Kur'an-ı Kerim meal tercümesi - Senhaliye Dili Tercüme - Rowad Tercüme Merkezi

Sayfa numarası:close

external-link copy
11 : 21

وَكَمْ قَصَمْنَا مِنْ قَرْیَةٍ كَانَتْ ظَالِمَةً وَّاَنْشَاْنَا بَعْدَهَا قَوْمًا اٰخَرِیْنَ ۟

තවද අපරාධකාරී වූ ගම්මාන කොපමණක් අපි සුනු විසුනු කළෙමු ද? තවද එයට පසුව අපි වෙනත් පිරිසක් බිහි කළෙමු. info
التفاسير:

external-link copy
12 : 21

فَلَمَّاۤ اَحَسُّوْا بَاْسَنَاۤ اِذَا هُمْ مِّنْهَا یَرْكُضُوْنَ ۟ؕ

ඔවුනට අපගේ දඬුවම හැඟී ගිය කල්හි ඔවුන් එයින් පලා යන්නට විය. info
التفاسير:

external-link copy
13 : 21

لَا تَرْكُضُوْا وَارْجِعُوْۤا اِلٰی مَاۤ اُتْرِفْتُمْ فِیْهِ وَمَسٰكِنِكُمْ لَعَلَّكُمْ تُسْـَٔلُوْنَ ۟

නුඹලා පලා නො යනු. එහි නුඹලා භුක්ති විඳිමින් සිටි දෑ වෙත ද නුඹලාගේ වාසස්ථාන වෙත ද නුඹලා නැවත හැරී යනු. නුඹලා ප්‍රශ්න කරනු ලබනු ඇත. info
التفاسير:

external-link copy
14 : 21

قَالُوْا یٰوَیْلَنَاۤ اِنَّا كُنَّا ظٰلِمِیْنَ ۟

අහෝ අපගේ විනාශය! නියත වශයෙන් ම අපි අපරාධකාරයින් වූයෙමු යැයි ඔවුහු පැවසූහ. info
التفاسير:

external-link copy
15 : 21

فَمَا زَالَتْ تِّلْكَ دَعْوٰىهُمْ حَتّٰی جَعَلْنٰهُمْ حَصِیْدًا خٰمِدِیْنَ ۟

අපි ඔවුන්ව නෙළන ලද (අස්වැන්න) පුඵස්සනු ලැබූ දේ බවට පත් කරන තෙක් එය මය ඔවුන්ගේ වැළපීම වූයේ. info
التفاسير:

external-link copy
16 : 21

وَمَا خَلَقْنَا السَّمَآءَ وَالْاَرْضَ وَمَا بَیْنَهُمَا لٰعِبِیْنَ ۟

තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද හාස්‍යයක් ලෙස අපි නො මැව්වෙමු. info
التفاسير:

external-link copy
17 : 21

لَوْ اَرَدْنَاۤ اَنْ نَّتَّخِذَ لَهْوًا لَّاتَّخَذْنٰهُ مِنْ لَّدُنَّاۤ ۖۗ— اِنْ كُنَّا فٰعِلِیْنَ ۟

අපි හාස්‍යයට ගන්නට සිතුවෙමු නම්, එය එසේ සිදු කරන්නන් ලෙස සිටියෙමු නම් අප වෙතින් ම එය ගන්නට තිබුණි. info
التفاسير:

external-link copy
18 : 21

بَلْ نَقْذِفُ بِالْحَقِّ عَلَی الْبَاطِلِ فَیَدْمَغُهٗ فَاِذَا هُوَ زَاهِقٌ ؕ— وَلَكُمُ الْوَیْلُ مِمَّا تَصِفُوْنَ ۟

එහෙත් අපි සත්‍යය ගෙන අසත්‍යයට එරෙහිව පහර දෙන්නෙමු. එය එවිට එය(අසත්‍යය) පහ කර දමයි. එවිට එය විනාශ වී යන්නකි. තවද නුඹලා වර්ණනා කරන දෑ හේතුවෙන් නුඹලාට විනාශය ඇත. info
التفاسير:

external-link copy
19 : 21

وَلَهٗ مَنْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَمَنْ عِنْدَهٗ لَا یَسْتَكْبِرُوْنَ عَنْ عِبَادَتِهٖ وَلَا یَسْتَحْسِرُوْنَ ۟ۚ

තවද අහස්හි හා මහපොළොවෙහි සිටින්නන් ද ඔහු අබියස සිටින්නන් ද ඔහු සතු ය. ඔහුට වන්දනාමානය කිරීම සම්බන්ධයෙන් ඔවුහු උඩඟු නො වෙති. තවද ඔවුහු විඩාවට පත් නො වෙති. info
التفاسير:

external-link copy
20 : 21

یُسَبِّحُوْنَ الَّیْلَ وَالنَّهَارَ لَا یَفْتُرُوْنَ ۟

රාත්‍රියෙහි හා දහවලෙහි ඔවුහු සුවිශුද්ධ කරති. තවද ඔවුහු වෙහෙසට පත් නො වෙති. info
التفاسير:

external-link copy
21 : 21

اَمِ اتَّخَذُوْۤا اٰلِهَةً مِّنَ الْاَرْضِ هُمْ یُنْشِرُوْنَ ۟

එසේ නැතහොත් මළවුන් අවදි කළ හැකි දෙවිවරුන් ඔවුහු මහපොළොවෙන් (තෝරා) ගත්තෝ ද? info
التفاسير:

external-link copy
22 : 21

لَوْ كَانَ فِیْهِمَاۤ اٰلِهَةٌ اِلَّا اللّٰهُ لَفَسَدَتَا ۚ— فَسُبْحٰنَ اللّٰهِ رَبِّ الْعَرْشِ عَمَّا یَصِفُوْنَ ۟

ඒ දෙකෙහි අල්ලාහ් හැර තවත් දෙවියකු සිටියේ නම් ඒ දෙකම අර්බුදයට පත්වනු ඇත. එහෙයින් ඔවුන් වර්ණනා කරන දැයින් (අර්ෂ් හෙවත්) රාජධානියේ හිමිපාණන් වූ අල්ලාහ් සුවිශුද්ධ ය. info
التفاسير:

external-link copy
23 : 21

لَا یُسْـَٔلُ عَمَّا یَفْعَلُ وَهُمْ یُسْـَٔلُوْنَ ۟

(අල්ලාහ් වන) ඔහු කරන දෑ පිළිබඳව විමසනු නො ලබයි. එහෙත් ඔවුහු මය විමසනු ලබනුයේ. info
التفاسير:

external-link copy
24 : 21

اَمِ اتَّخَذُوْا مِنْ دُوْنِهٖۤ اٰلِهَةً ؕ— قُلْ هَاتُوْا بُرْهَانَكُمْ ۚ— هٰذَا ذِكْرُ مَنْ مَّعِیَ وَذِكْرُ مَنْ قَبْلِیْ ؕ— بَلْ اَكْثَرُهُمْ لَا یَعْلَمُوْنَ ۙ— الْحَقَّ فَهُمْ مُّعْرِضُوْنَ ۟

එසේ නැතහොත් ඔහු හැර දමා (වෙනත්) දෙවිවරුන් ඔවුහු ගත්තෝ ද? නුඹලාගේ සාධක ගෙන එනු. මෙය මා සමඟ වූවන්ගේ මෙනෙහි කිරීමකි. එමෙන් ම මට පෙර සිටියවුන්ගේ ද මෙනෙහි කිරීමකි යැයි (නබිවරය!) නුඹ පවසනු. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සත්‍යය නො දනිති. එහෙයින් ඔවුහු පිටුපාන්නෝ වෙති. info
التفاسير: