የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

අල් කලම්

ከመዕራፉ ዓላማዎች:
شهادة الله للنبي بحسن الخُلق، والدفاع عنه وتثبيته.
නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට යහපත් ගතිගුණ ඇති බව අල්ලාහ් සාක්ෂි දැරීම, එතුමාණන්ව ආරක්ෂා කිරීම හා එතුමාණන්ව ස්ථාවරත්වයට පත් කිරීම. info

external-link copy
1 : 68

نٓ وَالْقَلَمِ وَمَا یَسْطُرُوْنَ ۟ۙ

‘නූන්’ සූරා අල් බකරා ආරම්භයෙහි මේ පිළිබඳ දැක්ම සඳහන් කොට ඇත. අල්ලාහ් පෑන මත දිවුරා සිටියි. එමෙන්ම මිනිසුන් ඔවුන්ගේ පෑනෙන් ලියන දෑ මත ද දිවුරා සිටියි. info
التفاسير:

external-link copy
2 : 68

مَاۤ اَنْتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُوْنٍ ۟ۚ

අහෝ දූතය, ඔබ වෙත අල්ලාහ් ආශිර්වාද කළ දූත මෙහෙවර හේතුවෙන් ඔබ උම්මතකයෙකු නොවේ. ආදේශ තබන්නන් පවසන අයුරින් ඔබ උම්මත්තභාවයෙන් නිදෝස් අයෙකි. info
التفاسير:

external-link copy
3 : 68

وَاِنَّ لَكَ لَاَجْرًا غَیْرَ مَمْنُوْنٍ ۟ۚ

සැබැවින්ම නුඹ දූත මෙහෙවර උසුලා මිනිසුන් වෙත ගෙන යන බැවින් නුඹට අඛණ්ඩ කුසල් ඇත. නුඹ කෙරෙහි (පමණක් මිස වෙනත්) කිසිවෙකුට (එවන්) පිරිනැමීමක් නැත. info
التفاسير:

external-link copy
4 : 68

وَاِنَّكَ لَعَلٰی خُلُقٍ عَظِیْمٍ ۟

සැබැවින්ම ඔබ අල් කුර්ආනය ගෙන දුන් මහඟු ගතිගුණ මත වන්නෙහිය. එහි ඇති දෑ අනුව ඔබ පූර්ණ ලෙස හැඩ ගැසී ඇත්තෙහිය. info
التفاسير:

external-link copy
5 : 68

فَسَتُبْصِرُ وَیُبْصِرُوْنَ ۟ۙ

ඔබ මතු දකිනු ඇත. එමෙන්ම එම බොරුකාරයින් ද දකිනු ඇත. info
التفاسير:

external-link copy
6 : 68

بِاَیِّىكُمُ الْمَفْتُوْنُ ۟

සත්යය හෙළි වන අවස්ථාවේ උමතුවෙන් සිටියේ කවුරුන් දැ?යි පැහැදිළි වනු ඇත. info
التفاسير:

external-link copy
7 : 68

اِنَّ رَبَّكَ هُوَ اَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِیْلِهٖ ۪— وَهُوَ اَعْلَمُ بِالْمُهْتَدِیْنَ ۟

අහෝ දූතය, සැබැවින්ම නුඹේ පරමාධිපතිගේ මාර්ගයෙන් හැරුණේ කවුදැයි ඔහු දනියි. ඒ වෙත මඟ ලැබූවන් පිළිබඳවත් මැනවින් දනියි. එහෙයින් සැබැවින්ම ඔවුන් එයින් නොමග ගියවුන් බවත් සැබැවින්ම ඔබ ඒ වෙත මග පෙන්වනු ලැබූ බවත් ඔහු දනී. info
التفاسير:

external-link copy
8 : 68

فَلَا تُطِعِ الْمُكَذِّبِیْنَ ۟

එහෙයින් අහෝ දූතය, නුඹ ගෙන ආ දෑ බොරු යැයි පවසන්නන්හට නුඹ අවනත නොවනු. info
التفاسير:

external-link copy
9 : 68

وَدُّوْا لَوْ تُدْهِنُ فَیُدْهِنُوْنَ ۟

දහම පිළිබඳ සැලකිලිමත්වීමේදී නුඹ ඔවුනට ලිහිල් කළෙහි නම් හෝ නම්යශීලී වූයෙහි නම්, ඔවුහු ද නුඹට ලිහිල් කරන්නටත් නම්යශීලී භාවය දක්වන්නටත් ප්රිය කරති. info
التفاسير:

external-link copy
10 : 68

وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَّهِیْنٍ ۟ۙ

ව්යාජ ලෙස අධික ව දිවුරා සිටින නීච සෑම කෙනෙකුටම ඔබ අවනත නොවනු. info
التفاسير:

external-link copy
11 : 68

هَمَّازٍ مَّشَّآءٍ بِنَمِیْمٍ ۟ۙ

ජනයාට අධික ලෙස දොස් නගන්නෙකි. ඔවුන් අතර බෙදුම් ඇති කිරීම සඳහා අධික ලෙස කේළාම් කියමින් සැරිසරන්නෙකි. info
التفاسير:

external-link copy
12 : 68

مَّنَّاعٍ لِّلْخَیْرِ مُعْتَدٍ اَثِیْمٍ ۟ۙ

අධික ලෙස යහපත වළක්වන්නෙකි. තම ධනය, තම වස්තුව හා තම ජීවිත සම්බන්ධයෙන් සීමාව ඉක්මවා කටයුතු කරන්නෙකි. අධික ලෙස පාපකම් හා වැරදි සිදු කරන්නෙකි. info
التفاسير:

external-link copy
13 : 68

عُتُلٍّۢ بَعْدَ ذٰلِكَ زَنِیْمٍ ۟ۙ

දැඩි මතධාරී වේළුණු සිතක් ඇත්තෙකි. ඔහුගේ සමාජයේ කිට්ටු ආශ්රයක් ඇත්තෙකු ලෙස කැඳවනු ලැබූවෙකි. info
التفاسير:

external-link copy
14 : 68

اَنْ كَانَ ذَا مَالٍ وَّبَنِیْنَ ۟ؕ

සැබැවින්ම ඔහු ධනය හා දරුවන් සහිත පුත්ගලයකු වූ බැවිනි. ඔහු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කිරීම සම්බන්ධයෙන් අහංකාරයෙකු විය. info
التفاسير:

external-link copy
15 : 68

اِذَا تُتْلٰی عَلَیْهِ اٰیٰتُنَا قَالَ اَسَاطِیْرُ الْاَوَّلِیْنَ ۟

ඔහු වෙත අපගේ වදන් පාරායනය කරනු ලබන විට ඔහු: ‘මුල්කාලීනයන් ගෙතූ පේළි කිහිපයකි’ යැයි පවසයි. info
التفاسير:

external-link copy
16 : 68

سَنَسِمُهٗ عَلَی الْخُرْطُوْمِ ۟

ඔහුගේ නාසය මත අපහාසාත්කම හා නොමැකෙන සළකුණක් තබන්නෙමු. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• اتصاف الرسول صلى الله عليه وسلم بأخلاق القرآن.
•දූතයාණන් අල් කුර්ආනයේ ගතිගුණවලින් සපිරුණු අයකු බව විස්තර කිරීම. info

• صفات الكفار صفات ذميمة يجب على المؤمن الابتعاد عنها، وعن طاعة أهلها.
•දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග, ඉතා පහත් නින්දනීය ගුණාංග වේ. එහෙයින් දේව විශ්වාසීන් එයින් දුරස්ව වීම හා ඊට අදාළ පුද්ගලයින්ට අවනත වීමෙන් දුරස්වීම අනිවාර්යය වේ. info

• من أكثر الحلف هان على الرحمن، ونزلت مرتبته عند الناس.
•අධික ලෙස දිවුරා සිටින්නා රහ්මාන් වන මහා කාරුණිකයාණන්හට අපහාස කළේය. ජනයා ඉදිරියේ ඔහුගේ නිලය විස්තර කරමින් කරුණු පහළ වී ඇත. info

external-link copy
17 : 68

اِنَّا بَلَوْنٰهُمْ كَمَا بَلَوْنَاۤ اَصْحٰبَ الْجَنَّةِ ۚ— اِذْ اَقْسَمُوْا لَیَصْرِمُنَّهَا مُصْبِحِیْنَ ۟ۙ

සැබැවින්ම දුප්පත් ජනයාට ආහාර නොලැබෙන පරිදි හදිසියේම තමන් උදෑසනම ඵල නෙළන්න ගිය වතු වාසීන් අපි පරීක්ෂාවට ලක් කළාක් මෙන් දෙවියන්ට ආදේශ තබන මොවුන්වද නියඟය හා සාගතයෙන් අපි පරීක්ෂාවට ලක් කළෙමු. info
التفاسير:

external-link copy
18 : 68

وَلَا یَسْتَثْنُوْنَ ۟

ඔවුන් ඔවුන්ගේ සපථය තුළ ඉන්ෂා අල්ලාහ් යන ප්රකාශය වෙන් කර පැවසුවේ නැත. info
التفاسير:

external-link copy
19 : 68

فَطَافَ عَلَیْهَا طَآىِٕفٌ مِّنْ رَّبِّكَ وَهُمْ نَآىِٕمُوْنَ ۟

ඒ වෙත අල්ලාහ් ගින්නක් එවීය. එහි හිමිකරුවන් නිදමින් සිටිය දී ගින්න එම වතු විනාශ කර දැමීය. ඇවිළෙන ගින්න වළක්වා ගැනීමට ඔවුනට නොහැකි විය. info
التفاسير:

external-link copy
20 : 68

فَاَصْبَحَتْ كَالصَّرِیْمِ ۟ۙ

එය අඳුරු රාත්රිය මෙන් කළු වී ගියේය. info
التفاسير:

external-link copy
21 : 68

فَتَنَادَوْا مُصْبِحِیْنَ ۟ۙ

උදෑසන කාලයේ ඔවුන් ඇතැමෙක් ඇතැමෙකු අමතන්නට විය. info
التفاسير:

external-link copy
22 : 68

اَنِ اغْدُوْا عَلٰی حَرْثِكُمْ اِنْ كُنْتُمْ صٰرِمِیْنَ ۟

"නුඹලා එහි අස්වැනු නෙළන්නට යන්නෙහු නම් දිළිඳුන් පැමිණීමට පෙර නුඹලාගේ අස්වැනු වෙත උදෑසනින්ම පිටත්ව යන්නැ"යි පවසා සිටියෝය. info
التفاسير:

external-link copy
23 : 68

فَانْطَلَقُوْا وَهُمْ یَتَخَافَتُوْنَ ۟ۙ

ඔවුහු ඇතැමෙක් ඇතැමෙකු සමග ඉතා පහත් හඬින් කතා කරමින් ඔවුන්ගේ ගොවිබිම වෙත විගස ගියෝය. info
التفاسير:

external-link copy
24 : 68

اَنْ لَّا یَدْخُلَنَّهَا الْیَوْمَ عَلَیْكُمْ مِّسْكِیْنٌ ۟ۙ

ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු ට, "අද දින කිසිදු දුප්පතෙකු නුඹලා සමග වතුයායට නොවිපිසිය යුතු යැ"යි පැවසීය. info
التفاسير:

external-link copy
25 : 68

وَّغَدَوْا عَلٰی حَرْدٍ قٰدِرِیْنَ ۟

ඔවුන්ගෙන් අස්වනු වළක්වා ගත හැකිය යන විශ්වාසය මත ඔවුහු උදෑසනම යුහුසුළුව ගියෝය. info
التفاسير:

external-link copy
26 : 68

فَلَمَّا رَاَوْهَا قَالُوْۤا اِنَّا لَضَآلُّوْنَ ۟ۙ

එය ගිනිබත් වී තිබෙනු ඔවුන් දෑසින් දුටු කල්හි ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට, "එහි මාර්ගය අපට වැරදී ඇතැ"යි පැවසීය. info
التفاسير:

external-link copy
27 : 68

بَلْ نَحْنُ مَحْرُوْمُوْنَ ۟

"එසේ නොව, අපට හිමි අස්වැන්නෙන් අපි දුප්පතුන් වළක්වාලීමට තීරණය කළ බැවින් එහි ඵලදාව නෙළා ගැනීමෙන් අප වළක්වනු ලැබූවෙමු." info
التفاسير:

external-link copy
28 : 68

قَالَ اَوْسَطُهُمْ اَلَمْ اَقُلْ لَّكُمْ لَوْلَا تُسَبِّحُوْنَ ۟

ඔවුන් අතර සිටි උදාර පුද්ගලයෙක්: 'ඒවා දිළිඳුන්ට තහනම් කිරීමට නුඹලා තීරණය කළ අවස්ථාවේ නුඹලා අල්ලාහ් ව සුවිශුද්ධ කර, ඔහු වෙත නුඹලා පාපක්ෂමාවෙහි නිරත විය යුතු නොවේද?' යැයි මම නුඹලාට නොපැවසුවෙම්ද?"යැයි පවසා සිටියේය. info
التفاسير:

external-link copy
29 : 68

قَالُوْا سُبْحٰنَ رَبِّنَاۤ اِنَّا كُنَّا ظٰلِمِیْنَ ۟

"අපගේ පරමාධිපති සුවිශුද්ධය.අපේ වතු ඵලදාවෙන් දුප්පත් දිළිඳු ජනතාව වැළැක්වීමට අපි තීරණය කළ අවස්ථාවේ සැබැවින්ම අපි අපටම අපරාධ කර ගත්තෙමු" යැයි ඔවුහු පැවසුවෝය. info
التفاسير:

external-link copy
30 : 68

فَاَقْبَلَ بَعْضُهُمْ عَلٰی بَعْضٍ یَّتَلَاوَمُوْنَ ۟

අපහාසාත්මක ලෙසින් ඔවුන් එකිනෙකාට කතා හුවමාරු කර ගනිමින් ඉදිරියට ආවෝය. info
التفاسير:

external-link copy
31 : 68

قَالُوْا یٰوَیْلَنَاۤ اِنَّا كُنَّا طٰغِیْنَ ۟

ඔවුන් කනස්සල්ලෙන්, "අහෝ අපට සිදු වූ අලාභහානිය. දුප්පත් දිළිඳු ජනතාවගේ උරුමය තහනම් කිරීමෙන් අපි සීමාව ඉක්මවා කටයුතු කර ඇත්තෙමු" යැයි පැවසූහ. info
التفاسير:

external-link copy
32 : 68

عَسٰی رَبُّنَاۤ اَنْ یُّبْدِلَنَا خَیْرًا مِّنْهَاۤ اِنَّاۤ اِلٰی رَبِّنَا رٰغِبُوْنَ ۟

අපගේ පරමාධිපතියාණන් මෙම වත්තට වඩා යහපත් දෙයක් අපට පෙරළා දිය හැකිය. සැබැවින්ම අපි අල්ලාහ් වෙත පමණක් කැමැත්තෙන් යොමු වෙමු. ඔහුගෙන් අපි සමාව අපේක්ෂා කරමු. ඔහුගෙන් යහපත පතමු. info
التفاسير:

external-link copy
33 : 68

كَذٰلِكَ الْعَذَابُ ؕ— وَلَعَذَابُ الْاٰخِرَةِ اَكْبَرُ ۘ— لَوْ كَانُوْا یَعْلَمُوْنَ ۟۠

පොෂණ සම්පත් වැළැක්වීමෙන් මෙම දඬුවම ඔවුනට අත්වූවාක් මෙන් අපට පිටුපාන්නන්හට ද දඬුවම් කරන්නෙමු. මතුලොව දඬුවම අති බිහිසුණුය. එහි බිහිසුණුකම හා සදාතනිකත්වය වටහා ගන්නේ නම් මැනවි. info
التفاسير:

external-link copy
34 : 68

اِنَّ لِلْمُتَّقِیْنَ عِنْدَ رَبِّهِمْ جَنّٰتِ النَّعِیْمِ ۟

අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු වැළැක් වූ දැයින් වැළකෙමින් අල්ලාහ් පිළිබඳ මතකයෙන් පසුවන මුත්තකීන්වරුන්හට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් එහි භුක්ති විදින සැප පහසුකම් සහිත ස්වර්ග උයන් ඇත. ඔවුන්ගේ සුවපහසුකම් විසන්ධි වන්නේ නැත. info
التفاسير:

external-link copy
35 : 68

اَفَنَجْعَلُ الْمُسْلِمِیْنَ كَالْمُجْرِمِیْنَ ۟ؕ

මක්කාවාසී අදේශ කරන්නන් සිතනවාක් මෙන් ප්රතිඵල පිරිනැමීමෙහි දෙවියන් ප්රතික්ෂේ කරන්නන් මෙන් මුස්ලිම්වරුන්ව අප පත් කරන්නෙමු ද? info
التفاسير:

external-link copy
36 : 68

مَا لَكُمْ ۫— كَیْفَ تَحْكُمُوْنَ ۟ۚ

අහෝ දෙවියන්ට ආදේශ තබන අයවලුනි! නුඹලාට කුමක් වීද? මෙම වංක හා වැරදි තීන්දුව නුඹලා තීරණය කරනුයේ කෙසේද? info
التفاسير:

external-link copy
37 : 68

اَمْ لَكُمْ كِتٰبٌ فِیْهِ تَدْرُسُوْنَ ۟ۙ

අවනත වන්නා හා පිටුපාන්නා අතර සමානකම් ඇති බවට නුඹලා කියවන පුස්තකයක් එහි නුඹලාට තිබේ ද? info
التفاسير:

external-link copy
38 : 68

اِنَّ لَكُمْ فِیْهِ لَمَا تَخَیَّرُوْنَ ۟ۚ

මතුලොවෙහි නුඹලා වෙනුවෙන් නුඹලා තෝරා ගන්නා යමක් එම පුස්තකයේ සැබැවින්ම නුඹලාට තිබේ ද? info
التفاسير:

external-link copy
39 : 68

اَمْ لَكُمْ اَیْمَانٌ عَلَیْنَا بَالِغَةٌ اِلٰی یَوْمِ الْقِیٰمَةِ ۙ— اِنَّ لَكُمْ لَمَا تَحْكُمُوْنَ ۟ۚ

නුඹලා වෙනුවෙන් නුඹලාට තීන්දු දිය හැකි යමක් නුඹලා සතු ව ඇතැයි අප වෙත තීන්දු කරන ලද ස්ථීර ගිවිසුම් නුඹලාට තිබේ ද? info
التفاسير:

external-link copy
40 : 68

سَلْهُمْ اَیُّهُمْ بِذٰلِكَ زَعِیْمٌ ۟ۚۛ

අහෝ දූතය, මෙම ප්රකාශය පවසන්නන්ගෙන්, ‘ඒ පිළිබඳ භාරකාරත්වය දරනුයේ ඔවුන්ගෙන් කවරෙකු දැ'යි විමසනු. info
التفاسير:

external-link copy
41 : 68

اَمْ لَهُمْ شُرَكَآءُ ۛۚ— فَلْیَاْتُوْا بِشُرَكَآىِٕهِمْ اِنْ كَانُوْا صٰدِقِیْنَ ۟

ප්රතිඵල පිරිනැමීමේ දී දෙවියන් විශ්වාස කරන්නන් සමග ඔවුන් සමානුපාතිකව පිරිනමන අල්ලාහ් නොවන වෙනත් හවුල්කරුවන් ඔවුනට සිටීද? එසේ නම් ප්රතිඵල පිරිනැමීමේදී දේව විශ්වාසීන් සමග ඔවුනට සමානුපාතිකව පිරිනමන හවුල් කරුවන් ඇතැයි වාද කරන ඔවුන් සත්යවාදීහු නම් ඔවුන්ගේ එම හවුල්කරුවන් ගෙන එත්වා! info
التفاسير:

external-link copy
42 : 68

یَوْمَ یُكْشَفُ عَنْ سَاقٍ وَّیُدْعَوْنَ اِلَی السُّجُوْدِ فَلَا یَسْتَطِیْعُوْنَ ۟ۙ

මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ අර්බුද හට ගැනේ. අපගේ පරමාධිපති ඔහුගේ කෙණ්ඩය නිරාවරණය කරයි. සුජූද් කිරීම සඳහා ජනයාට ඇරයුම් කරනු ලබයි. එවිට දෙවියන් විශ්වාස කළ මුඃමින්වරුන් සුජූද් කරන අතර දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හා කුහකයින් සුජූද් කිරීමට නොහැකිව රැඳී සිටිති. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• منع حق الفقير سبب في هلاك المال.
•දුප්පත් දිළිඳුන්ගේ උරුමය වළක්වා ලීම ධනය විනාශවී යෑමට හේතුවකි. info

• تعجيل العقوبة في الدنيا من إرادة الخير بالعبد ليتوب ويرجع.
•මෙලොවෙහි දඬුවම ඉක්මන් කිරීම යනු ගැත්තා පශ්චාත්තාපයේ යෙදී පාපයෙන් මිදීම යන යහපත අපේක්ෂා කිරීමක් වේ. info

• لا يستوي المؤمن والكافر في الجزاء، كما لا تستوي صفاتهما.
•දෙවියන් විශ්වාස කරන්නා හා දෙවියන් ප්රතික්ෂේප කරන්නා යන දෙදෙනාගේ ගතිගුණ එක හා සමාන නොවන්නාක් මෙන්ම ප්රතිඵල පිරිනැමීමේදී ද ඔවුන් දෙදෙනා සමාන නොවෙති. info

external-link copy
43 : 68

خَاشِعَةً اَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ؕ— وَقَدْ كَانُوْا یُدْعَوْنَ اِلَی السُّجُوْدِ وَهُمْ سٰلِمُوْنَ ۟

ඔවුන්ගේ බැල්ම පහත් ව පවතී. අවමානය හා අපහාසය ඔවුන් වෙළාගෙන තිබේ. ඔවුන් මෙලොවෙහි සුවෙන් සිටිය දී අල්ලාහ්ට සුජූද් කරන මෙන් ඔවුන්ගෙන් ඉල්ලීම් කරනු ලැබුවෝය. info
التفاسير:

external-link copy
44 : 68

فَذَرْنِیْ وَمَنْ یُّكَذِّبُ بِهٰذَا الْحَدِیْثِ ؕ— سَنَسْتَدْرِجُهُمْ مِّنْ حَیْثُ لَا یَعْلَمُوْنَ ۟ۙ

අහෝ දූතය, ඔබ වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය බොරු කරන්නන් මා සමග අතහැර දමනු. සැබැවින්ම එය සැළසුම් සහගත හා පිළිවෙලෙන් ඇති වන්නක් බව ඔවුන් නොහඳුනන පරිදි පියවරෙන් පියවර අපි ඔවුන් දඬුවම වෙත ගෙන යන්නෙමු. info
التفاسير:

external-link copy
45 : 68

وَاُمْلِیْ لَهُمْ ؕ— اِنَّ كَیْدِیْ مَتِیْنٌ ۟

ඔවුන් ඔවුන්ගේ පාපකමෙහි පැටලෙන්නට ටික කලක් මම ඔවුනට අවකාශය දෙමි. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හා බොරු කරන්නන් මත වූ මාගේ සැළසුම ඉතා බලවත්ය. එහෙයින් මගෙන් මිදීමට හෝ මාගේ දඬුවමින් නිදහස් වන්නට හෝ ඔවුනට නොහැක. info
التفاسير:

external-link copy
46 : 68

اَمْ تَسْـَٔلُهُمْ اَجْرًا فَهُمْ مِّنْ مَّغْرَمٍ مُّثْقَلُوْنَ ۟ۚ

අහෝ ධර්ම දූතය, ඔබ ඔවුන් කවර කරුණක් වෙත ඇරයුම් කරන්නෙහි ද ඒ සඳහා නුඹ යම් තිළිණයක් ඔවුන්ගෙන් පතා ඒ හේතුවෙන් බලවත් කරුණක් ඔවුන් උසුලා, නුඹව ඔවුන් පිටු දැකීමට එය හේතුවක් වීද? සිදු ව ඇත්තේ එයට පටහැනි දෙයකි. නුඹ ඔවුන්ගෙන් කිසිදු කුලියක් නො පතන්නෙහිය. එසේනම්, නුඹව අනුගමනය කිරීමෙන් ඔවුන් වළක්වාලන්නේ කුමක් ද? info
التفاسير:

external-link copy
47 : 68

اَمْ عِنْدَهُمُ الْغَیْبُ فَهُمْ یَكْتُبُوْنَ ۟

එසේ නැතහොත් ඔවුනට ගුප්ත ඥානය තිබී, කවර කරුණක් ඔවුන් ඔබ සමග වාද කරන්නේ ද එවන් සාධක අතරින් ඔවුනට අනුමත කරන යමක් ඔවුහු ලියන්නෝ ද? info
التفاسير:

external-link copy
48 : 68

فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُنْ كَصَاحِبِ الْحُوْتِ ۘ— اِذْ نَادٰی وَهُوَ مَكْظُوْمٌ ۟ؕ

අහෝ දූතය, ඔවුන් පියවරෙන් පියවර හසුකර ගැනීම සඳහා ඔවුන් අතහැර දමන මෙන් ඔබේ පරමාධිපති කළ තීන්දුව ගැන ඔබ ඉවසීමෙන් සිටිනු. තම සමූහයා අතරින් ඉවත් ව ගිය මත්සය කතාවට අදාළ යූනුස් අලය්හිස් සලාම් තුමා මෙන් ඔබ නොවනු. එවිට ඔහු මත්ස කුස අඳුරෙහි හා සාගර අඳුරෙහි පීඩාවට පත්ව තම පරමාධිපති ඇමතූහ. info
التفاسير:

external-link copy
49 : 68

لَوْلَاۤ اَنْ تَدٰرَكَهٗ نِعْمَةٌ مِّنْ رَّبِّهٖ لَنُبِذَ بِالْعَرَآءِ وَهُوَ مَذْمُوْمٌ ۟

අල්ලාහ්ගේ දයාව හා කරුණාව ඔහුට නොලැබුණේ නම් ඔහු ශාප කරනු ලැබ නිසරු භූමියකට එම මත්සයා ඔහුව ගොඩ දමන්නට තිබුණි. info
التفاسير:

external-link copy
50 : 68

فَاجْتَبٰىهُ رَبُّهٗ فَجَعَلَهٗ مِنَ الصّٰلِحِیْنَ ۟

ඔහුගේ පරමාධිපති ඔහු ව තෝරා ගෙන ඔහුගේ දැහැමි ගැත්තන් අතරට පත් කළේය. info
التفاسير:

external-link copy
51 : 68

وَاِنْ یَّكَادُ الَّذِیْنَ كَفَرُوْا لَیُزْلِقُوْنَكَ بِاَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَیَقُوْلُوْنَ اِنَّهٗ لَمَجْنُوْنٌ ۟ۘ

අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන් බොරු කළවුන් වනාහි, ඔවුන් නුඹ වෙත තියුණු හා දරුණු බැල්මක් හෙළා නුඹව හසු කරන්නට බලති. නමුත් නුඹ වෙත පහළ කරන ලද මෙම කුර්ආනයට ඔවුන් සවන් දුන් කල්හි ඔවුන් තම ආශාවන් පිළිපදිමින් සත්ය පිටු දකිමින් මෙය ගෙන ආ දූතයා උම්මත්තකයකු යැයි පවසති. info
التفاسير:

external-link copy
52 : 68

وَمَا هُوَ اِلَّا ذِكْرٌ لِّلْعٰلَمِیْنَ ۟۠

නුඹ වෙත පහළ කරන ලද අල් කුර්ආනය මිනිස් වර්ගයාට හා ජින් වර්ගයාට මෙනෙහි කිරීමක් හා උපදෙසක් මිස නැත. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الصبر خلق محمود لازم للدعاة وغيرهم.
•ඉවසීම ආගමික ඇරයුම් කටයුතුවල නිරත වන්නන් හා සෙසු අයට ද අනිවාර්යය වන ප්රශංසනීය ගුණාංගයකි. info

• التوبة تَجُبُّ ما قبلها وهي من أسباب اصطفاء الله للعبد وجعله من عباده الصالحين.
•පාපක්ෂමාවෙහි නිරත වීම ඊට කළින් පැවති දෑ ඉක්මවා යනු ඇත. තවද එය ගැත්තාට අල්ලාහ් තෝරා දුන් සාධකයකි. එය ඔහු ව දැහැමි ගැත්තන් අතරට පත් කරනු ඇත. info

• تنوّع ما يرسله الله على الكفار والعصاة من عذاب دلالة على كمال قدرته وكمال عدله.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හා පාපකම් සිදු කරන්නන් හට විවිධාකාර දඬුවම් අල්ලාහ් එවන්නේය. එය ඔහුගේ බලයේ පූර්ණභාවය හා සාධාරණත්වයේ පූර්ණ භාවය පෙන්වා දෙන්නකි. info