የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
3 : 11

وَّاَنِ اسْتَغْفِرُوْا رَبَّكُمْ ثُمَّ تُوْبُوْۤا اِلَیْهِ یُمَتِّعْكُمْ مَّتَاعًا حَسَنًا اِلٰۤی اَجَلٍ مُّسَمًّی وَّیُؤْتِ كُلَّ ذِیْ فَضْلٍ فَضْلَهٗ ؕ— وَاِنْ تَوَلَّوْا فَاِنِّیْۤ اَخَافُ عَلَیْكُمْ عَذَابَ یَوْمٍ كَبِیْرٍ ۟

අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා පාපක්ෂමාව ඇයැද, නුඹලා වැරදි සිදුකර ඇත්නම් ඒ ගැන පසුතැවිලි වී ඔහු වෙත යොමු වනු. නුඹලාගේ නියමිත කාලය අවසන් වන තෙක් යහපත් ලෙස මෙලොව ජීවිතයේ භුක්ති විඳින්නට ඔහු නුඹලාට සළස්වයි. අවනත වීමේදී හා ක්රියා කිරීමේදී භාග්ය ලත් සියලු දෙනාට ඔහුගේ භාග්යලත් කුසල් කිසිදු අඩුවකින් තොරව සම්පූර්ණයෙන් පිරිනමනු ඇත. මාගේ පරමාධිපති වෙතින් කවර කරුණක් විශ්වාස කරන මෙන් මා නුඹලා වෙත ගෙන ආවේ ද එය නුඹලා ප්රතික්ෂේප කරන්නෙහු නම්, ඉතා බිහිසුණු සිදුවීම් සහිත දිනයේ දඬුවම පිළිබඳ මම නුඹලාට අනතුරු අඟවමි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• إن الخير والشر والنفع والضر بيد الله دون ما سواه.
•සැබැවින්ම යහපත හා අයහපත, සෙත හා හානිය යන සියල්ල ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. ඒවා වෙනත් කිසිවෙකු සතු නැත. info

• وجوب اتباع الكتاب والسُّنَّة والصبر على الأذى وانتظار الفرج من الله.
•අල් කුර්ආනය හා සුන්නාව පිළිපැඳීම, හිංසා පීඩාවන් මත ඉවසීම හා අල්ලාහ්ගෙන් සහනයක් පැමිණෙන තෙක් බලාපොරොත්තුවෙන් සිටීමේ අනිවාර්යයභාවය. info

• آيات القرآن محكمة لا يوجد فيها خلل ولا باطل، وقد فُصِّلت الأحكام فيها تفصيلًا تامَّا.
•අල් කුර්ආනයේ පාඨ ස්ථීර ඒවාය. එහි කිසිදු අඩුවක් හෝ නිෂ්ඵල දෙයක් හෝ දකින්නට නොමැත. එහි නීති රීති පූර්ණ ලෙස විස්තර කරනු ලැබ ඇත. info

• وجوب المسارعة إلى التوبة والندم على الذنوب لنيل المطلوب والنجاة من المرهوب.
•පතන දෑ ලබා ගන්නටත්, අනතුරු අඟවනු ලැබූ දැයින් මිදෙන්නටත් කළ පාපකම් පිළිබඳ පශ්චාත්තාප වී පාපක්ෂමාව ඇයැද සිටීම සඳහා යුහුසුළුවීමේ අනිවාර්යභාවය. info