وَلَمَّا رَجَعَ مُوْسٰۤی اِلٰی قَوْمِهٖ غَضْبَانَ اَسِفًا ۙ— قَالَ بِئْسَمَا خَلَفْتُمُوْنِیْ مِنْ بَعْدِیْ ۚ— اَعَجِلْتُمْ اَمْرَ رَبِّكُمْ ۚ— وَاَلْقَی الْاَلْوَاحَ وَاَخَذَ بِرَاْسِ اَخِیْهِ یَجُرُّهٗۤ اِلَیْهِ ؕ— قَالَ ابْنَ اُمَّ اِنَّ الْقَوْمَ اسْتَضْعَفُوْنِیْ وَكَادُوْا یَقْتُلُوْنَنِیْ ۖؗ— فَلَا تُشْمِتْ بِیَ الْاَعْدَآءَ وَلَا تَجْعَلْنِیْ مَعَ الْقَوْمِ الظّٰلِمِیْنَ ۟
තවද මූසා තම සමූහයා වෙත දැඩි කෝපයෙන් හා දුකින් පැමිණ කල්හි ‘මගෙන් පසුව නුඹලා මා නියෝජනය කළ අයුරු නපුරු විය. නුඹලාගේ පරමාධිපතිගේ අණට (කලින්) නුඹලා ඉක්මන් වූයේ දැ? යි ඔහු ඇසී ය. තවද එතුමා (දේව පණිවිඩ සඳහන්) පලක බිම හෙළා තම සහෝදරයාගේ හිස අල්ලා, තමන් වෙතට ඇද්දේ ය. ‘මාගේ මවගේ පුතණුවනි! සැබැවින් ම මෙම සමූහයා මා දුර්වලයකු යැයි සිතූහ. මා මරා දැමීමට තැත් කළහ. එබැවින් නුඹ මා ගැන සතුරන් (ඉදිරියේ) සිනහවට ලක් නො කරනු. තවද අපරාධකාරී ජනයා සමඟ මා පත් නො කරනු. යැයි ඔහු (හාරූන්) කී ය.
التفاسير: