قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
71 : 28

قُلْ اَرَءَیْتُمْ اِنْ جَعَلَ اللّٰهُ عَلَیْكُمُ الَّیْلَ سَرْمَدًا اِلٰی یَوْمِ الْقِیٰمَةِ مَنْ اِلٰهٌ غَیْرُ اللّٰهِ یَاْتِیْكُمْ بِضِیَآءٍ ؕ— اَفَلَا تَسْمَعُوْنَ ۟

අහෝ දූතය! මෙම දේව ආදේශකයින්ට පවසනු. "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් කිසිදු විසන්ධියකින් තොර ව නුඹලාට රාත්රිය අඛණ්ඩ ව පවතින්නක් බවට අල්ලාහ් පත් කළේ නම් දහවලෙහි ආලෝකය මෙන් ආලෝකයක් නුඹලා වෙත ගෙන එන්නේ අල්ලාහ් හැර නැමදුම් ලබන වෙනත් කවර දෙවියකු ද? මෙම සාධක වලට නුඹලා සවන් නොදෙන්නෙහු ද? නුඹලා වෙත එය ගෙන එන්නේ නැමදුමට සුදුසු අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොවන බව නුඹලා නොදන්නෙහු ද?" info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• تعاقب الليل والنهار نعمة من نعم الله يجب شكرها له.
•රාත්රිය හා දහවල මාරුවෙන් මාරුව පැමිණීම අල්ලාහ්ගේ ආශිර්වාද අතරින් එක් ආශිර්වාදයකි. ඒ සඳහා කෘතඥවීම අනිවාර්යය වෙයි. info

• الطغيان كما يكون بالرئاسة والملك يكون بالمال.
•නායකත්වය හා පාලනය තුළින් අපරාධ සිදුවනවාක් මෙන්ම ධනයෙන් ද සිදු වනු ඇත. info

• الفرح بَطَرًا معصية يمقتها الله.
•අහංකාර ලෙස ප්රීතිවීම දෙවියන්ගේ කෝපය ඇති කරන පාපයකි. info

• ضرورة النصح لمن يُخاف عليه من الفتنة.
•කවරෙකුට අර්බුධයක් ඇති වීම ගැන බිය වන්නේ ද එවැන්නන්හට උපදෙස් දීමේ අවශ්යතාව. info

• بغض الله للمفسدين في الأرض.
•මහ පොළොවේ කලහකම් කරන්නන් කෙරෙහි අල්ලාහ්ගේ කෝපය. info