የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
11 : 59

اَلَمْ تَرَ اِلَی الَّذِیْنَ نَافَقُوْا یَقُوْلُوْنَ لِاِخْوَانِهِمُ الَّذِیْنَ كَفَرُوْا مِنْ اَهْلِ الْكِتٰبِ لَىِٕنْ اُخْرِجْتُمْ لَنَخْرُجَنَّ مَعَكُمْ وَلَا نُطِیْعُ فِیْكُمْ اَحَدًا اَبَدًا ۙ— وَّاِنْ قُوْتِلْتُمْ لَنَنْصُرَنَّكُمْ ؕ— وَاللّٰهُ یَشْهَدُ اِنَّهُمْ لَكٰذِبُوْنَ ۟

අහෝ දූතය! දේව ප්රතික්ෂේපය සඟවා, දේව විශ්වාසය මතුපිටින් පෙන්වන කුහකයින් දෙස නුඹ නොබැලුවෙහි ද? විකෘති කරන ලද තව්රාතය පිළිපැද්දා වූ යුදෙව්වන් අතර සිටි දේව ප්රතික්ෂේපයේ සහෝදරයින්හට ඔවුහු, ‘නුඹලා නුඹලාගේ නිවෙස් තුළම රැඳී සිටිනු. කිසිවිටෙක අපි නුඹලාව පහත් නොකරන්නෙමු. නුඹලා ව යටත් නොකරන්නෙමු. මුස්ලිම්වරු නුඹලා ව එයින් පිටුවහල් කළේ නම්, නුඹලා සමග එක් ව අපද පිටත් වෙමු. නුඹලා සමග පිටත්වීම අප වළක්වන්නට සිතන කිසිවෙකුට අපි අවනත නොවෙමු. ඔවුන් නුඹලා සමග සටන් කළේ නම් ඔවුනට විරුද්ධව අපි නුඹලාට උදව් කරමු.' යැයි පවසා සිටියෝය. යුදෙව්වන් පිටුවහල් කරනු ලැබුවේ නම් ඔවුන් සමග තමන් ද බැහැරව එන බවටත්, ඔවුන් සටන් කරනු ලැබුවේ නම් ඔවුන් සමග එක්ව සටන් කරන බවටත් එම කුහකයින් කරන වාදයේ සැබැවින්ම ඔවුන් බොරුකාරයින් බව අල්ලාහ් සාක්ෂි දරනු ඇත. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• رابطة الإيمان لا تتأثر بتطاول الزمان وتغير المكان.
•දේව විශ්වාසයේ බැඳීම කාලය දීර්ග වීමෙන් හෝ ස්ථාන වෙනස්වීමෙන් බලපාන්නේ නැත. info

• صداقة المنافقين لليهود وغيرهم صداقة وهمية تتلاشى عند الشدائد.
•කුහකයන්, යුදෙව්වන් හා ඔවුන් හා සමාන වෙනත් අය සමඟ පවතින මිත්රත්වය දුෂ්කර අවස්ථාවන්හි මැකී යන ව්යාජ මිත්රත්වයකි. info

• اليهود جبناء لا يواجهون في القتال، ولو قاتلوا فإنهم يتحصنون بِقُرَاهم وأسلحتهم.
•යුදෙව්වන් බියගුල්ලන් වන අතර සටන් කිරීමේදී ඔවුන් මුහුණට මුහුණ සටන් නොවදිති. ඔවුන් සටන් කරන්නේ නම් ඔවුන්ගේ ගම්මාන සහ ආයුධ වලින් ආරක්ෂාව සලසා ගනිති. info