የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
111 : 2

وَقَالُوْا لَنْ یَّدْخُلَ الْجَنَّةَ اِلَّا مَنْ كَانَ هُوْدًا اَوْ نَصٰرٰی ؕ— تِلْكَ اَمَانِیُّهُمْ ؕ— قُلْ هَاتُوْا بُرْهَانَكُمْ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟

යුදෙව්වන්ගෙන් පිරිසක් හා කිතුනුවන්ගෙන් පිරිසක්: ‘සැබැවින්ම ස්වර්ගය තමන්ට පමණක් හිමි වන්නක්’ යැයි පවසා සිටියහ. යුදෙව්වෝ: ‘යුදෙව්වෙකු ලෙස සිටි අය හැර වෙන කිසිවකු එයට පිවිසෙන්නේම නැතැ’යි ද කිතුනුවෝ: ‘කිතුනුවෙක් ලෙස සිටි අය හැර වෙන කිසිවකු එයට පිවිසෙන්නේම නැතැ’යි ද පවසා සිටියහ. එය ඔවුන්ගේ වැරදි අනුමානයන්ය. පාපකාරී උපකල්පනයන්ය. අහෝ නබිවරය! නුඹ ඔවුනට ප්රතිචාර වශයෙන් මෙසේ පවසනු: ‘නුඹලාගේ මේ තර්කයේ නුඹලා සැබෑ සත්යවාදීහු නම්, නුඹලා විශ්වාස කරන පරිදි නුඹලාගේ සාක්ෂි සාධක ගෙන එනු. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أن الأمر كله لله، فيبدل ما يشاء من أحكامه وشرائعه، ويبقي ما يشاء منها، وكل ذلك بعلمه وحكمته.
සියලුම කරුණු අල්ලාහ් සතුය. ඔහුගේ තීන්දු හා ෂරීආ පිළිවෙත් ඔහු කැමති පරිදි වෙනස් කරයි. ඒවායින් ඔහු කැමති දෑ ඉතිරි කරයි. මේ සියල්ල සිදු වනුයේ ඔහුගේ අනුදැනුමෙන් හා ඔහුගේ ප්රඥාවෙනි. info

• حَسَدُ كثيرٍ من أهل الكتاب هذه الأمة، لما خصَّها الله من الإيمان واتباع الرسول، حتى تمنوا رجوعها إلى الكفر كما كانت.
ආගම් ලත් ජනයා අතර බොහෝ දෙනා මෙම සමූහයා සමග ක්රෝධය හා ඊර්ෂ්යාව ඇති කර ගත්හ. දේව විශ්වාසය හා රසූල්වරයා පිළිපදින මෙන් අල්ලාහ්ගේ නියෝගය ඔවුන් වෙත පැමිණි පසු පවා ඔවුන් නැවත එම සමූහයා පෙර සිටි දේව ප්රතික්ෂේපයේ තත්ත්වයට යොමු කරන්නට ආශා කරන තරම් එම ඊර්ෂ්යාව හා ක්රෝධය පිහිටින. info