Қуръони Карим маъноларининг таржимаси - Синҳолийча таржима - Таржимонлар маркази

Бет рақами:close

external-link copy
28 : 6

بَلْ بَدَا لَهُمْ مَّا كَانُوْا یُخْفُوْنَ مِنْ قَبْلُ ؕ— وَلَوْ رُدُّوْا لَعَادُوْا لِمَا نُهُوْا عَنْهُ وَاِنَّهُمْ لَكٰذِبُوْنَ ۟

නමුත් කලින් ඔවුන් සඟවමින් සිටි දෑ ඔවුනට හෙළි විය. තවද ඔවුන් නැවත හරවා යවනු ලැබුව ද කවර දෙයකින් ඔවුන් ව වළක්වනු ලැබුවේ ද ඒ වෙතටම හැරී යනු ඇත. තවද නියත වශයෙන්ම ඔවුහු බොරුකාරයෝය. info
التفاسير:

external-link copy
29 : 6

وَقَالُوْۤا اِنْ هِیَ اِلَّا حَیَاتُنَا الدُّنْیَا وَمَا نَحْنُ بِمَبْعُوْثِیْنَ ۟

තවද මෙය අපගේ ලෞකික ජීවිතය මිස වෙනකක් නො වේ. තවද අප නැවත නැගිටුවනු ලබන්නන් නො වෙමු යැයි ඔවුහු පැවසුවෝ ය. info
التفاسير:

external-link copy
30 : 6

وَلَوْ تَرٰۤی اِذْ وُقِفُوْا عَلٰی رَبِّهِمْ ؕ— قَالَ اَلَیْسَ هٰذَا بِالْحَقِّ ؕ— قَالُوْا بَلٰی وَرَبِّنَا ؕ— قَالَ فَذُوْقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُوْنَ ۟۠

තවද ඔවුහු තම පරමාධිපති ඉදිරියේ සිටවා තබනු ලබන අවස්ථාව නුඹ දුටුවේ නම් "මෙය සත්‍යය නො වේ දැ" යි ඔහු විමසා සිටියි. අපගේ පරමාධිපතියාණන් මත දිවුරා පවසමු. (එය) එසේය යැයි ඔවුහු පවසති. එසේ නම් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් මෙම දඬුවම නුඹලා භුක්ති විඳිනු යැයි ඔහු පවසනු ඇත. info
التفاسير:

external-link copy
31 : 6

قَدْ خَسِرَ الَّذِیْنَ كَذَّبُوْا بِلِقَآءِ اللّٰهِ ؕ— حَتّٰۤی اِذَا جَآءَتْهُمُ السَّاعَةُ بَغْتَةً قَالُوْا یٰحَسْرَتَنَا عَلٰی مَا فَرَّطْنَا فِیْهَا ۙ— وَهُمْ یَحْمِلُوْنَ اَوْزَارَهُمْ عَلٰی ظُهُوْرِهِمْ ؕ— اَلَا سَآءَ مَا یَزِرُوْنَ ۟

සැබැවින් ම අල්ලාහ්ගේ හමුව බොරු කළවුන් අලාභ වින්දෝ ය. අවසන් හෝරාව අනපේක්ෂිතව ඔවුන් වෙත පැමිණි විට ඔවුන් ඔවුන්ගේ (පවු) බර ඔවුන්ගේ පිට මත ඔසවා ගනිමින් අහෝ අප මෙ(ලොවෙ)හි අතපසු කළ දෑහි විනාශය! යැයි පවසති. ඔවුන් ඔස වන දෑ නපුරු නො වූයේ ද? info
التفاسير:

external-link copy
32 : 6

وَمَا الْحَیٰوةُ الدُّنْیَاۤ اِلَّا لَعِبٌ وَّلَهْوٌ ؕ— وَلَلدَّارُ الْاٰخِرَةُ خَیْرٌ لِّلَّذِیْنَ یَتَّقُوْنَ ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟

මෙලොව ජීවිතය සෙල්ලමක් හෝ පුහුවක් හෝ මිස වෙනත් කිසිවක් නො වේ. මතු ලොව නිවහන දේව බිය හැඟීමෙන් කටයුතු කරන්නන්ට වඩාත් ශ්‍රේෂ්ඨ ය. නුඹලා (ඒ බව) වටහා ගත යුතු නො වේ ද? info
التفاسير:

external-link copy
33 : 6

قَدْ نَعْلَمُ اِنَّهٗ لَیَحْزُنُكَ الَّذِیْ یَقُوْلُوْنَ فَاِنَّهُمْ لَا یُكَذِّبُوْنَكَ وَلٰكِنَّ الظّٰلِمِیْنَ بِاٰیٰتِ اللّٰهِ یَجْحَدُوْنَ ۟

(නබිවරය!) ඔවුන් පවසන දෑ නුඹ දුකට පත් කරනු ඇතැයි සැබැවින් ම අපි දනිමු. සැබැවින් ම ඔවුහු නුඹව බොරු නො කළෝ ය. එහෙත් අපරාධකරුවන්ය අල්ලාහ්ගේ වදන් පිටුපානුයේ. info
التفاسير:

external-link copy
34 : 6

وَلَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّنْ قَبْلِكَ فَصَبَرُوْا عَلٰی مَا كُذِّبُوْا وَاُوْذُوْا حَتّٰۤی اَتٰىهُمْ نَصْرُنَا ۚ— وَلَا مُبَدِّلَ لِكَلِمٰتِ اللّٰهِ ۚ— وَلَقَدْ جَآءَكَ مِنْ نَّبَاۡ الْمُرْسَلِیْنَ ۟

නුඹට පෙරද රසූල්වරුන් සැබැවින් ම බොරු කරනු ලැබූහ. එහෙත් අපගේ උදව්ව ඔවුන් වෙත පැමිණෙන තෙක් ඔවුන් බොරු කරනු ලැබූ හා ඔවුන් හිංසා කරනු ලැබූ දෑ ඉවසා දරා ගත්හ. අල්ලාහ්ගේ වදන් වෙනස් කරන්නෙකු නොමැත. තවද රසූල්වරුන්ගේ තොරතුරු සැබැවින් ම නුඹ වෙත පැමිණ ඇත. info
التفاسير:

external-link copy
35 : 6

وَاِنْ كَانَ كَبُرَ عَلَیْكَ اِعْرَاضُهُمْ فَاِنِ اسْتَطَعْتَ اَنْ تَبْتَغِیَ نَفَقًا فِی الْاَرْضِ اَوْ سُلَّمًا فِی السَّمَآءِ فَتَاْتِیَهُمْ بِاٰیَةٍ ؕ— وَلَوْ شَآءَ اللّٰهُ لَجَمَعَهُمْ عَلَی الْهُدٰی فَلَا تَكُوْنَنَّ مِنَ الْجٰهِلِیْنَ ۟

ඔවුන්ගේ පිටුපෑම නුඹ වෙත දරුණු වූයේ නම් එවිට මහපොළොවෙහි උමගක් හෝ අහසෙහි ඉනිමගක් හෝ සොයා ඔවුන් වෙත නුඹ සාධකයක් රැගෙන ඒමට නුඹට හැකි වුව ද (ඔවුන්ගේ පිටුපෑම එසේ ම පවතී) තවද අල්ලාහ් අභිමත කළේ නම් යහමඟ මත ඔවුන් එකට රැස් කරන්නට තිබුණි. එබැවින් නුඹ අඥානයින් අතුරින් නො වනු. info
التفاسير: