የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

අල් හිජ්ර්

ከመዕራፉ ዓላማዎች:
توعد المستهزئين بالقرآن، والوعد بحفظه تأييدًا للنبي وتثبيتًا له.
අල් කුර්ආනය සරදමට ගත් තැනැත්තන්හට කෙරෙන දැඩි අවවාදය, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ශක්තිමත් කිරීමක් ලෙසින් හා තහවුරු කිරීමක් ලෙසින් එය ආරක්ෂා කරන බවට වූ ප්රතිඥාව. info

external-link copy
1 : 15

الٓرٰ ۫— تِلْكَ اٰیٰتُ الْكِتٰبِ وَقُرْاٰنٍ مُّبِیْنٍ ۟

(අලිෆ්, ලාම්, රා) යන මෙම අක්ෂර මාළා භාවිතය හා ඒ පිළිබඳ දැක්ම සූරා අල් බකරාහි ආරම්භයේ සඳහන් කර ඇත. සැබැවින්ම මෙය අල්ලාහ් වෙතින් පහළ කරනු ලැබු බවත් ඒවා දේව ඒකීයත්වය හා ආගමික නීති පිළිවෙත් පැහැදිලි කරන අල් කුර්ආනයේ උසස් පාඨ වේ. info
التفاسير:

external-link copy
2 : 15

رُبَمَا یَوَدُّ الَّذِیْنَ كَفَرُوْا لَوْ كَانُوْا مُسْلِمِیْنَ ۟

දෙවියන් ප්රතික්ෂේප කළවුන්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, ඔවුනට මෙම කරුණු පැහැදිලි වන අවස්ථාවේ හා ඔවුන් මෙලොවෙහි දෙවියන් ප්රතික්ෂේප කරමින් සිටි දෑ නිෂ්ඵල බව ඔවුනට හෙළි වන අවස්ථාවේ ඔවුන් (දේව විශාවස කළ)මුස්ලිම්වරුන් වශයෙන් සිටියා නම් මැනව යැයි ආශා කරති. info
التفاسير:

external-link copy
3 : 15

ذَرْهُمْ یَاْكُلُوْا وَیَتَمَتَّعُوْا وَیُلْهِهِمُ الْاَمَلُ فَسَوْفَ یَعْلَمُوْنَ ۟

අහෝ දූතය! මෙම බොරුකාරයින්ට ගොවිපල සතුන් අනුභව කරන්නාක් මෙන් භුක්ති විඳින්නට ඉඩ දෙනු. තාවකාලික මෙලොව ආශාවන් ඔවුහු භුක්ති විදිති. ඔවුන්ගේ දිගු බලාපොරොත්තු දේව විශ්වාසයෙන් හා දැහැමි ක්රියාවන්ගෙන් ඔවුන් වෙනතකට යොමු කර ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අල්ලාහ් වෙත පැමිණෙන විට ඔවුන් සිටියේ අලාභයක බව ඔවුන් මතු දැනගනු ඇත. info
التفاسير:

external-link copy
4 : 15

وَمَاۤ اَهْلَكْنَا مِنْ قَرْیَةٍ اِلَّا وَلَهَا كِتَابٌ مَّعْلُوْمٌ ۟

අපරාධකාරී ගම්මාන අතරින් යම් ගම්මානයක් වෙත අප විනාශය පහළ කරන විට, අල්ලාහ්ගේ දැනුමෙහි ඒ සඳහා නියමිත කාලයක් තිබුණා මිස නැත. ඊට පෙර හෝ ප්රමාද වෙමින් හෝ සිදු වූයේ නැත. info
التفاسير:

external-link copy
5 : 15

مَا تَسْبِقُ مِنْ اُمَّةٍ اَجَلَهَا وَمَا یَسْتَاْخِرُوْنَ ۟

සමූහයන් අතරින් යම් සමූහයක් වෙත ඒ සඳහා නියම කළ කාලයට පෙර එහි විනාශය පැමිණෙන්නේ නැත. නියමිත කාලය පැමිණි විට එය ප්රමාද කරනු ලබන්නේ ද නැත. අල්ලාහ් අපරාධකරුවන්ට ලබා දුන් කාල අවකාශය තුළ ඔවුන් වෙනස් විය යුතු නොවේ ද! info
التفاسير:

external-link copy
6 : 15

وَقَالُوْا یٰۤاَیُّهَا الَّذِیْ نُزِّلَ عَلَیْهِ الذِّكْرُ اِنَّكَ لَمَجْنُوْنٌ ۟ؕ

මක්කාවාසීන් අතර සිටි දේව ප්රතික්ෂේපකයෝ දූතයාණන්හට (සල්ලල්ලාලාහු අලයිහි වසල්ලම්) "තමන් වාද කරන පරිදි මෙනෙහි කිරීම පහළ වී ඇති අයවලුනි! සැබැවින්ම නුඹ, මේ කරන වාදයේ උන්මත්තකයෙකි. උන්මත්තකයින් ක්රියා කරන අයුරින් නුඹ ද ක්රියා කරන්නෙහිය." යැයි පැවසුවෝය. info
التفاسير:

external-link copy
7 : 15

لَوْ مَا تَاْتِیْنَا بِالْمَلٰٓىِٕكَةِ اِنْ كُنْتَ مِنَ الصّٰدِقِیْنَ ۟

නුඹ සත්යවාදීන් අතරින් කෙනෙකු නම්, සැබැවින් නුඹ එවනු ලැබූ නබිවරයෙකු යැයි ද සැබැවින්ම දඬුවම අපට පහළවන්නක් යැයි ද නුඹ වෙනුවෙන් සාක්ෂි දරන මලක්වරුන් අප වෙත නුඹ ගෙන ආ යුතු නොවේද? info
التفاسير:

external-link copy
8 : 15

مَا نُنَزِّلُ الْمَلٰٓىِٕكَةَ اِلَّا بِالْحَقِّ وَمَا كَانُوْۤا اِذًا مُّنْظَرِیْنَ ۟

මලක්වරුන් පැමිණිය යුතු යැයි ඔවුන් එතුමාගෙන් කළ යෝජනාවට පිළිතුරු වශයෙන්, "දඬුවම් කිරීමෙන් නුඹලාගේ විනාශය පැමිණෙන විට ප්රඥාව නියම කරන දෑට අනුකූල වුවහොත් මිස අපි දේව දූතයන් පහළ නොකරන්නෙමු. -ඔවුන් විශ්වාස නොකරමින් සිටිය දී ඔවුන් වෙත අපි මලක්වරුන් අපි එව්වේ නම්- ඔවුන් අවකාශය ලබන්නන් ලෙස නොසිටිති. දඬුවම ඉක්මණින්ම පැමිණෙනු ඇත." යැයි අල්ලාහ් පවසයි. info
التفاسير:

external-link copy
9 : 15

اِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَاِنَّا لَهٗ لَحٰفِظُوْنَ ۟

සැබැවින්ම අපි මෙම කුර්ආනය මිනිසුනට මෙනෙහි කිරීමක් වශයෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ හදවතට පහළ කළ අය වෙමු. එමෙන්ම අල් කුර්ආනයට අමතර යමක් එකතු වීමෙන් හෝ ඉන් යමක් අඩුවීමෙන් හෝ එය වෙනස් කිරීමෙන් හෝ විකෘති කිරීමෙන් හෝ එය ආරක්ෂා කරන්නේ අපමය. info
التفاسير:

external-link copy
10 : 15

وَلَقَدْ اَرْسَلْنَا مِنْ قَبْلِكَ فِیْ شِیَعِ الْاَوَّلِیْنَ ۟

අහෝ දූතය! නුඹට පෙර ද දෙවියන් ප්රතික්ෂේප කරන සමූහයන් අතරට අපි දහම් දූතවරුන් එව්වෙමු. නමුත් ඔවුහු ඔවුන් බොරු කළෝය. නුඹේ සමූහයා නුඹ ව බොරු කිරීමෙහි එම දූතවරුන් අතරින් ඔබ නව කෙනෙකු නොවන්නෙහිය. info
التفاسير:

external-link copy
11 : 15

وَمَا یَاْتِیْهِمْ مِّنْ رَّسُوْلٍ اِلَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟

දෙවියන් ප්රතික්ෂේප කළ පෙර සමූහයා අතරට දහම් දූතයෙකු පැමිණි විට ඔවුහු ඔහු බොරු කොට ඔහු ගැන සමච්චල් කරමින් සිටියාහු මිස නැත. info
التفاسير:

external-link copy
12 : 15

كَذٰلِكَ نَسْلُكُهٗ فِیْ قُلُوْبِ الْمُجْرِمِیْنَ ۟ۙ

එම සමූහයන්ගේ සිත් තුළට බොරු කිරීම අපි ඇතුළත් කළාක් මෙන්ම, මක්කාවෙහි විසූ දේව ආදේශකයින්ගේ සිත් තුළ ද ඔවුන්ගේ පිටුපෑම හා මුරණ්ඩුකම හේතුවෙන් අපි එය ඇතුළත් කළෙමු. info
التفاسير:

external-link copy
13 : 15

لَا یُؤْمِنُوْنَ بِهٖ وَقَدْ خَلَتْ سُنَّةُ الْاَوَّلِیْنَ ۟

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ කරනු ලැබූ මෙම කුර්ආනය ඔවුහු විශ්වාස නොකරති. මීට පෙර පැමිණි දහම් දූතවරු කවර කරුණක් ගෙන ආවේ ද එය බොරු කරමින් සිටි ජනයා විනාශ කිරීමේ අල්ලාහ්ගේ පිළිවෙත ඉකුත් ව ගොස් ඇත. ඔබ ව බොරු කරන්නන් මෙමගින් පාඩම් ලබත්වා! info
التفاسير:

external-link copy
14 : 15

وَلَوْ فَتَحْنَا عَلَیْهِمْ بَابًا مِّنَ السَّمَآءِ فَظَلُّوْا فِیْهِ یَعْرُجُوْنَ ۟ۙ

මෙම බොරුකරන්නන්හට පැහැදිලි සාධක තුළින් සත්යය වටහා දෙනු ලබන තෙක්ම ඔවුහු මුරණ්ඩුකමින් පසුවෙති. ඒ සඳහා අපි ඔවුනට අහසින් දොරටුවක් විවෘත කර දුන්න ද ඔවුහු එහි නැග යන්නට බලති. info
التفاسير:

external-link copy
15 : 15

لَقَالُوْۤا اِنَّمَا سُكِّرَتْ اَبْصَارُنَا بَلْ نَحْنُ قَوْمٌ مَّسْحُوْرُوْنَ ۟۠

ඔවුන් සත්ය පවසන කල්හි ඔවුහු මෙසේ පවසා සිටියහ. "එම දැක්මෙන් අපගේ දැක්ම සැබැවින්ම බන්ධනය කරනු ලැබ ඇත. එය හූනියමක බලපෑමක් ලෙස අපි දකින්නෙමු. එහෙයින් අපි හූනියමට ලක්වූවෝ වෙමු." info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• القرآن الكريم جامع بين صفة الكمال في كل شيء، والوضوح والبيان.
•ශුද්ධ වූ අල් කුර්ආනය සෑම දෙයකම පරිපුර්ණ විස්තර පැහැදිලි කිරීම් හා විග්රහයන් එකට ගොනු ව ඇති ග්රන්ථයකි. info

• يهتم الكفار عادة بالماديات، فتراهم مُنْغَمِسين في الشهوات والأهواء، مغترين بالأماني الزائفة، منشغلين بالدنيا عن الآخرة.
•දෙවියන්ට ආදේශ කරන්නන් පොදුවේ භෞතික කටයුතුවලට වැදගත්කමක් දෙති. ඔවුන් ආශාවන් හා තෘෂ්ණාවල ගිලී, බොරු අභිලාෂයන්ගෙන් රැවටී, මතුලොවට වඩා මෙලොවට වැඩි උනන්දුවක් දැක්වීම ඔබට පෙනෙනු ඇත. info

• هلاك الأمم مُقَدَّر بتاريخ معين، ومقرر في أجل محدد، لا تأخير فيه ولا تقديم، وإن الله لا يَعْجَلُ لعجلة أحد.
•සමූහයන්ගේ විනාශය නියම කරන ලද දිනයක සිදු කරනු ලබන්නකි. කිසිදු ප්රමාදයකින් හෝ ඉක්මන් කිරීමකින් තොරව නියමිත කාලය තුළ එය ක්රියාත්මක වේ. කිසිවෙකුගේ ඉක්මන්කම නිසා අල්ලාහ් එය ඉක්මන් නොකරනු ඇත. info

• تكفل الله تعالى بحفظ القرآن الكريم من التغيير والتبديل، والزيادة والنقص، إلى يوم القيامة.
•වෙනස් වීමකින් හෝ වෙනස් කිරීමකින් හෝ යමක් අමතර ව එකතු කිරීමකින් හෝ ඉන් යමක් අඩු කිරීමකින් අල් කුර්ආනය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා ආරක්ෂා කිරීමේ වගකීම අල්ලාහ් භාර ගෙන ඇත. info