تِلْكَ الْقُرٰی نَقُصُّ عَلَیْكَ مِنْ اَنْۢبَآىِٕهَا ۚ— وَلَقَدْ جَآءَتْهُمْ رُسُلُهُمْ بِالْبَیِّنٰتِ ۚ— فَمَا كَانُوْا لِیُؤْمِنُوْا بِمَا كَذَّبُوْا مِنْ قَبْلُ ؕ— كَذٰلِكَ یَطْبَعُ اللّٰهُ عَلٰی قُلُوْبِ الْكٰفِرِیْنَ ۟
එම ගම්මාන වනාහි, ඒවායෙහි පුවත් ගැන අපි නුඹට දන්වමු. සැබැවින් ම ඔවුන්ගේ දූතවරු පැහැදිලි සාධක සමඟ ඔවුන් වෙත පැමිණියහ. එහෙත් ඔවුහු මීට පෙර බොරු කළ දෑ විශ්වාස කරන්නන් නො වූහ. දේව ප්‍රතික්ෂේපකයින්ගේ හදවත් මත අල්ලාහ් මුද්‍රා තබනුයේ මෙලෙස ය.
التفاسير: