የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
106 : 2

مَا نَنْسَخْ مِنْ اٰیَةٍ اَوْ نُنْسِهَا نَاْتِ بِخَیْرٍ مِّنْهَاۤ اَوْ مِثْلِهَا ؕ— اَلَمْ تَعْلَمْ اَنَّ اللّٰهَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟

අල් කුර්ආනයේ පාඨයක නීතියක් හෝ එහි පදයක් හෝ ඉවත් කොට එය ජනයාට අමතක කරවන විට සැබැවින්ම ඊටත් වඩා මෙලොවට හා මතුලොවට ප්රයෝජනවත් තවත් වැකියක් හෝ එයට සමාන වැකියක් හෝ ගෙන එනු ඇතැයි අල්ලාහ් පැහැදිලි කර සිටියි. එය අල්ලාහ්ගේ ඥානය හා ඔහුගේ තීන්දුවයි. අහෝ නබිවරය! සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලය ඇත්තා බව ඔබ දන්නෙහිය. එහෙයින් ඔහු අභිමත කරන දෑ සිදු කරයි. ඔහු සිතන දෑ තීන්දු කරයි. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أن الأمر كله لله، فيبدل ما يشاء من أحكامه وشرائعه، ويبقي ما يشاء منها، وكل ذلك بعلمه وحكمته.
සියලුම කරුණු අල්ලාහ් සතුය. ඔහුගේ තීන්දු හා ෂරීආ පිළිවෙත් ඔහු කැමති පරිදි වෙනස් කරයි. ඒවායින් ඔහු කැමති දෑ ඉතිරි කරයි. මේ සියල්ල සිදු වනුයේ ඔහුගේ අනුදැනුමෙන් හා ඔහුගේ ප්රඥාවෙනි. info

• حَسَدُ كثيرٍ من أهل الكتاب هذه الأمة، لما خصَّها الله من الإيمان واتباع الرسول، حتى تمنوا رجوعها إلى الكفر كما كانت.
ආගම් ලත් ජනයා අතර බොහෝ දෙනා මෙම සමූහයා සමග ක්රෝධය හා ඊර්ෂ්යාව ඇති කර ගත්හ. දේව විශ්වාසය හා රසූල්වරයා පිළිපදින මෙන් අල්ලාහ්ගේ නියෝගය ඔවුන් වෙත පැමිණි පසු පවා ඔවුන් නැවත එම සමූහයා පෙර සිටි දේව ප්රතික්ෂේපයේ තත්ත්වයට යොමු කරන්නට ආශා කරන තරම් එම ඊර්ෂ්යාව හා ක්රෝධය පිහිටින. info