የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
28 : 22

لِّیَشْهَدُوْا مَنَافِعَ لَهُمْ وَیَذْكُرُوا اسْمَ اللّٰهِ فِیْۤ اَیَّامٍ مَّعْلُوْمٰتٍ عَلٰی مَا رَزَقَهُمْ مِّنْ بَهِیْمَةِ الْاَنْعَامِ ۚ— فَكُلُوْا مِنْهَا وَاَطْعِمُوا الْبَآىِٕسَ الْفَقِیْرَ ۟ؗ

පාපක්ෂමාව, තිළිණ හිමි කර ගැනීම, පිවිතුරු වදන ඒකීයකරණය හා වෙනත් ඔවුනට ඵල දෙන ප්රයෝජනය ලබනු පිණිසත්, නියමිත දිනයන්හි ඔවුන්ගේ සතුන් කැප කිරීමේදී අල්ලාහ්ගේ නාමය ඔවුන් මෙනෙහි කරනු පිණිසත්ය. එනම් දුල් හජ් මාසයේ දස වැනි දින හා ඉන් පසු පැමිණෙන දින තුනය. එය අල්ලාහ් වෙනුවෙන් ඔවුනට පිරිනැමූ ඔටුවන් ගවයන් හා එළුවන් සඳහා කෘතඥතාව පුද කිරීමක් වශයෙන්ය. එහෙයින් එම කැප කිරීමෙන් නුඹලා අනුභව කරනු. දරිද්රතාවෙන් පෙළෙන දිළිඳුන් හට එයින් ආහාර සපයනු. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• حرمة البيت الحرام تقتضي الاحتياط من المعاصي فيه أكثر من غيره.
•ශුද්ධ වූ නිවස සතු ගෞරවය, වෙනත් අවස්ථාවන්වල සිදුවන පාපකම් වලට වඩා අධිකව ප්රවේසම් වීමේ අවශ්යතාව මෙහිදී ඇති කරයි. info

• بيت الله الحرام مهوى أفئدة المؤمنين في كل زمان ومكان.
•ශුද්ධ වූ අල්ලාහ්ගේ නිවස වනාහි, සෑම කාලයකම හා සෑම ස්ථානයකම සිටින දේවත්වය විශ්වාස කරන්නන්ගේ හදවත් ආශා කරන තැනකි. info

• منافع الحج عائدة إلى الناس سواء الدنيوية أو الأخروية.
•හජ් හි ප්රතිලාභ, ඒවා ලෞකික හෝ මතුලොව ප්රතිලාභ වුව ද ජනයා වෙත හැරී එනු ඇත. info

• شكر النعم يقتضي العطف على الضعفاء.
•ආශිර්වාදවලට කෘතවේදී වීම දුර්වලයින්හට කරුණාව දැක්වීමට නියම කරයි. info