قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

بەت نومۇرى:close

external-link copy
32 : 15

قَالَ یٰۤاِبْلِیْسُ مَا لَكَ اَلَّا تَكُوْنَ مَعَ السّٰجِدِیْنَ ۟

ඉබ්ලීස් ආදම්ට සිරස නමා ආචාර කිරීමෙන් වැළකී සිටීමෙන් පසු අල්ලාහ් ඔහුට, "මාගේ නියෝගය පිළිපදිමින් සිරස නමා ආචාර කළ මලක්වරුන් සමග නුඹ සුජූද් කිරීමෙන් නුඹව නවතා වළක්වාලීයේ කුමක්දැ?" යි විමසීය. info
التفاسير:

external-link copy
33 : 15

قَالَ لَمْ اَكُنْ لِّاَسْجُدَ لِبَشَرٍ خَلَقْتَهٗ مِنْ صَلْصَالٍ مِّنْ حَمَاٍ مَّسْنُوْنٍ ۟

ඉබ්ලීස් අහංකාරයෙන් යුතු ව, "වෙනස්කම් සහිත කළු මැටියෙන් වූ වේළුණු මැටියෙන් නුඹ මැවූ මිනිසාට මා සිරස නමා ආචාර කිරීමට මට යුතු නැතැ" යි පැවසීය. info
التفاسير:

external-link copy
34 : 15

قَالَ فَاخْرُجْ مِنْهَا فَاِنَّكَ رَجِیْمٌ ۟ۙ

"නුඹ ස්වර්ගයෙන් බැහැර යනු. සැබැවින්ම නුඹ නෙරපා හරිනු ලැබූවෙකි" යැයි අල්ලාහ් ඉබ්ලීස්ට පැවසීය. info
التفاسير:

external-link copy
35 : 15

وَّاِنَّ عَلَیْكَ اللَّعْنَةَ اِلٰی یَوْمِ الدِّیْنِ ۟

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා නුඹ මත ශාපය ඇත. එමෙන්ම මාගේ කරුණාවෙන් නෙරපා හරිනු ලබන්නෙහිය. info
التفاسير:

external-link copy
36 : 15

قَالَ رَبِّ فَاَنْظِرْنِیْۤ اِلٰی یَوْمِ یُبْعَثُوْنَ ۟

"මාගේ පරමාධිපතියාණනි! මට අවකාශය දෙනු. මැවීම් යළි අවදි කරවන දින තෙක් ඔබ මා මරණයට පත් නොකරනු" යැයි ඉබ්ලීස් පැවසීය. info
التفاسير:

external-link copy
37 : 15

قَالَ فَاِنَّكَ مِنَ الْمُنْظَرِیْنَ ۟ۙ

"එසේය. සැබැවින්ම නුඹ ආයු කාලය ප්රමාද කරනු ලැබ ජීවත්වීමේ අවකාශය හිමිවූවන් අතර වන්නෙහිය." යැයි අල්ලාහ් ඔහුට පැවසීය. info
التفاسير:

external-link copy
38 : 15

اِلٰی یَوْمِ الْوَقْتِ الْمَعْلُوْمِ ۟

පළමු පිඹීම සිදු කරන අවස්ථාවේ මැවීම් සියල්ල එහි මිය යන වේලාව දක්වා ප්රමාද කරනු ලැබේ. info
التفاسير:

external-link copy
39 : 15

قَالَ رَبِّ بِمَاۤ اَغْوَیْتَنِیْ لَاُزَیِّنَنَّ لَهُمْ فِی الْاَرْضِ وَلَاُغْوِیَنَّهُمْ اَجْمَعِیْنَ ۟ۙ

"මාගේ පරමාධිපතියාණනි! නුඹ මා නොමග යන්නට ඉඩ හැරිය හේතුවෙන් මහපොළොවේ සිදු කරන පාපකම් ඔවුනට අලංකාර කර පෙන්වන්නෙමි. ඔවුන් සියලු දෙනා ඍජු මාර්ගයෙන් නොමග යවන්නෙමි" යැයි ඉබ්ලීස් පැවසීය. info
التفاسير:

external-link copy
40 : 15

اِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِیْنَ ۟

නමුත් නුඹේ ගැත්තන් අතරින් නුඹ ව නැමදීම සඳහා නුඹ තෝරා ගත් අය හැර. info
التفاسير:

external-link copy
41 : 15

قَالَ هٰذَا صِرَاطٌ عَلَیَّ مُسْتَقِیْمٌ ۟

"මෙය මා වෙත ළඟා කරවන මධ්යස්ථ මාර්ගය වේ" යැයි අල්ලාහ් පැවසීය. info
التفاسير:

external-link copy
42 : 15

اِنَّ عِبَادِیْ لَیْسَ لَكَ عَلَیْهِمْ سُلْطٰنٌ اِلَّا مَنِ اتَّبَعَكَ مِنَ الْغٰوِیْنَ ۟

"සැබැවින්ම මාගේ ගැත්තන් වනාහි, ඔවුන් ගැන නුඹට කිසිදු බලයක් නැත. නොමග ගියවුන් අතරින් නුඹ ව පිළිපඳින්නන් මිස ඔවුන් පොළොඹවන්නට නුඹට කිසිදු ආධිපත්යයක් නැත." info
التفاسير:

external-link copy
43 : 15

وَاِنَّ جَهَنَّمَ لَمَوْعِدُهُمْ اَجْمَعِیْنَ ۟ۙ

නියත වශයෙන්ම අපාය ෂෙයිතාන් වෙත හා ඔහු අනුගමනය කළවුන් අතර මුළාවට පත් වූ සියල්ලන් වෙත ප්රතිඥා දෙනු ලැබූ ස්ථානයයි. info
التفاسير:

external-link copy
44 : 15

لَهَا سَبْعَةُ اَبْوَابٍ ؕ— لِكُلِّ بَابٍ مِّنْهُمْ جُزْءٌ مَّقْسُوْمٌ ۟۠

අපායට දොරටු සතක් ඇත. ඔවුහු ඒවායින් ඇතුළු වෙති. එම දොරටු අතරින් සෑම දොරටුවකම ඉබ්ලීස් ව අනුගමනය කළවුන් අතරින් නියමිත ප්රමාණයක් පමණක් එයින් ඇතුළු වෙති. info
التفاسير:

external-link copy
45 : 15

اِنَّ الْمُتَّقِیْنَ فِیْ جَنّٰتٍ وَّعُیُوْنٍ ۟ؕ

සැබැවින්ම ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහට බැතිමත්ව කටයුතු කළවුන් වනාහි. ඔවුහු ස්වර්ග උයන් හා උල්පත් අතර සිටිති. info
التفاسير:

external-link copy
46 : 15

اُدْخُلُوْهَا بِسَلٰمٍ اٰمِنِیْنَ ۟

ඔවුහු එහි පිවිසෙන අවස්ථාවේ, "නුඹලා උවදුරුවලින් සුරක්ෂිත ව හා සියලු බියවලින් අභයදායී ව එහි පිවිසෙනු" යැයි ඔවුනට කියනු ලැබේ. info
التفاسير:

external-link copy
47 : 15

وَنَزَعْنَا مَا فِیْ صُدُوْرِهِمْ مِّنْ غِلٍّ اِخْوَانًا عَلٰی سُرُرٍ مُّتَقٰبِلِیْنَ ۟

ඔවුන්ගේ සිත් තුළ පැවති ක්රෝධය හා සතුරුකම් අපි ඉවත් කළෙමු. ඔවුන්ගෙන් පිරිසක් තවත් පිරිසක් නැරඹිය හැකි පරිදි යහන් මත වාඩි වෙමින් එකිනෙකා සෙනෙහසින් කටයුතු කරන සහෝදරයින් ලෙස සිටිති. info
التفاسير:

external-link copy
48 : 15

لَا یَمَسُّهُمْ فِیْهَا نَصَبٌ وَّمَا هُمْ مِّنْهَا بِمُخْرَجِیْنَ ۟

ඔවුනට එහි කිසිදු වෙහෙසක් ඇති වන්නේ නැත. ඔවුන් එයින් බැහැරවන්නේද නැත. එහි ඔවුහු සදාකල් වෙසෙති. info
التفاسير:

external-link copy
49 : 15

نَبِّئْ عِبَادِیْۤ اَنِّیْۤ اَنَا الْغَفُوْرُ الرَّحِیْمُ ۟ۙ

අහෝ දූතය! සැබැවින්ම මාගේ ගැත්තන් අතරින් පාපක්ෂමා ව අයැද මා වෙත යොමුවන්නන්හට මා අතික්ෂමාශීලී බවත් ඔවුන් කෙරෙහි මහා කරුණික බවත් ඔවුනට නුඹ දන්වා සිටිනු. info
التفاسير:

external-link copy
50 : 15

وَاَنَّ عَذَابِیْ هُوَ الْعَذَابُ الْاَلِیْمُ ۟

සැබැවින්ම වේදනීය දඬුවම මාගේ දඬුවම බවත් ඔවුනට දන්වා සිටිනු. එහෙයින් ඔවුන් පාපක්ෂමාවෙහි නිරත වී මාගේ සමාව හිමි කර ගනිත්වා. මාගේ දඬුවමින් ඔවුන් ආරක්ෂා කර ගනිත්වා! info
التفاسير:

external-link copy
51 : 15

وَنَبِّئْهُمْ عَنْ ضَیْفِ اِبْرٰهِیْمَ ۟ۘ

ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාණන්හට ලැබෙන්නට යන දරුවන් පිළිබඳ හා ලූත්ගේ ජනයාට අත්වන විනාශය ගැන තොරතුරු රැගෙන එතුමා වෙත පැමිණි එතුමාගේ ආගන්තුකයින් පිළිබඳ තොරතුරු නුඹ ඔවුනට දන්වා සිටිනු. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• في الآيات دليل على تزاور المتقين واجتماعهم وحسن أدبهم فيما بينهم، في كون كل منهم مقابلًا للآخر لا مستدبرًا له.
•දේව බැතිමතුන් එකිනෙකා හමුවීම, ඔවුන් එක්රැස්වීම, ඔවුන් අතර පවත්වාගෙන යන ඔවුන්ගේ යහපත් විනය ඔවුන් සෑම කෙනෙකුම අනෙකා හමු වන විට පසුපස හැරී නොගොස් මුහුණට මුහුණ හමු වීම යනාදි වශයෙන් ඔවුන්ගේ යහපත් ගුණාංග පෙන්වා දෙන සාධක මෙම පාඨවල ඇතුළත් ව ඇත. info

• ينبغي للعبد أن يكون قلبه دائمًا بين الخوف والرجاء، والرغبة والرهبة.
•ගැත්තාගේ හදවත නිතරම බිය හා කැමැත්ත මෙන්ම ආශාව හා ත්රස්තය අතර පැවතීම අවශ්ය වන්නේය. info

• سجد الملائكة لآدم كلهم أجمعون سجود تحية وتكريم إلا إبليس رفض وأبى.
•ඉබ්ලීස් හැර සෙසු මලක්වරුන් සියලු දෙනාම ආදම් (අලයිහිස් සලාම්) තුමාට ගෞරව කිරීමක් වශයෙන් හා ආචාර කිරීමක් වශයෙන් සිරස නැමුවෝය. නමුත් ඔහු (ඉබ්ලීස්) එය හෙළා දැක ප්රතික්ෂේප කළේය. info

• لا سلطان لإبليس على الذين هداهم الله واجتباهم واصطفاهم في أن يلقيهم في ذنب يمنعهم عفو الله.
•අල්ලාහ් කවරෙකුට මග පෙන්වා ඔහු ව තෝරා ගෙන ඇත්තේ ද එවැන්නෙකු අල්ලාහ්ගේ සමාව තහනම් කරවන පාපයක හෙළා දැමීමට ඉබ්ලීස්ට කිසිදු ආධිපත්යයක් නැත. info