የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
40 : 2

یٰبَنِیْۤ اِسْرَآءِیْلَ اذْكُرُوْا نِعْمَتِیَ الَّتِیْۤ اَنْعَمْتُ عَلَیْكُمْ وَاَوْفُوْا بِعَهْدِیْۤ اُوْفِ بِعَهْدِكُمْ ۚ— وَاِیَّایَ فَارْهَبُوْنِ ۟

අහෝ අල්ලාහ්ගේ නබිවරයකු වී සිටි යඃකූබ්ගේ දරුවනි! අඛණ්ඩව ඔබ වෙත අල්ලාහ් පිරිනමා තිබූ ආශිර්වාද ගැන මදක් මෙනෙහි කර බලනු. ඒ සඳහා නුඹලා තුතිවන්ත වනු. මා ගැන විශ්වාස කිරීම, මාගේ දූතයාණන් විශ්වාස කිරීම හා මාගේ පිළිවෙත ක්රියා කිරීම යනාදී සම්බන්ධයෙන් නුඹලා සමඟ මා ඇති කර ගත් ගිවිසුම නුඹලා ඉටු කරනු. එසේ නුඹලා එය ඉටු කර සිටියේ නම් මෙලොව යහපත් ජීවිතයක් මෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ යහපත් ප්රතිඵල වැනි නුඹලා වෙත මා විසින් කර ඇති පොරොන්දු මම ඉටු කර දෙමි. එහෙයින් මට පමණක් බියවනු. මාගේ ගිවිසුම කඩ නොකරනු. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من أعظم الخذلان أن يأمر الإنسان غيره بالبر، وينسى نفسه.
• මහත් කණගාටුවට කරුණක් වනුයේ මිනිසා තමන් ගැන අමතක කර දමමින් සෙසු අයට යහපත සිදු කරන මෙන් නියෝග කර සිටීමය. info

• الصبر والصلاة من أعظم ما يعين العبد في شؤونه كلها.
• ගැත්තකු තම සියලුම කටයුතු වලදී උපකාර පැතීමට ඇති ශ්රේෂ්ඨතම මාධ්යය වනුයේ ඉවසීම හා සලාතයයි. info

• في يوم القيامة لا يَدْفَعُ العذابَ عن المرء الشفعاءُ ولا الفداءُ، ولا ينفعه إلا عمله الصالح.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පුද්ගලයකුට නියම වූ දඬුවම වළක්වාලන්නට මැදිහත්කරුවන් හෝ ඇපකරුවන් හෝ නැත. තමන් සිදු කළ දහැමි දෑ හැර වෙන කිසිවක් ඔහුට ප්රයෝජනවත් වන්නේ නැත. info