የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
52 : 33

لَا یَحِلُّ لَكَ النِّسَآءُ مِنْ بَعْدُ وَلَاۤ اَنْ تَبَدَّلَ بِهِنَّ مِنْ اَزْوَاجٍ وَّلَوْ اَعْجَبَكَ حُسْنُهُنَّ اِلَّا مَا مَلَكَتْ یَمِیْنُكَ ؕ— وَكَانَ اللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ رَّقِیْبًا ۟۠

අහෝ දූතය! නුඹේ රැකවරණය තුළ සිටින නුඹේ බිරියන් හැර වෙනත් කාන්තාවන් විවාහ කර ගැනීම නුඹට අනුමත නොවන්නේය. එමෙන්ම ඔවුන් දික්කසාද කිරීම හෝ ඔවුන්ගෙන් ඇතැමෙකු දික්කසාද කොට ඔවුන් හැර (ඔවුන්ගේ ස්ථානයේ) වෙනත් කාන්තාවන් ගැනීම ද නුඹට අනුමත නොවන්නේය. ඔවුන් හැර එම කාන්තාවන් නුඹ විවාහ කර ගැනීම නුඹ ප්රිය කරන පරිදි ඔවුන් අලංකාරයෙන් නුඹ ව මවිත කළ ද, නුඹට අනුමත නොවන්නේය. නමුත් නියමිත ප්රමාණයක් සීමා කිරීමෙන් තොරව නුඹේ දකුණත් හිමිකරගත් වහලියන් සමග පහස විඳීමට නුඹට අනුමැතිය ඇත. සියලු දෑ කෙරෙහි අල්ලාහ් ආරක්ෂාවෙන් බලා සිටියි. මෙම නීතිය දේව විශ්වාසීන්ගේ මව්වරුන්ගේ මහිමය පෙන්වා දෙයි. ඔවුන් දික්කසාද කරනු ලැබීමත් ඔවුන් වෙත විවාහ යෝජනා කිරීමත් තහනම් කරනු ලැබ ඇත. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عظم مقام النبي صلى الله عليه وسلم عند ربه؛ ولذلك عاتب الصحابة رضي الله عنهم الذين مكثوا في بيته صلى الله عليه وسلم لِتَأَذِّيه من ذلك.
•තම පරමාධිපති අබියස සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ නිලයේ මහිමය. එබැවින් ඔහු එතුමාගේ නිවසේ රැදී සිටි එතුමාගේ අනුගාමිකයින් හට අවවාද කළේය. මන්ද එය එතුමාණන්ට අපහසුතාවක් ගෙන දෙන බැවිනි. info

• ثبوت صفتي العلم والحلم لله تعالى.
•උත්තරීතර අල්ලාහ් සතු ඥානය හා සෙනෙහෙවන්තභාවය යන ගුණාංග දෙක තහවුරු කිරීම. info

• الحياء من أخلاق النبي صلى الله عليه وسلم.
•ලැජ්ජාව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ චරිතය විය. info

• صيانة مقام أمهات المؤمنين زوجات النبي صلى الله عليه وسلم.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරියන් වන ‘උම්මහාතුල් මුඃමිනීන්’ හෙවත් දේව විශ්වාසීන්ගේ මව්වරුන්ගේ නිලය ආරක්ෂා කිරීම. info