የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
48 : 2

وَاتَّقُوْا یَوْمًا لَّا تَجْزِیْ نَفْسٌ عَنْ نَّفْسٍ شَیْـًٔا وَّلَا یُقْبَلُ مِنْهَا شَفَاعَةٌ وَّلَا یُؤْخَذُ مِنْهَا عَدْلٌ وَّلَا هُمْ یُنْصَرُوْنَ ۟

තවද නුඹලා නියෝග පිළිපැද, තහනම් දෙයින් වැළකී, නුඹලා හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවම අතර ආරක්ෂාව එමගින් සලසා ගනු. එදින කිසිවෙක් කිසිවකුට ඵලක් වන්නේ නැත. එදින අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව යම් හිංසනයකින් වළක්වාලන්නට හෝ යම් යහපතක් කිරීමට හෝ කිසිවකුගේ මැදිහත් වීමක් පිළිගනු නොලබනු දිනයකි. පොළොව පිරෙන්නට රන් තිබී, ඒ සියල්ල වන්දි වශයෙන් ලබා දුන්න ද ඒවා පිළිගනු නොලබන දිනයකි. එදින කිසිදු උදව්කරුවකු ඔවුනට නැත. එමෙන්ම කිසිදු මැදිහත්කරුවකු හෝ ඇපකරුවකු හෝ ඔවුනට නැත. එසේ ඔවුනට මැදිහත් කරුවකු, උදව්කරුවකු, ඇපකරුවකු හෝ නොමැති නම් ඔවුන් පළා යා හැක්කේ කවර ස්ථානයකට ද? info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من أعظم الخذلان أن يأمر الإنسان غيره بالبر، وينسى نفسه.
• මහත් කණගාටුවට කරුණක් වනුයේ මිනිසා තමන් ගැන අමතක කර දමමින් සෙසු අයට යහපත සිදු කරන මෙන් නියෝග කර සිටීමය. info

• الصبر والصلاة من أعظم ما يعين العبد في شؤونه كلها.
• ගැත්තකු තම සියලුම කටයුතු වලදී උපකාර පැතීමට ඇති ශ්රේෂ්ඨතම මාධ්යය වනුයේ ඉවසීම හා සලාතයයි. info

• في يوم القيامة لا يَدْفَعُ العذابَ عن المرء الشفعاءُ ولا الفداءُ، ولا ينفعه إلا عمله الصالح.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පුද්ගලයකුට නියම වූ දඬුවම වළක්වාලන්නට මැදිහත්කරුවන් හෝ ඇපකරුවන් හෝ නැත. තමන් සිදු කළ දහැමි දෑ හැර වෙන කිසිවක් ඔහුට ප්රයෝජනවත් වන්නේ නැත. info