قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
4 : 33

مَا جَعَلَ اللّٰهُ لِرَجُلٍ مِّنْ قَلْبَیْنِ فِیْ جَوْفِهٖ ۚ— وَمَا جَعَلَ اَزْوَاجَكُمُ الّٰٓـِٔیْ تُظٰهِرُوْنَ مِنْهُنَّ اُمَّهٰتِكُمْ ۚ— وَمَا جَعَلَ اَدْعِیَآءَكُمْ اَبْنَآءَكُمْ ؕ— ذٰلِكُمْ قَوْلُكُمْ بِاَفْوَاهِكُمْ ؕ— وَاللّٰهُ یَقُوْلُ الْحَقَّ وَهُوَ یَهْدِی السَّبِیْلَ ۟

පිරිමියකුගේ ලය පෙදෙසෙහි හදවත් දෙකක් ඇති නොකළාක් මෙන්ම මහ්රම් තත්ත්වයේ දී බිරින්දෑවරු මව්වරුන්ගේ ස්ථානයට අල්ලාහ් පත් නොකළේය. දරුකමට හදා වඩා ගත් දරුවන් නුඹලාගේ කොඳු නාරටියෙන් බිහි වූ දරුවන්ගේ ස්ථානයට ඔහු පත් නොකළේය. එහෙයින් ලිහාර්, එනම් බිරිය තම මව හා සහෝදරියගේ ස්ථානයේ තබා, ස්වාමි පුරුෂයා ඇය ව තහනම් කර ගැනීම හා දරුකමට හදා වඩා ගත් දරුවන් තම දරුවන්ගේ ස්ථානයේ තැබීම ඉස්ලාමය අවලංගු කළ අඥාන කාලයේ සිරිත් අතරින් විය. මෙම ලිහාර් හා දරුකම නුඹලාගේ මුවවල්වලින් දොඩන ප්රකාශ මිස එහි යථාර්ථය නොවන්නේය. බිරිය මව මෙන් නැත. එමෙන්ම දරුකමට හදා වඩා ගත් දරුවා, තම දරුවා මෙන් වාද කරන්නාගේ දරුවකු ද නොවන්නේය. තම ගැත්තන් ක්රියා කරනු පිණිස සුවිශුද්ධ අල්ලාහ් සත්යය ප්රකාශ කර සිටියි. ඔහු නිවැරැදි දෑ වෙත මඟ පෙන්වනු ඇත. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• لا أحد أكبر من أن يُؤْمر بالمعروف ويُنْهى عن المنكر.
•යහපත නියෝග කර අයහපතින් වළක්වාලන අයට වඩා ශ්රේෂ්ඨ වෙනත් අයකු නැත. info

• رفع المؤاخذة بالخطأ عن هذه الأمة.
•සිදුවන අත්වැරදි ග්රහණය කිරීම මෙම සමූහයාගෙන් ඉවත් කර ඇත. info

• وجوب تقديم مراد النبي صلى الله عليه وسلم على مراد الأنفس.
• ආත්මාවල අභිප්රායන්ට වඩා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අභිප්රායන්ට මුල්තැන දීමේ අනිවාර්යභාවය. info

• بيان علو مكانة أزواج النبي صلى الله عليه وسلم، وحرمة نكاحهنَّ من بعده؛ لأنهن أمهات للمؤمنين.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරින්දෑවරුන්ගේ නිලයේ උසස්භාවය විස්තර කිරීම. එතුමාගෙන් පසු ව ඔවුන් විවාහ කර ගැනීමේ තහනම. ඊට හේතුව සැබැවින්ම ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන්ගේ මව්වරුන් වන බැවිණි. info