የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
237 : 2

وَاِنْ طَلَّقْتُمُوْهُنَّ مِنْ قَبْلِ اَنْ تَمَسُّوْهُنَّ وَقَدْ فَرَضْتُمْ لَهُنَّ فَرِیْضَةً فَنِصْفُ مَا فَرَضْتُمْ اِلَّاۤ اَنْ یَّعْفُوْنَ اَوْ یَعْفُوَا الَّذِیْ بِیَدِهٖ عُقْدَةُ النِّكَاحِ ؕ— وَاَنْ تَعْفُوْۤا اَقْرَبُ لِلتَّقْوٰی ؕ— وَلَا تَنْسَوُا الْفَضْلَ بَیْنَكُمْ ؕ— اِنَّ اللّٰهَ بِمَا تَعْمَلُوْنَ بَصِیْرٌ ۟

නුඹලා ඔවුනට නිශ්චිත මහර් ප්රමාණය නියම කර තිබියදී ඔවුන් සමග නුඹලා ලිංගික ව හැසිරීමට පෙර නුඹලා ඔවුන් දික්කසාද කළේ නම් ඔවුන් වෙත නියම කළ මහර් නම් විවාහ ත්යාගයෙන් අඩක් භාරදීම නුඹලා කෙරෙහි පැවරෙනු ඇත. නමුත් එහිදී, - යහමග ලැබූ කාන්තාවන් නම් - ඒවා නොලබාම අතහැර දැමීමත් සම්පූර්ණ මහර් ප්රමාණය සැමියන් විසින් ඔවුන් වෙනුවෙන් අතහැර දැමීමත් අතිශයෝක්තියකි. නුඹලා අතර තිබෙන යුතුකම් වල එකිනෙකාට ඉඩහරිමින් කටයුතු කිරීම් අල්ලාහ් වෙත දක්වන බැතිමත්කම හා අවනතභාවයට වඩාත් සමීප වූවකි. මෙය අත නොහරිනු. අහෝ ජනයිනි! නුඹලාගේ යුතුකම් වලදී එකිනෙකාට ඉඩහැර කටයුතු කරනු. සැබැවින්ම නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂකය. ඒ සඳහා අල්ලාහ්ගෙන් කුසල් ලබන්නට යහපත් දේ හුවමාරු කිරීමට වෙහෙස දරනු. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• مشروعية العِدة على من توفي عنها زوجها بأن تمتنع عن الزينة والزواج مدة أربعة أشهر وعشرة أيام.
•මිය යෑමෙන් සැමියා අහිමි වූ කාන්තාව හැඩ අලංකාර කර ගැනීමෙන් හා විවාහයක් සිදු කර ගැනීමෙන් වැළකී ඉද්දා හෙවත් මාස හතරක් හා දින දහයක පොරොත්තු කාලයක් රැඳී සිටීම ආගමානුගත කොට ඇත. info

• معرفة المؤمن باطلاع الله عليه تَحْمِلُه على الحذر منه تعالى والوقوف عند حدوده.
•තමන් දෙස අල්ලාහ් නිරීක්ෂණය කරමින් සිටින බව දේව විශ්වාසවන්තයා දැන සිටී. ඔහු(අල්ලාහ්)ගෙන් ප්රවේසම් ව සිටීමටත් ඔහුගේ සීමාවන් තුළ නතර වීමටත් උපකාර වනු ඇත. info

• الحث على المعاملة بالمعروف بين الأزواج والأقارب، وأن يكون العفو والمسامحة أساس تعاملهم فيما بينهم.
•බිරියන් හා ඥාතීන් අතර යහපත් අයුරින් කටයුතු කිරීමට දිරි ගැන්වීම. ඔවුන් අතර කටයුතු කිරීමේදී මූලික වශයෙන් සමාව හා එකිනෙකාට ඉඩ දී කටයුතු කිරීම වැනි දෑ පිළිපදින මෙන් උනන්දු කරවීම. info