قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
41 : 36

وَاٰیَةٌ لَّهُمْ اَنَّا حَمَلْنَا ذُرِّیَّتَهُمْ فِی الْفُلْكِ الْمَشْحُوْنِ ۟ۙ

එමෙන්ම අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ ගැත්තන්හට ඔහු පිරිනැමූ ආශිර්වාදයන් පෙන්වා දෙන තවත් සාධකයක් වනුයේ, සැබැවින්ම නූහ්ගේ කාලයේ ආදම්ගේ පරපුරු මහා ජලගැල්මෙන් මුදවා අල්ලාහ්ගේ මැවීම් පුරවන ලද නැව තුළට ගොඩ නංවා අප ඔවුන් ඉසිලීමය. සැබැවින්ම එහි සෑම ජෝඩුවක්ම උසුලන්නට අල්ලාහ් සැලැස්වූයේය. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• من أساليب تربية الله لعباده أنه جعل بين أيديهم الآيات التي يستدلون بها على ما ينفعهم في دينهم ودنياهم.
•අල්ලාහ් තම ගැත්තන් පුහුණු කිරීමේ ශිල්පීය මාර්ගයක් වශයෙන් ඔවුන්ගේ දහමට, ඔවුන්ගේ මෙලොව ජීවිතයට, ඔවුනට ප්රයෝජනවත් වන දෑ සාධක වශයෙන් ගන්නා සංඥා ඔවුන් ඉදිරියේ තැබීමය. info

• الله تعالى مكَّن العباد، وأعطاهم من القوة ما يقدرون به على فعل الأمر واجتناب النهي، فإذا تركوا ما أمروا به، كان ذلك اختيارًا منهم.
•උත්තරීතර අල්ලාහ් ගැත්තන්හට පහසුකම් සලසා දී ඇත. නියෝග ක්රියාත්මක කිරීමටත් තහනම් දැයින් වැළකීමටත් හැකිවන පරිදි ඔහු ඔවුනට ශක්තිය පිරිනමා ඇත. ඔවුනට කවර කරුණක් අණ කරනු ලැබුවේ ද ඔවුන් එය අතහැර දැමුවේ නම් එය ඔවුන්ගේ තේරීමේ නිදහසය. info