የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
27 : 24

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَدْخُلُوْا بُیُوْتًا غَیْرَ بُیُوْتِكُمْ حَتّٰی تَسْتَاْنِسُوْا وَتُسَلِّمُوْا عَلٰۤی اَهْلِهَا ؕ— ذٰلِكُمْ خَیْرٌ لَّكُمْ لَعَلَّكُمْ تَذَكَّرُوْنَ ۟

අහෝ අල්ලාහ්ව විශ්වාස කොට, ඔහුගේ පිළිවෙත අනුව කටුයුතු කළවුනි! නුඹලාගේ නිවෙස් නොවන වෙනත් නිවෙස්වලට එහි නිවැසියන් අතරට පිවසීමට පෙර, "අස්සලාමු අලයිකුම්! මම ඇතුලු වන්නදැ?"යි පවසමින් නුඹලා ඔවුන් වෙත සලාම් පවසා ඔවුන්ගෙන් අවසර පතන තුරු නුඹලා ඇතුලු නොවනු. නුඹලාට අණ කරන ලද දෑ මෙනෙහි කරමින් එය පිළිපැදිය හැකිවනු පිණිස නුඹලාට නියෝග කරන ලද එම අවසර පැතීම එකවර ඇතුලු වීමට වඩා නුඹලාට උතුම්ය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• إغراءات الشيطان ووساوسه داعية إلى ارتكاب المعاصي، فليحذرها المؤمن.
•ෂෙයිතාන්ගේ පෙළඹවීම් හා ඔහුගේ කුකුස් පාපකම් කිරීම සඳහා ඇරයුම් කරනු ඇත. එහෙයින් දේව විශ්වාසියා එයින් ප්රවේශම් විය යුතුයි. info

• التوفيق للتوبة والعمل الصالح من الله لا من العبد.
•තව්බාව නොහොත් පාපක්ෂමාව හා දැහැමි ක්රියාවන් සඳහා ආශිර්වාදය හිමි වනුයේ අල්ලාහ්ගෙනි. ගැත්තන්ගෙන් නොවෙයි. info

• العفو والصفح عن المسيء سبب لغفران الذنوب.
•නපුරා ගැන නොතකා ඔහුට සමාව දීම තම පාපකම්වලට සමාව ලැබීමට හේතුවක් වන්නේය. info

• قذف العفائف من كبائر الذنوب.
•පතිවත රකින නිරිමල කාන්තාවන්හට අවලාද නැගීම මහා පාපයකි. info

• مشروعية الاستئذان لحماية النظر، والحفاظ على حرمة البيوت.
•බැල්ම ආරක්ෂා කිරීම සඳහාත් නිවසේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහාත් අවසර පැතීම දහම්ගත කොට ඇත. info