قرآن کریم کے معانی کا ترجمہ - سنہالی ترجمہ - مرکز رواد الترجمہ

external-link copy
85 : 7

وَاِلٰی مَدْیَنَ اَخَاهُمْ شُعَیْبًا ؕ— قَالَ یٰقَوْمِ اعْبُدُوا اللّٰهَ مَا لَكُمْ مِّنْ اِلٰهٍ غَیْرُهٗ ؕ— قَدْ جَآءَتْكُمْ بَیِّنَةٌ مِّنْ رَّبِّكُمْ فَاَوْفُوا الْكَیْلَ وَالْمِیْزَانَ وَلَا تَبْخَسُوا النَّاسَ اَشْیَآءَهُمْ وَلَا تُفْسِدُوْا فِی الْاَرْضِ بَعْدَ اِصْلَاحِهَا ؕ— ذٰلِكُمْ خَیْرٌ لَّكُمْ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟ۚ

තවද මද්යන් (වාසීන්) වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ්ව ද (එව්වෙමු.) මාගේ සමූහයනි! නුඹලා අල්ලාහ්ව නමදිනු. නුඹලාට ඔහු හැර වෙනත් කිසිදු දෙවියෙකු නොමැත. නුඹලාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සාධකයක් නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් නුඹලා කිරුම් මිනුම් පූර්ණවත් කරනු. ජනයාට ඔවුන්ගේ භාණ්ඩවල අඩු පාඩු ඇති නො කරනු. තවද මහපොළොව හැඩගැස් වූ පසුව එහි කලහකම් නො කරනු. නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම්, එය නුඹලාට ශ්‍රේෂ්ඨ වනු ඇතැයි ඔහු පැවසී ය. info
التفاسير: