وَقَیَّضْنَا لَهُمْ قُرَنَآءَ فَزَیَّنُوْا لَهُمْ مَّا بَیْنَ اَیْدِیْهِمْ وَمَا خَلْفَهُمْ وَحَقَّ عَلَیْهِمُ الْقَوْلُ فِیْۤ اُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهِمْ مِّنَ الْجِنِّ وَالْاِنْسِ ۚ— اِنَّهُمْ كَانُوْا خٰسِرِیْنَ ۟۠
මෙම දේව ප්රතික්ෂේපකයින්හට අපි ෂෙයිතානුන්ගෙන් වූ සහචරයින් අනිවාර්යය ලෙස පෙළ ගැස්වූයෙමු. මෙලොවෙහි ඔවුන්ගේ ක්රියාවන් ඔවුහු ඔවුනට අලංකාරවත් කර පෙන්වූවෝය. මතු ලොව කටයුතු ඔවුන් ප්රමාද කිරීම ද ඔවුනට අලංකාරවත් කර පෙන්වූවෝය. ඒ ගැන සිහිපත් කිරීම හෝ ඒ සඳහා කටයුතු කිරීම ඔවුහු ඔවුනට අමතක කර දැමුවෝය. ඔවුනට පෙර ඉකුත් ව ගිය ජින්නුන් හා මිනිසුන් සමස්තය තුළ ඔවුනට ද දඬුවම අනිවාර්යය කළේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අපා ගින්නට පිවිසීමෙන් ඔවුන් හා ඔවුන්ගේ පවුල විනාශ කර ගත් පරාජිතයෝ වූහ.
التفاسير: