قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
47 : 22

وَیَسْتَعْجِلُوْنَكَ بِالْعَذَابِ وَلَنْ یُّخْلِفَ اللّٰهُ وَعْدَهٗ ؕ— وَاِنَّ یَوْمًا عِنْدَ رَبِّكَ كَاَلْفِ سَنَةٍ مِّمَّا تَعُدُّوْنَ ۟

අහෝ දූතය! නුඹේ සමූහයා අතරින් වූ දේව ප්රතික්ෂේපකයින් හට මෙලොව දඬුවම ගැනත් මතුලොව දඬුවම ගැනත් අවවාද කරනු ලැබූ කල්හි ඒ දෙකම ඉක්මන් කරන මෙන් නුඹෙන් ඉල්ලා සිටිති. අල්ලාහ් කවර ප්රතිඥාවක් ඔවුනට දුන්නේ ද ඔහු එය කඩ නොකරන්නේමය. ඔවුන් ඉක්මනින් ඉල්ලා සිටි දෑ බද්ර් යුද දිනයේ ඔවුනට අත් විය. සැබැවින්ම මතුලොවෙහි ද දඬුවමින් යුත් දිනයක් ඇත. එහි පවතින දඬුවම හේතුවෙන් එය නුඹලා මෙලොවෙහි ගණන් බලන වර්ෂ ගණන් මෙන් වර්ෂ දහසක් බඳුය. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• استدراج الظالم حتى يتمادى في ظلمه سُنَّة إلهية.
•අපරාධකරුට ඔහුගේ අපරාධයේ ඔහු ඉක්මවා යන තෙක්ම පියවරෙන් පියවර කටයුතු කිරීම දේව න්යායයකි. info

• حفظ الله لكتابه من التبديل والتحريف وصرف مكايد أعوان الشيطان عنه.
•අල්ලාහ්ගේ ග්රන්ථය වෙනස් කිරීමෙන්, විකෘති කිරීමෙන් හා ඒ සඳහා උදව්වන ෂාතානුන්ගේ සැලුසුම් වෙනතකට යොමු කිරීමෙන් ඔහු එය ආරක්ෂා කරයි. info

• النفاق وقسوة القلوب مرضان قاتلان.
•කුහකත්වය හා දැඩි හදවත මාරාන්තික රෝගාබාධ දෙකකි. info

• الإيمان ثمرة للعلم، والخشوع والخضوع لأوامر الله ثمرة للإيمان.
•දේව විශ්වාසය, දැනුම සඳහා වන පළදාවයි. අල්ලාහ්ගේ නියෝගවලට යටහත් වීම හා කීකරු වීම දේව විශ්වාසය සඳහා වන පළදාවයි. info