የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
201 : 2

وَمِنْهُمْ مَّنْ یَّقُوْلُ رَبَّنَاۤ اٰتِنَا فِی الدُّنْیَا حَسَنَةً وَّفِی الْاٰخِرَةِ حَسَنَةً وَّقِنَا عَذَابَ النَّارِ ۟

එම මිනිසුන් අතර මතු ලොව විශ්වාස කරන දේව විශ්වාසවන්ත පිරිසක් ද වෙති. ඔවුන් ස්වර්ග ජයග්රහණය හා නිරා ගින්නේ දඬුවමින් ආරක්ෂාව පතා තම පරමාධිපතිගෙන් ඉල්ලා සිටිනවාක් මෙන්ම මෙලොව සැපත හා එහි දැහැමි ක්රියාවන් සිදු කිරීම ගැන ද තම පරමාධිපතිගෙන් ඉල්ලා සිටිති. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• يجب على المؤمن التزود في سفر الدنيا وسفر الآخرة، ولذلك ذكر الله أن خير الزاد هو التقوى.
•මෙලොව හා මතු ලොව ගමනෙහි පොදි බැඳ ගැනීම දෙවියන් පිළිබඳ විශ්වාස කරන්නා කෙරෙහි අනිවාර්යය වේ. එය අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් සිදු විය යුත්තකි. සැබැවින්ම එසේ පොදි බැඳ ගන්නා දෑ අතරින් වඩාත් උතුම් වන්නේ අල්ලාහ් පිළිබඳ වූ බියබැතිමත්කමය. info

• مشروعية الإكثار من ذكر الله تعالى عند إتمام نسك الحج.
•හජ් වන්දනාව සම්පූර්ණ කරන අවස්ථාවේ අධික ලෙස අල්ලාහ් ව මෙනෙහි කිරීම ආගමානුගත කර ඇත. info

• اختلاف مقاصد الناس؛ فمنهم من جعل همّه الدنيا، فلا يسأل ربه غيرها، ومنهم من يسأله خير الدنيا والآخرة، وهذا هو الموفَّق.
•මිනසුන්ගේ බලාපොරොත්තු විවිධය. ඔවුන් අතර තම ආශාව මෙලොව පමණක් බවට පත් කර ගත් අය වෙති. ඒ හැර ඔවුන් වෙනත් කිසිවක් පරමාධිපතිගෙන් ඉල්ලා සිටින්නේ නැත. එමෙන්ම මෙලොව හා මතු ලොව යන දෙකෙහිම යහපත පතන්නන් ද වෙති. එයයි වඩාත් ගැළපෙන ක්රමවේදය වනුයේ. info