قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى

external-link copy
94 : 6

وَلَقَدْ جِئْتُمُوْنَا فُرَادٰی كَمَا خَلَقْنٰكُمْ اَوَّلَ مَرَّةٍ وَّتَرَكْتُمْ مَّا خَوَّلْنٰكُمْ وَرَآءَ ظُهُوْرِكُمْ ۚ— وَمَا نَرٰی مَعَكُمْ شُفَعَآءَكُمُ الَّذِیْنَ زَعَمْتُمْ اَنَّهُمْ فِیْكُمْ شُرَكٰٓؤُا ؕ— لَقَدْ تَّقَطَّعَ بَیْنَكُمْ وَضَلَّ عَنْكُمْ مَّا كُنْتُمْ تَزْعُمُوْنَ ۟۠

අපි නුඹලාට පිරිනමා තිබූ දෑ නුඹලාගේ පිටු පිටිපසට අත හැර දමා, මුල් වරට නුඹලාව අපි මැව්වාක් මෙන් සැබැවින් ම නුඹලා අප වෙතට (කිසිවක් නොමැති ව) තනිව පැමිණ ඇත. සැබැවින් ම නුඹලා අතර සිටි (අල්ලාහ්ට) සමානයන් යැයි නුඹලා තරයේ විශ්වාස කළ අය නුඹලා වෙනුවෙන් මැදිහත්වන්නන් ලෙස නුඹලා සමඟ සිටිනු අපි නො දකින්නෙමු. නුඹලා අතර වූ සම්බන්ධතා සැබැවින් ම විසන්ධි විය. නුඹලා තරයේ විශ්වාස කරමින් සිටි දෑ නුඹලාගෙන් මුළා විය. info
التفاسير: