የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
14 : 31

وَوَصَّیْنَا الْاِنْسَانَ بِوَالِدَیْهِ ۚ— حَمَلَتْهُ اُمُّهٗ وَهْنًا عَلٰی وَهْنٍ وَّفِصٰلُهٗ فِیْ عَامَیْنِ اَنِ اشْكُرْ لِیْ وَلِوَالِدَیْكَ ؕ— اِلَیَّ الْمَصِیْرُ ۟

තම දෙමාපියන්ට අවනත වන මෙන් ද, අල්ලාහ් වෙනුවෙන් පාපයක් සිදු නොවන ක්රියාවන්හි ඔවුන් දෙපළට ඇප උපස්ථාන කරන මෙන් ද අපි මිනිසාට උපදෙස් දුනිමු. ඔහුගේ මව දුෂ්කතරාවකින් පසු දුෂ්කරතාවකට මුහුණ දෙමින් ඇයගේ කුස තුළ ඔහු ව ඉසිළුවාය. වසර දෙකක කාලය තුළ කිරි දී අවසන් කළාය. තවද අපි ඔහුට මෙසේ පැවසුවෙමු. "නුඹ වෙත කවර ආශිර්වාදයක් අල්ලාහ් පිරිනමා ඇත්තේ ද ඒ සඳහා නුඹ ඔහු ට කෘතඥ වනු. පසු ව නුඹව ඇති දැඩි කිරීමෙහි හා නුඹ ව රැකබලාගැනීමෙහි නිරත වූ නුඹේ දෙමව්පියන්ට කෘතඥ වනු. නැවත හැරීම ඇත්තේ මා වෙතය. එවිට ඒ සෑම කෙනෙකු වෙනුවෙන්ම ඔවුනොවුන්ට සුදුසු ප්රතිඵල මම පිරිනමමි." info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• لما فصَّل سبحانه ما يصيب الأم من جهد الحمل والوضع دلّ على مزيد برّها.
•ගර්භණීභාවය, දරු ප්රසූතිය යනාදී මවට උදාවන දුෂ්කරතාවන් පිළිබඳ අල්ලාහ් පැහැදිලි කිරීම ඇයට අධික ලෙස ඇප උපස්ථාන කළ යුතු බව පෙන්වා දෙයි. info

• نفع الطاعة وضرر المعصية عائد على العبد.
•අවනත වීමෙන් සිදු වන පල ප්රයෝජන හා පාපකම් කිරීමෙන් සිදු වන හිංසනය ගැත්තා මත හැරී එනු ඇත. info

• وجوب تعاهد الأبناء بالتربية والتعليم.
•දරුවන්ට උගන්වමින් පුරුදු පුහුණු කරමින් ඔවුන් රැකබලා ගැනීමේ අනිවාර්යභාවය. info

• شمول الآداب في الإسلام للسلوك الفردي والجماعي.
•පුද්ගල මෙන්ම සමාජීය ගමනට ඉස්ලාමය තුළ අන්තර්ගත වන විනයන්. info