبِ وَهُمْ یَعْلَمُوْنَ ۟ۚ

අහෝ දූතය! ප්රතික්ෂේපය හා පිටුපෑම හේතුවෙන් අල්ලාහ්ගේ කෝපයට ලක් වූ යුදෙව්වන් තම මිතුරන් ලෙස ගත් කුහකයින් නුඹ නොදුටුවෙහි ද? එම කුහකයින් දේව විශ්වාසීන් සමගත් නැත. යුදෙව්වන් සමගත් නැත. ඔවුහු ඔවුන් වෙතත් මොවුන් වෙතත් කට්ටිපනිමින් කටයුතු කරති. සැබැවින්ම තමන් මුස්ලිම්වරුන් බවත් මුස්ලිම්වරුන්ගේ තොරතුරු යුදෙව්වන්ට දන්වා නොසිටින බවත් සහතික කර පවසති. නමුත් ඔවුන්ගේ දිවුරුමෙහි ඔවුන් බොරුකාරයෝය. info
التفاسير:

external-link copy
15 : 58

اَعَدَّ اللّٰهُ لَهُمْ عَذَابًا شَدِیْدًا ؕ— اِنَّهُمْ سَآءَ مَا كَانُوْا یَعْمَلُوْنَ ۟

මතුලොවෙහි ඔවුනට දැඩි දඬුවමක් අල්ලාහ් සූදානම් කර ඇත. එය ඔවුන් නිරා ගින්නේ පහත්ම තලයට ඇතුළත් කිරීමෙනි. මෙලොවෙහි ඔවුන් සිදුකරමින් පැමිණි දෙවියන් ප්රතික්ෂේප කරන ක්රියාවන් අශීලාචාරය විය. info
التفاسير:

external-link copy
16 : 58

اِتَّخَذُوْۤا اَیْمَانَهُمْ جُنَّةً فَصَدُّوْا عَنْ سَبِیْلِ اللّٰهِ فَلَهُمْ عَذَابٌ مُّهِیْنٌ ۟

දේව ප්රතික්ෂේපය හේතුකොට ගෙන තමන් ඝාතනය කරනු ලැබීමට බියෙන් දිවුරා පවසන්නට ගත්තෝය. ඔවුන්ගේ රුධිරය හා ඔවුන්ගේ ධනය ඔවුන් ආරක්ෂා කරනු පිණිස එසේ දිවුරා ඔවුන් ඉස්ලාමය මතුපිටින් පෙන්වීය. මුස්ලිම්වරුන් අධෛර්යට පත් කිරීමටත්, ඔවුන් දුර්වල කිරීමටත්, ඔවුන් කටයුතු කරමින් සිටි බැවින් ඔවුන් මිනිසුන් වෙනතකට යොමු කරන්නට තැත් කළෝය. ඔවුන් අවමානයට හා අපහාසයට පත් කරන නින්දනීය දඬුවමක් ඔවුනට ඇත. info
التفاسير:

external-link copy
17 : 58

لَنْ تُغْنِیَ عَنْهُمْ اَمْوَالُهُمْ وَلَاۤ اَوْلَادُهُمْ مِّنَ اللّٰهِ شَیْـًٔا ؕ— اُولٰٓىِٕكَ اَصْحٰبُ النَّارِ ؕ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟

ඔවුන්ගේ ධනය හෝ ඔවුන්ගේ දරුවන් අල්ලාහ්ගෙන් වූ කිසිවකට ප්රයෝජනවත් නොවීය. ඔවුන් නිරා ගින්නේ වැසියෝ වෙති. ඔවුන් එහි පිවිස සදා රුඳෙති. ඔවුන්ගෙන් දඬුවම විසන්ධි කරනු නොලැබේ. info
التفاسير:

external-link copy
18 : 58

یَوْمَ یَبْعَثُهُمُ اللّٰهُ جَمِیْعًا فَیَحْلِفُوْنَ لَهٗ كَمَا یَحْلِفُوْنَ لَكُمْ وَیَحْسَبُوْنَ اَنَّهُمْ عَلٰی شَیْءٍ ؕ— اَلَاۤ اِنَّهُمْ هُمُ الْكٰذِبُوْنَ ۟

අල්ලාහ් සියල්ලන් යළි අවදි කරන දින ප්රතිඵල පිරිනැමීම සඳහා ඔවුන් අතරින් කිසිවෙකු අවදි නොකරවා අතහැර දමන්නේ නැත. සැබැවින්ම තමන් දේව ප්රතික්ෂේපයේ හා කුහකත්වයේ නොසිටි බවත්, සැබැවින්ම තමන් අල්ලාහ්ට තෘප්තිය ගෙන දෙන දෑ ඉටු කරන දේව විශ්වාසීන් ලෙස සිටි බවත්, අල්ලාහ්ට දිවුරා පවසති. අහෝ විශ්වාස කළවුනි! සැබැවින්ම තමන් මුස්ලිම්වරුන් යැයි මෙලොවෙහි ඔවුන් නුඹලාට දිවුරා සිටියාක් මෙන් මතුලොවෙහි ඔහුට ඔවුහු දිවුරා සිටිති. සැබැවින්ම ඔවුන් අල්ලාහ්ට දිවුරා සිටින මෙම දිවුරුම තමන්ට යම් යහපතක් ගෙන දෙන හෝ අයහපත තමන්ගෙන් වළක්වන බව සිතති. දැන ගනු! මෙලොවෙහි ඔවුන් කළ දිවුරුමෙහි හා මතුලොව ඔවුන් කළ දිවුරුමෙහි ඔවුන් සැබෑ ලෙසින්ම මුසාවාදීහු වෙති. info
التفاسير:

external-link copy
19 : 58

اِسْتَحْوَذَ عَلَیْهِمُ الشَّیْطٰنُ فَاَنْسٰىهُمْ ذِكْرَ اللّٰهِ ؕ— اُولٰٓىِٕكَ حِزْبُ الشَّیْطٰنِ ؕ— اَلَاۤ اِنَّ حِزْبَ الشَّیْطٰنِ هُمُ الْخٰسِرُوْنَ ۟

ෂෙයිතාන් ඔවුන් මත ආධිපත්යය දැරීය. ඔහුගේ කුකුස හේතුවෙන් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් ඔවුන්ව වැළැක්වීය. එහෙයින් ඔහු පිළිගන්නා දෑ ඔවුහු නොකළෝය. ඔවුන් සිදු කළේ ඔහුට කෝපය ඇති කරන දෑය. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවූහු ඉබ්ලීස්ගේ සේනාව හා ඔහු ව අනුගමනය කළවුන් වෙති. දැනගනු! සැබැවින්ම ඉබ්ලීස්ගේ සේනාව හා ඔහු ව අනුගමනය කළවුන් වනාහි මෙලොව හා මතුලොව පරාජිතයෝ වෙති. සැබැවින්ම ඔවුන් මුළාව වෙනුවට යහමගත් නිරය වෙනුවට ස්වර්ගයත් විකුණා දැමීය. info
التفاسير:

external-link copy
20 : 58

اِنَّ الَّذِیْنَ یُحَآدُّوْنَ اللّٰهَ وَرَسُوْلَهٗۤ اُولٰٓىِٕكَ فِی الْاَذَلِّیْنَ ۟

සැබැවින්ම අල්ලාහ්ට සතුරු වූවන් හා ඔහුගේ දූතයාණන්ට සතුරු වූවන් වනාහි, මෙලොවෙහි හා මතුලොවෙහි අල්ලාහ් අවමානයට ලක් කළ පිරිස අතර ද, ඔහු නින්දාවට පත් කළ දේව ප්රතික්ෂේපිත සමූහයා අතර ද වෙති. info
التفاسير:

external-link copy
21 : 58

كَتَبَ اللّٰهُ لَاَغْلِبَنَّ اَنَا وَرُسُلِیْ ؕ— اِنَّ اللّٰهَ قَوِیٌّ عَزِیْزٌ ۟

අල්ලාහ් ඔහුගේ පූර්ව දැනුමෙහි, ‘අපගේ සතුරන්ට එරෙහිව මා හා මාගේ දූතයාණන් සැබැවින්ම ජය ගන්නෙමු' යැයි අල්ලාහ් තීන්දු කළේය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ දූතයාණන්ට උදව් කිරීමට ශක්තිය ඇත්තාය. සර්වබලධාරීය. ඔවුන්ගේ සතුරන්ගෙන් ඔහු පළි ගනු ඇත. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• لطف الله بنبيه صلى الله عليه وسلم؛ حيث أدَّب صحابته بعدم المشقَّة عليه بكثرة المناجاة.
•අධික ලෙස කතා කිරීම තුළින් නබිතුමන් දුෂ්කරතාවයට පත් නොවන සේ ඔහුගේ සගයින්හට විනය කියා දී අල්ලාහ් තම නබිවරයාට පෙන් වූ සෙනෙහස. info

• ولاية اليهود من شأن المنافقين.
•යුදෙව්වන් සමග ඇති කරගන්නා මිතුරුකම කුහකයින්ගේ කටයුත්තකි. info

• خسران أهل الكفر وغلبة أهل الإيمان سُنَّة إلهية قد تتأخر، لكنها لا تتخلف.
•දේවත්වය ප්රතික්ෂේප කරන්නන්ගේ පරාජය හා දේවත්වය විශ්වාස කරන්නන්ගේ ජයග්රහණය. එය දේව පිළිවෙතය. එය ප්රමාද වුව ද එහි වෙනසක් සිදු වන්නේ නැත. info

external-link copy
22 : 58

لَا تَجِدُ قَوْمًا یُّؤْمِنُوْنَ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ یُوَآدُّوْنَ مَنْ حَآدَّ اللّٰهَ وَرَسُوْلَهٗ وَلَوْ كَانُوْۤا اٰبَآءَهُمْ اَوْ اَبْنَآءَهُمْ اَوْ اِخْوَانَهُمْ اَوْ عَشِیْرَتَهُمْ ؕ— اُولٰٓىِٕكَ كَتَبَ فِیْ قُلُوْبِهِمُ الْاِیْمَانَ وَاَیَّدَهُمْ بِرُوْحٍ مِّنْهُ ؕ— وَیُدْخِلُهُمْ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَا ؕ— رَضِیَ اللّٰهُ عَنْهُمْ وَرَضُوْا عَنْهُ ؕ— اُولٰٓىِٕكَ حِزْبُ اللّٰهِ ؕ— اَلَاۤ اِنَّ حِزْبَ اللّٰهِ هُمُ الْمُفْلِحُوْنَ ۟۠

අහෝ දූතය! අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූ සතුරන් ප්රිය කරන, ඔවුන් සමීප ඇසුරට ගන්නා අල්ලාහ්ව විශ්වාස කරන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස කරන පිරිසක් නුඹ නොදකිනු ඇත. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූ සතුරන් ඔවුන්ගේ පියවරුන් වුව ද, ඔවුන්ගේ දරුවන් වුව ද, ඔවුන්ගේ සහෝදරයන් වුව ද, ඊට අදාළ ඔවුන්ගේ සමීප ඥාතීන් වුව ද එසේමය. ඊට හේතුව සැබැවින්ම දේව විශ්වාසය වනාහි, එය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට සතුරු වූවන් සමග සම්බන්ධකම් පැවැත්වීම වළක්වාලන බැවිණි. එමෙන්ම දේව විශ්වාසයේ සම්බන්ධතාව සෙසු සියලුම සම්බන්ධතාවන්ට වඩා උසස් වන බැවණි. විරුද්ධවන අවස්ථාවේ එයට ප්රමුඛත්වය දිය යුතු වන්නේය. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට සතුරුවූවන් -ඔවුන්ගේ සමීප ඥාතීන් වුවද- මිතුරන් ලෙස නොගත් අය වනාහි, ඔවුන්ගේ හදවත් තුළ අල්ලාහ් දේව විශ්වාසය ස්ථාපිත කළේය. එහෙයින් වෙනසක් සිදු නොවනු ඇත. ඔහුගෙන් වූ පැහැදිළි සාධක හා ආලෝකය මගින් ඔහු ඔවුන් ශක්තිමත් කර ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ග මාලිගා හා ගස්වලට පහළින් ගංගාවන් ගලා බස්නා අද්න් නම් උසස් ඝණයේ උයන්වලට ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත. ඔවුහු එහි සදාකල් වෙසෙති. එහි ඇති සුවපහසුකම් කිසිවිටක විසන්ධි වන්නේ නැත. ඒවා විනාශ වී යන්නේ ද නැත. අල්ලාහ් ඔවුන් පිළිගත්තේය. එය ඉන් පසු කිසිවිටෙක ඔවුන් සමග කෝප නොවන පිළිගැනීමකි. ඔවුනට පිරිනැමූ අහිමි වී නොයන සැප පහසුකම් වෙනුවෙන් ඔවුහු ද ඔහු ව පිළිගත්තෝය. ඔහු ව දැකීම ද ඒ අතරින් එකකි. සඳහන් කරනු ලැබූ දැයින් වර්ණනා කරනු ලැබූ මොවුහු, අල්ලාහ්ගේ නියෝග පිළිපදමින්, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් කටයුතු කළ අල්ලාහ්ගේ සේනාව වන්නේය. දැනගනු! සැබැවින්ම අල්ලාහ්ගේ සේනාව වන ඔවුහුමය මෙලොවෙහි හා මතුලොවෙහි ඔවුනට අත්වන බිහිසුණු දෙයින් මිදීමෙන් හා ඔවුන් අපේක්ෂා කරන දෑ ලබමින් ජයග්රහණය ලැබූවන් වන්නේ. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• المحبة التي لا تجعل المسلم يتبرأ من دين الكافر ويكرهه، فإنها محرمة، أما المحبة الفطرية؛ كمحبة المسلم لقريبه الكافر، فإنها جائزة.
•දේව ප්රතික්ෂේකයාගේ දහමින් නොමිදී, එය පිළිකුල් නොකරන ආදරයක් මුස්ලිම්වරයා ඇති කර නොගනී. එය තහනම් කරන ලද්දකි. නමුත් මුස්ලිම්වරයකු තම සමීපතම මුස්ලිම් නොවන කෙනෙකුට දක්වන සහජ ආදරය සැබැවින්ම එය අනුමතය. info

• رابطة الإيمان أوثق الروابط بين أهل الإيمان.
•දේව විශ්වාසයේ බැඳීම් දේව විශ්වාසීන් අතර පවතින බැඳීම් අතරින් වඩාත් බලවත් වන්නේය. info

• قد يعلو أهل الباطل حتى يُظن أنهم لن ينهزموا، فتأتي هزيمتهم من حيث لا يتوقعون.
•සැබැවින්ම තමන් පරාජයට පත් නොවන්නේ යැයි සිතන තරමට ව්යාජත්වයේ සිටින්නෝ උදම් අනති. ඔවුන් අපේක්ෂා නොකළ තත්ත්වයේ ඔවුන්ගේ පරාජය ඔවුන් වෙත පැමිණෙනු ඇත. info

• من قدر الله في الناس دفع المصائب بوقوع ما دونها من المصائب.
•ව්යසනයන් වැළැක්වීම සඳහා ඊට වඩා සුළු ව්යසනයක් ඇති කිරීම අල්ලාහ්ගේ නියමයකි. info