የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
90 : 6

اُولٰٓىِٕكَ الَّذِیْنَ هَدَی اللّٰهُ فَبِهُدٰىهُمُ اقْتَدِهْ ؕ— قُلْ لَّاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ اَجْرًا ؕ— اِنْ هُوَ اِلَّا ذِكْرٰی لِلْعٰلَمِیْنَ ۟۠

මෙම නබිවරුන් හා ඔවුන් සමගම මෙනෙහි කරනු ලැබූ ඔවුන්ගේ පියවරුන්, ඔවුන්ගේ දරුවන්, ඔවුන්ගේ සහෝදරවරුන් යන ඔවුන් සියලු දෙනා සැබෑ ලෙස යහමග ලැබූවෝ වෙති. එහෙයින් ඔබ ඔවුන් අනුගමනය කරනු. ඔවුන් පිළිපදිනු. අහෝ! දූතය, ඔබේ ප්රජාවට මෙසේ පවසනු. මෙම කුර්ආනය ඔබට දන්වා සිටීම වෙනුවෙන් මම ඔබෙන් කිසිදු කුලියක් නොඉල්ලමි. අල් කුර්ආනය, ජින් හා මිනිස් යන සියලු ලෝවැසියන් ඍජු මග වෙත හා නිවැරැදි මාර්ගය වෙත මග ලබන්නට අවස්ථාව සලසන උපදෙසක් මිස වෙනකක් නොවේ. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من فضائل التوحيد أنه يضمن الأمن للعبد، خاصة في الآخرة حين يفزع الناس.
•ඒකදේවත්වයේ මහිමය නම් එය ගැත්තාට ආරක්ෂාව සලසනු ඇත. විශේෂයෙන් මතු ලොවෙහි මිනිසුන් බියෙන් වෙව්ලමින් සිටින විට ඔවුන්ට ආරක්ෂාව හිමි වනු ඇත. info

• تُقَرِّر الآيات أن جميع من سبق من الأنبياء إنما بَلَّغوا دعوتهم بتوفيق الله تعالى لا بقدرتهم.
•පෙර පැමිණි සියලු නබිවරුන් ඔවුන් තම ඇරයුම ප්රකාශ කළේ අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් මිස ඔවුන්ගේ බලපුළුවන්කාරමින් නොවේ. info

• الأنبياء يشتركون جميعًا في الدعوة إلى توحيد الله تعالى مع اختلاف بينهم في تفاصيل التشريع.
නබිවරුන් වනාහි අගමික කටයුතුවල දී ඔවුනොවුන්ට හිමි වූ පිළිවෙත් වෙනස් වුවද අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඇරයුම් කිරීමේ දී ඔවුන් සියල්ලෝම එකම හවුල්කරුවෝ වෙති. info

• الاقتداء بالأنبياء سنة محمودة، وخاصة في أصول التوحيد.
•නබිවරුන් පිළිපැදීම ප්රශංසාලාභී පිළිවෙතකි. විශේෂයෙන් ඒකීයත්වයේ මූලික කරුණු වලදී එසේ පිළිපැදිය යුතුය. info