የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
26 : 10

لِلَّذِیْنَ اَحْسَنُوا الْحُسْنٰی وَزِیَادَةٌ ؕ— وَلَا یَرْهَقُ وُجُوْهَهُمْ قَتَرٌ وَّلَا ذِلَّةٌ ؕ— اُولٰٓىِٕكَ اَصْحٰبُ الْجَنَّةِ ۚ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟

ඔවුනට අවනත වන මෙන් අල්ලාහ් අනිවාර්යය කළ දෑ ඔවුන් පිළිපදිමින් හා ඔහු ඔවුනට තහනම් කළ දෑ අතහැර දමමින් දැහැමි ලෙස කටයුතු කළවුන් වනාහි, ඔවුනට අලංකාර ප්රතිඵල ඇත. එය ස්වර්ග උයනයි. ඔවුනට ඊට අමතර දෑ ද ඇත. එය ගෞරවනීය අල්ලාහ්ගේ මුහුණ දෙස බැලීමය. ඔවුන්ගේ මුහුණු දූවිල්ලෙන් ආවරණය වන්නේ නැත. කිසිදු අවමානයක් හෝ අපහාසයක් හෝ ඒවා වෙළා ගන්නේ නැත. මෙම දැහැමි කරුණුවලින් වර්ණනා කරනු ලැබූ මොවුහු ස්වර්ගවාසීහු වෙති. ඔවුහු එහි සදා රැඳෙන්නෝ වෙති. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أعظم نعيم يُرَغَّب به المؤمن هو النظر إلى وجه الله تعالى.
•මහඟු ආශිර්වාදයක් ලෙස දේව විශ්වාසී මුඃමින්වරයා දිරි ගන්වන ආශිර්වාදය වනුයේ උත්තරීතර අල්ලාහ්ගේ මුහුණ බැලීමට ලැබීමය. info

• بيان قدرة الله، وأنه على كل شيء قدير.
•අල්ලාහ්ගේ ශක්තිය හා සැබැවින්ම ඔහු සියලු දෑහි සර්ව බලධාරීයා වේ යන වග පැහැදිලි කිරීම. info

• التوحيد في الربوبية والإشراك في الإلهية باطل، فلا بد من توحيدهما معًا.
•දේව පරිපාලනත්වයේ ඒකීභාවය පිළිගෙන දේවත්වයෙහි ඔහුට ආදේශ තැබීම අයුතු මෙන්ම නිෂ්ඵල ක්රියාවකි. එහෙයින් ඒ දෙකෙහිම ඒකීයත්වය පිළිගැනීම අවශ්ය වන්නේය. info

• إذا قضى الله بعدم إيمان قوم بسبب معاصيهم فإنهم لا يؤمنون.
•සමූහයක් කරන පාපකම් හේතුවෙන් ඔවුන් දෙවියන් විශ්වාස නොකරන පිරිසක් බව අල්ලාහ්ගේ නියමය පිහිටන විට සැබැවින්ම ඔවුන් දෙවියන් විශ්වාස කරන්නේ නැත. info