የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
57 : 2

وَظَلَّلْنَا عَلَیْكُمُ الْغَمَامَ وَاَنْزَلْنَا عَلَیْكُمُ الْمَنَّ وَالسَّلْوٰی ؕ— كُلُوْا مِنْ طَیِّبٰتِ مَا رَزَقْنٰكُمْ ؕ— وَمَا ظَلَمُوْنَا وَلٰكِنْ كَانُوْۤا اَنْفُسَهُمْ یَظْلِمُوْنَ ۟

මහපොළොවේ නුඹලා ඔබමොබ සැරිසරමින් සිටි කල්හි හිරු රෂ්ණයෙන් මිදීම සඳහා නුඹලා වෙත හෙවණ ගෙන දෙන වළාකුළු එවා අපි නුඹලාට ආශිර්වාද කළෙමු. තවද අපගේ ආශිර්වාදයක් ලෙස මී පැණිවලට සමාන පැණිබීම ද වටු කුරුල්ලන්ට සමාන නැවුම් මාංශ සහිත කුඩා කුරුළු වර්ගයක් ද පහළ කළෙමු. ‘නුඹලාට අපි පෝෂණය කළ දැයින් නුඹලා අනුභව කරනු. මෙම ආශිර්වාද හෙළා දැක ප්රතික්ෂේප කිරීමෙන් නුඹලා අපට කිසිදු අඩුවක් නොකරනු. යැයි අපි නුඹලාට පැවසුවෙමු. නමුත් ඔවුන් ඔවුන්ට ලැබුණු තිළිණය පිළිබඳ අඩුපාඩු කියමින් ඔවුන්ට අත් වූ ඉරණම පිළිබඳ පැමිණිලි කරමින් ඔවුන් ඔවුන්ටම අපරාධ කර ගත්තෝය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عِظَمُ نعم الله وكثرتها على بني إسرائيل، ومع هذا لم تزدهم إلا تكبُّرًا وعنادًا.
ඉස්රාඊල් දරුවන් වෙත අල්ලාහ් ආශිර්වාද බොහෝමයක් පිරිනමා තිබිණ. නමුත් එය ඔවුන්ගේ දඩබ්බරකම හා උඩඟුකම මිස වෙන කිසිවක් වර්ධනය කළේ නැත. info

• سَعَةُ حِلم الله تعالى ورحمته بعباده، وإن عظمت ذنوبهم.
•ගැත්තන් සිදු කරන පාපකම් අතිමහත් වූවත් ඔවුන් කෙරෙහි දක්වන අල්ලාහ්ගේ දයාවේ හා කරුණාවේ විශාලත්වය. info

• الوحي هو الفَيْصَلُ بين الحق والباطل.
• වහී හෙවත් දිව්ය පණිවිඩ සත්යය හා අසත්යය අතර වෙන් කරන නිර්ණායකයයි. info