የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
163 : 7

وَسْـَٔلْهُمْ عَنِ الْقَرْیَةِ الَّتِیْ كَانَتْ حَاضِرَةَ الْبَحْرِ ۘ— اِذْ یَعْدُوْنَ فِی السَّبْتِ اِذْ تَاْتِیْهِمْ حِیْتَانُهُمْ یَوْمَ سَبْتِهِمْ شُرَّعًا وَّیَوْمَ لَا یَسْبِتُوْنَ ۙ— لَا تَاْتِیْهِمْ ۛۚ— كَذٰلِكَ ۛۚ— نَبْلُوْهُمْ بِمَا كَانُوْا یَفْسُقُوْنَ ۟

අහෝ දූතය! මුහුද අසබඩ පිහිටි ගම්මානයක ජීවත් වූ තම මුතුන්මිත්තන්ට අත් වූ අල්ලාහ්ගේ දඬුවම පිළිබඳ යුදෙව්වන්ට මෙනෙහි කරමින් ඒ ගැන ඔවුන් ගෙන් විමසා සිටිනු. ඔවුනට සෙනසුරාදා දින මාළු බෑම තහනම් කිරීමෙන් පසු ඔවුන් එදින මාළු බා අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා කටයුතු කළෝය. සෙනසුරාදා දිනයේ මුහුද මතුපිටට මත්සයන් එන්නට සලස්වා අල්ලාහ් ඔවුන් පරීක්ෂාවට ලක් කළේය. වෙනත් දිනයන්හි එහි උන් පැමිණියේ නැත. එසේ අල්ලාහ් ඔවුන් පරීක්ෂාවට ලක් කළේ ඔවුන් පාපකම් සිදු කොට ඔහුට අවනත වීමෙන් ඔවුන් වූ හේතුවෙනි. නමුත් ඔවුන් වංචනික ව මසුන් ඇල්ලීම සඳහා වළ වල් හාරා දැල් එළන්නට කටයුතු කළෝය. සෙනසුරාදා දිනයෙහි මත්සයින් එහි හසු විය. ඉරිදා දින වූ විට ඒවා අල්ලා ගෙන ආහාරයට ගත්තෝය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الجحود والكفران سبب في الحرمان من النعم.
•ප්රතික්ෂේප කිරීම හා ගුණමකු වීම ආශිර්වාදය තහනම් වීමට හේතු වන්නේය. info

• من أسباب حلول العقاب ونزول العذاب التحايل على الشرع؛ لأنه ظلم وتجاوز لحدود الله.
•ආගමික කටයුතු වලදී වංචා කිරීම දඬුවම පහළ වීමේ හා වේදනාව ඇතිවීමේ කරුණු අතරින් එකකි. ඊට හේතුව සැබැවින්ම අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා කටයුතු කරමින් අරපාධයක් සිදු කර ඇති බැවිණි. info