Kur'an-ı Kerim meal tercümesi - Senhaliye Dili Tercüme - Rowad Tercüme Merkezi

Sayfa numarası:close

external-link copy
51 : 56

ثُمَّ اِنَّكُمْ اَیُّهَا الضَّآلُّوْنَ الْمُكَذِّبُوْنَ ۟ۙ

ඉන් පසු; අහෝ බොරුකාර නොමග ගියවුන් වන නුඹලා! info
التفاسير:

external-link copy
52 : 56

لَاٰكِلُوْنَ مِنْ شَجَرٍ مِّنْ زَقُّوْمٍ ۟ۙ

නියත වශයෙන් ම zසක්කූම් ගසින් අනුභව කරන්නෝ වෙති. info
التفاسير:

external-link copy
53 : 56

فَمَالِـُٔوْنَ مِنْهَا الْبُطُوْنَ ۟ۚ

එයින් කුසවල් පුරවා ගන්නෝ වෙති. info
التفاسير:

external-link copy
54 : 56

فَشٰرِبُوْنَ عَلَیْهِ مِنَ الْحَمِیْمِ ۟ۚ

ඒ මත ලෝ දියෙන් පානය කරන්නෝ වෙති. info
التفاسير:

external-link copy
55 : 56

فَشٰرِبُوْنَ شُرْبَ الْهِیْمِ ۟ؕ

පිපාසිත ඔටුවන් පානය කරන්නාක් මෙන් පානය කරන්නෝ වෙති. info
التفاسير:

external-link copy
56 : 56

هٰذَا نُزُلُهُمْ یَوْمَ الدِّیْنِ ۟ؕ

මෙය විනිශ්චය දිනයේ ඔවුන්ගේ සංග්‍රහය වේ. info
التفاسير:

external-link copy
57 : 56

نَحْنُ خَلَقْنٰكُمْ فَلَوْلَا تُصَدِّقُوْنَ ۟

අප මය නුඹලාව මැව්වේ. එහෙයින් නුඹලා (එය) විශ්වාස නො කරන්නෙහු ද? info
التفاسير:

external-link copy
58 : 56

اَفَرَءَیْتُمْ مَّا تُمْنُوْنَ ۟ؕ

නුඹලා ශුක්‍රාණු ලෙස පිට කරන දෑ ගැන සිතා බැලුවෙහු ද? info
التفاسير:

external-link copy
59 : 56

ءَاَنْتُمْ تَخْلُقُوْنَهٗۤ اَمْ نَحْنُ الْخٰلِقُوْنَ ۟

එය මැව්වේ නුඹලා ද එසේ නැතහොත් (එහි) මැවුම්කරුවෝ වන්නෝ අපි ද? info
التفاسير:

external-link copy
60 : 56

نَحْنُ قَدَّرْنَا بَیْنَكُمُ الْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوْقِیْنَ ۟ۙ

නුඹලා අතර මරණය නිර්ණය කළේ අප ය. අපි අසමත් වන්නන් නො වෙමු. info
التفاسير:

external-link copy
61 : 56

عَلٰۤی اَنْ نُّبَدِّلَ اَمْثَالَكُمْ وَنُنْشِئَكُمْ فِیْ مَا لَا تَعْلَمُوْنَ ۟

නුඹලාගේ හැඩරුව වෙනස් කිරීමටත් නුඹලා නොදන්නා ස්වරූපයක නුඹලාව (යළි) බිහි කිරීමටත් (අපි අසමත් වන්නන් නො වෙමු.) info
التفاسير:

external-link copy
62 : 56

وَلَقَدْ عَلِمْتُمُ النَّشْاَةَ الْاُوْلٰی فَلَوْلَا تَذَكَّرُوْنَ ۟

තවද මුල් මැවීම ගැන සැබැවින් ම නුඹලා දන්නෙහු ය. එහෙයින් නුඹලා මෙනෙහි කළ යුතු නො වේ ද? info
التفاسير:

external-link copy
63 : 56

اَفَرَءَیْتُمْ مَّا تَحْرُثُوْنَ ۟ؕ

නුඹලා වපුරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද? info
التفاسير:

external-link copy
64 : 56

ءَاَنْتُمْ تَزْرَعُوْنَهٗۤ اَمْ نَحْنُ الزّٰرِعُوْنَ ۟

එය වගා කරනුයේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) වගාකරුවෝ අපි ද? info
التفاسير:

external-link copy
65 : 56

لَوْ نَشَآءُ لَجَعَلْنٰهُ حُطَامًا فَظَلْتُمْ تَفَكَّهُوْنَ ۟

අපි අභිමත කරන්නේ නම් එය වියැළුණු ඉපැණිලි බවට පත් කරන්නට තිබුණි. එවිට නුඹලා පුදුමයට පත් වනු ඇත. info
التفاسير:

external-link copy
66 : 56

اِنَّا لَمُغْرَمُوْنَ ۟ۙ

“නියත වශයෙන් ම අපි ණය කාරයෝ වෙමු.” info
التفاسير:

external-link copy
67 : 56

بَلْ نَحْنُ مَحْرُوْمُوْنَ ۟

“එසේ නොව අපි වළක්වනු ලැබූවෝ වෙමු.” යැයි පවසමින් (නුඹලා පුදුමයට පත් වනු ඇත.) info
التفاسير:

external-link copy
68 : 56

اَفَرَءَیْتُمُ الْمَآءَ الَّذِیْ تَشْرَبُوْنَ ۟ؕ

නුඹලා පානය කරන ජලය දෙස නුඹලා සිතා බැලුවෙහු ද? info
التفاسير:

external-link copy
69 : 56

ءَاَنْتُمْ اَنْزَلْتُمُوْهُ مِنَ الْمُزْنِ اَمْ نَحْنُ الْمُنْزِلُوْنَ ۟

එය වලාකුළෙන් පහළ කළේ නුඹලා ද? එසේ නැතහොත් (එය) පහළ කරන්නෝ අපි ද? info
التفاسير:

external-link copy
70 : 56

لَوْ نَشَآءُ جَعَلْنٰهُ اُجَاجًا فَلَوْلَا تَشْكُرُوْنَ ۟

අපි අභිමත කර ඇත්නම් එය ලුණු බවට පත් කරන්නට තිබුණි. එහෙයින් නුඹලා ගුණගරුක විය යුතු නො වේ ද? info
التفاسير:

external-link copy
71 : 56

اَفَرَءَیْتُمُ النَّارَ الَّتِیْ تُوْرُوْنَ ۟ؕ

නුඹලා දල්වන ගින්න සිතා බැලුවෙහු ද? info
التفاسير:

external-link copy
72 : 56

ءَاَنْتُمْ اَنْشَاْتُمْ شَجَرَتَهَاۤ اَمْ نَحْنُ الْمُنْشِـُٔوْنَ ۟

(එම ගින්න නිපද වන) ගස නිර්මාණය කළේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) නිර්මාණකරුවෝ අපි ද? info
التفاسير:

external-link copy
73 : 56

نَحْنُ جَعَلْنٰهَا تَذْكِرَةً وَّمَتَاعًا لِّلْمُقْوِیْنَ ۟ۚ

අපි එය මෙනෙහි කිරීමක් ලෙසින් හා මගීන්ට (ප්‍රයෝජනවත්) භාණ්ඩයක් ලෙසින් පත් කළෙමු. info
التفاسير:

external-link copy
74 : 56

فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِیْمِ ۟

එහෙයින් නුඹගේ අතිමහත් පරමාධිපතියාණන්ගේ නාමයෙන් නුඹ සුවිශුද්ධ කරනු. info
التفاسير:

external-link copy
75 : 56

فَلَاۤ اُقْسِمُ بِمَوٰقِعِ النُّجُوْمِ ۟ۙ

එහෙයින් තාරකා රැඳෙන තැන් මත මම දිවුරමි. info
التفاسير:

external-link copy
76 : 56

وَاِنَّهٗ لَقَسَمٌ لَّوْ تَعْلَمُوْنَ عَظِیْمٌ ۟ۙ

තවද නුඹලා දන්නෙහු නම් නියත වශයෙන්ම එය ඉමහත් දිවුරුමකි. info
التفاسير: