የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ትርጉም - ሩዋድ የትርጉም ማዕከል

የገፅ ቁጥር:close

external-link copy
39 : 19

وَاَنْذِرْهُمْ یَوْمَ الْحَسْرَةِ اِذْ قُضِیَ الْاَمْرُ ۘ— وَهُمْ فِیْ غَفْلَةٍ وَّهُمْ لَا یُؤْمِنُوْنَ ۟

ඔවුහු විශ්වාස නො කරමින් හා ඔවුන් නො සැලකිලිමත් ලෙස සිටිය දී එම අණ තීන්දු කරනු ලබන විට පසුතැවිල්ලට පත් වන දිනය ගැන ඔවුනට නුඹ අවවාද කරනු. info
التفاسير:

external-link copy
40 : 19

اِنَّا نَحْنُ نَرِثُ الْاَرْضَ وَمَنْ عَلَیْهَا وَاِلَیْنَا یُرْجَعُوْنَ ۟۠

නියත වශයෙන් ම අපි මහපොළොව හා ඒ මත සිටිනවුන් උරුම කර ගන්නෙමු. තවද ඔවුන් නැවත යොමු කරනු ලබනුයේ ද අප වෙත ම ය. info
التفاسير:

external-link copy
41 : 19

وَاذْكُرْ فِی الْكِتٰبِ اِبْرٰهِیْمَ ؕ۬— اِنَّهٗ كَانَ صِدِّیْقًا نَّبِیًّا ۟

ධර්ම ග්‍රන්ථයේ ඉබ්රාහීම්ව මෙනෙහි කරනු. නියත වශයෙන් ම ඔහු සත්‍යවාදී නබිවරයකු විය. info
التفاسير:

external-link copy
42 : 19

اِذْ قَالَ لِاَبِیْهِ یٰۤاَبَتِ لِمَ تَعْبُدُ مَا لَا یَسْمَعُ وَلَا یُبْصِرُ وَلَا یُغْنِیْ عَنْكَ شَیْـًٔا ۟

මාගේ පියාණනි! සවන් නො දෙන තවද නො බලන එමෙන් ම ඔබට කිසිදු පලක් නො දෙන දෑට ඔබ නමදිනුයේ ඇයි දැ? යි ඉබ්රාහීම් තම පියාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු. info
التفاسير:

external-link copy
43 : 19

یٰۤاَبَتِ اِنِّیْ قَدْ جَآءَنِیْ مِنَ الْعِلْمِ مَا لَمْ یَاْتِكَ فَاتَّبِعْنِیْۤ اَهْدِكَ صِرَاطًا سَوِیًّا ۟

මාගේ පියාණනි! ඔබ වෙත නොපැමිණි ඥානය මා වෙත සැබැවින් ම පැමිණ ඇත. එහෙයින් ඔබ මා අනුගමනය කරනු මැනව. ඍජු මාර්ගය වෙත මම ඔබට මග පෙන්වමි. info
التفاسير:

external-link copy
44 : 19

یٰۤاَبَتِ لَا تَعْبُدِ الشَّیْطٰنَ ؕ— اِنَّ الشَّیْطٰنَ كَانَ لِلرَّحْمٰنِ عَصِیًّا ۟

අහෝ මාගේ පියාණනි! ෂෛයිතාන්ට ගැතිකම් නො කරනු. නියත වශයෙන් ම ෂෛයිතාන් මහා කරුණාන්විතයාණන්ට පිටුපාන්නෙකු විය. info
التفاسير:

external-link copy
45 : 19

یٰۤاَبَتِ اِنِّیْۤ اَخَافُ اَنْ یَّمَسَّكَ عَذَابٌ مِّنَ الرَّحْمٰنِ فَتَكُوْنَ لِلشَّیْطٰنِ وَلِیًّا ۟

අහෝ මාගේ පියාණනි! ඔබට මහා කරුණාන්විතයාණන්ගෙන් වූ දඬුවමක් ස්පර්ශ වීම ගැන නියත වශයෙන් ම මම බිය වෙමි. එවිට ඔබ ෂෛයිතාන්ට උදව්කරුවකු වන්නෙහි ය. info
التفاسير:

external-link copy
46 : 19

قَالَ اَرَاغِبٌ اَنْتَ عَنْ اٰلِهَتِیْ یٰۤاِبْرٰهِیْمُ ۚ— لَىِٕنْ لَّمْ تَنْتَهِ لَاَرْجُمَنَّكَ وَاهْجُرْنِیْ مَلِیًّا ۟

නුඹ මාගේ දෙවියන් පිළිකුල් කරන්නෙකු ද? අහෝ ඉබ්රාහීම්! නුඹ මෙයින් නො වැළකුණෙහි නම් මම නුඹට ගල් ගසා මරමි. තවද නුඹ මාගෙන් සදහට ම ඈත්ව සිටිනු යැයි ඔහු පැවසී ය. info
التفاسير:

external-link copy
47 : 19

قَالَ سَلٰمٌ عَلَیْكَ ۚ— سَاَسْتَغْفِرُ لَكَ رَبِّیْ ؕ— اِنَّهٗ كَانَ بِیْ حَفِیًّا ۟

ඔබට ශාන්තිය අත්වේවා! මම මාගේ පරමාධිපතිගෙන් ඔබ වෙනුවෙන් මතු පාප ක්ෂමාව අයැදිමි. නියත වශයෙන් ම ඔහු මාහට කරුණාවන්ත විය යැයි ඔහු (ඉබ්රාහීම්) පැවසී ය. info
التفاسير:

external-link copy
48 : 19

وَاَعْتَزِلُكُمْ وَمَا تَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ وَاَدْعُوْا رَبِّیْ ۖؗ— عَسٰۤی اَلَّاۤ اَكُوْنَ بِدُعَآءِ رَبِّیْ شَقِیًّا ۟

තවද මම නුඹලාගෙන් ද අල්ලාහ් හැර දමා නුඹලා අයැදින දැයින් ද ඉවත් වන්නෙමි. තවද මාගේ පරමාධිපතිගෙන් අයැද සිටිමි. මාගේ පරමාධිපති වෙත කෙරෙන ප්‍රාර්ථනාවෙන් මා දුර්භාග්‍යවන්තයකු ලෙස නො වන්නට පුළුවන. info
التفاسير:

external-link copy
49 : 19

فَلَمَّا اعْتَزَلَهُمْ وَمَا یَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ ۙ— وَهَبْنَا لَهٗۤ اِسْحٰقَ وَیَعْقُوْبَ ؕ— وَكُلًّا جَعَلْنَا نَبِیًّا ۟

ඔවුන්ගෙන් හා අල්ලාහ් හැර දමා ඔවුන් නමදිමින් සිටි දැයින් ඉබ්රාහීම් ඉවත් වූ කල්හි, අපි ඔහුට ඉස්හාක් හා යඃකූබ්ව පිරිනැමුවෙමු. ඒ සෑම කෙනෙකුම නබිවරයකු ලෙස අපි පත් කළෙමු. info
التفاسير:

external-link copy
50 : 19

وَوَهَبْنَا لَهُمْ مِّنْ رَّحْمَتِنَا وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِیًّا ۟۠

තවද අපගේ ආශිර්වාදයෙන් අපි ඔවුනට පිරිනැමුවෙමු. තවද ඔවුනට උසස් ප්‍රශංසාව ද ඇති කළෙමු. info
التفاسير:

external-link copy
51 : 19

وَاذْكُرْ فِی الْكِتٰبِ مُوْسٰۤی ؗ— اِنَّهٗ كَانَ مُخْلَصًا وَّكَانَ رَسُوْلًا نَّبِیًّا ۟

තවද ධර්ම ග්‍රන්ථයේ මූසා ගැන ද නුඹ මෙනෙහි කරනු. නියත වශයෙන් ම ඔහු අවංක කෙනෙකු විය. තවද ධර්ම දූතයෙකු හා නබිවරයකු ද විය. info
التفاسير: