ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය

අන් නබඋ

සූරාවෙහි අරමුණු:
بيان أدلة القدرة على البعث والتخويف من العاقبة.
මළවුන් කෙරෙන් නැවත නැගිටුවීමට හැකි බව හඟවන සාක්ෂි පැහැදිලි කිරීම හා අවසානය ගැන බිය ගැන්වීම. info

external-link copy
1 : 78

عَمَّ یَتَسَآءَلُوْنَ ۟ۚ

අල්ලාහ්ට වෙනත් අයෙකු සමකර ආදේශ තබන්නන් වෙත අල්ලාහ් තම දූතයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාව එවීමෙන් පසුව ඔවුන් එකිනෙකා විමසා ගනුයේ කවර දෙයක් පිළිබඳ ද? info
التفاسير:

external-link copy
2 : 78

عَنِ النَّبَاِ الْعَظِیْمِ ۟ۙ

ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගෙන් එම මහත් වූ ආරංචිය පිළිබඳ විමසයි.එය නැවත නැගිටුවනු ලැබීම පිළිබඳ ඇතුළත් ඔවුන්ගේ රසූල්වරයා වෙත එවනු ලැබූ අල් කුර්ආනය ගැනයි. info
التفاسير:

external-link copy
3 : 78

الَّذِیْ هُمْ فِیْهِ مُخْتَلِفُوْنَ ۟ؕ

එම අල් කුර්ආනය පිළිබඳ වර්ණනා කිරීමේදී එය හූනියමක් ද, එසේත් නැතහොත් කවි පෙළක්ද, එසේත් නැතහොත් මන්තරයක්ද,එසේත් නැතහොත් පැරැණ්නන්ගේ ප්රබන්ධයක්ද යන්න ගැන ඔවුහු මතභේද ඇති කරගත්හ. info
التفاسير:

external-link copy
4 : 78

كَلَّا سَیَعْلَمُوْنَ ۟ۙ

ඔවුන් සිතන පරිදි කරුණු එසේ නොවේ. එම අල් කුර්ආනය මගින් බොරු කරමින් සිටියවුන් එයින් අත්වන නපුරු විපාකය ගැන අවසානයේදී දැන ගනු ඇත. info
التفاسير:

external-link copy
5 : 78

ثُمَّ كَلَّا سَیَعْلَمُوْنَ ۟

පසු ව එය ඔවුනට තහවුරු වනු ඇත. info
التفاسير:

external-link copy
6 : 78

اَلَمْ نَجْعَلِ الْاَرْضَ مِهٰدًا ۟ۙ

මහපොළොව වාසය කිරීමට සුදුසු තැනක් බවට අපි පුළුල් නොකළෙමුද? info
التفاسير:

external-link copy
7 : 78

وَّالْجِبَالَ اَوْتَادًا ۟ۙ

මහපොළොව චලනය වීම වළක්වනු පිණිස ඒ මත කඳු කූඤ්ඤ ලෙස අපි ඇති කළෙමු. info
التفاسير:

external-link copy
8 : 78

وَّخَلَقْنٰكُمْ اَزْوَاجًا ۟ۙ

අහෝ ජනයිනි! අපි නුඹලාව යුගල වශයෙන් මවා ඇත්තෙමු. නුඹලා අතර පිරිමින් හා කාන්තාවන් වෙති. info
التفاسير:

external-link copy
9 : 78

وَّجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا ۟ۙ

කාර්ය බහුලත්වයෙන් ඉවත්ව නුඹලා විවේකය ලබනු පිණිස අපි නුඹලාගේ නින්ද ඇති කළෙමු. info
التفاسير:

external-link copy
10 : 78

وَّجَعَلْنَا الَّیْلَ لِبَاسًا ۟ۙ

නුඹලා විළි වසා ගන්නා වස්ත්රය මෙන් එහි තිබෙන අඳුරෙන් නුඹලාව ආවරණය කර ගන්නට අපි රාත්රිය ඇති කළෙමු. info
التفاسير:

external-link copy
11 : 78

وَّجَعَلْنَا النَّهَارَ مَعَاشًا ۟ۚ

ඉපැයීමේ හා ආහාර සම්පත් සෙවීමේ ස්ථානයක් බවට අපි දහවල ඇති කළෙමු. info
التفاسير:

external-link copy
12 : 78

وَبَنَیْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا ۟ۙ

නුඹලාට ඉහළින් ශක්තිමත් ලෙස හා ඉතා සියුම් ලෙස තනන ලද අහස් සතක් අපි නිර්මාණය කළෙමු. info
التفاسير:

external-link copy
13 : 78

وَّجَعَلْنَا سِرَاجًا وَّهَّاجًا ۟ۙ

ඉමහත්ව ආලෝකයක් ලබා දෙන දැඩි ලෙස දැවෙන පහනක් බවට අපි හිරු තැනුවෙමු. info
التفاسير:

external-link copy
14 : 78

وَّاَنْزَلْنَا مِنَ الْمُعْصِرٰتِ مَآءً ثَجَّاجًا ۟ۙ

වර්ෂාපතනය ඇති කරවන වළාවන් තුළින් අධික ලෙස ජලය වැගිරෙන්නට අපි සැළැස්සුවෙමු. info
التفاسير:

external-link copy
15 : 78

لِّنُخْرِجَ بِهٖ حَبًّا وَّنَبَاتًا ۟ۙ

එමගින් විවිධ වූ ධාන්ය වර්ග හා පැළෑටි වර්ග හටගැනීම සඳහාය. info
التفاسير:

external-link copy
16 : 78

وَّجَنّٰتٍ اَلْفَافًا ۟ؕ

එමගින් ගහ කොළ හා අතු රිකිළි එකිනෙක ඇමුණුනු ඝන වතු අපි හට ගැන්වූයෙමු. info
التفاسير:

external-link copy
17 : 78

اِنَّ یَوْمَ الْفَصْلِ كَانَ مِیْقَاتًا ۟ۙ

මැවීම් අතර වෙන් කරවන තීරණාත්මක දිනය කිසිදු ප්රමාදයකින් තොර ව නිර්ණය කරනු ලැබූ නියමිත වේලාවක පොරොන්දු වූ පරිදි සිදුවනු ඇත. info
التفاسير:

external-link copy
18 : 78

یَّوْمَ یُنْفَخُ فِی الصُّوْرِ فَتَاْتُوْنَ اَفْوَاجًا ۟ۙ

අහෝ ජනයිනි! හොරණෑව මලක්වරුන් - දේව දූතයින් - දෙවන වරට පිඹින දිනයේදී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත. info
التفاسير:

external-link copy
19 : 78

وَّفُتِحَتِ السَّمَآءُ فَكَانَتْ اَبْوَابًا ۟ۙ

අහස විවර කරනු ලැබූ විට විවෘත කරනු ලැබූ දොරටු මෙන් එහි පැළීම් හා විවර ඇති වේ. info
التفاسير:

external-link copy
20 : 78

وَّسُیِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًا ۟ؕ

විහිදී යන දුහුවිලි මෙන් කඳු විතැන් වී පසුව එය මිරිඟුවක් බවට පත් වනු ඇත. info
التفاسير:

external-link copy
21 : 78

اِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا ۟ۙ

සැබැවින්ම නිරය පහර දීමට අපේක්ෂාවෙන් සිටින ස්ථානයක් බවට පත් වේ. info
التفاسير:

external-link copy
22 : 78

لِّلطَّاغِیْنَ مَاٰبًا ۟ۙ

එය අපරාධකරුවන්ට හැරී යන ස්ථානයක් වශයෙනි. info
التفاسير:

external-link copy
23 : 78

لّٰبِثِیْنَ فِیْهَاۤ اَحْقَابًا ۟ۚ

නිමක් නැති යුග ගණනාවක් ඔවුන් එහි රැඳී සිටිති. info
التفاسير:

external-link copy
24 : 78

لَا یَذُوْقُوْنَ فِیْهَا بَرْدًا وَّلَا شَرَابًا ۟ۙ

නිරයේ ගිනි නිවාලන සිසිල් සුළඟ ඔවුන් එහි නොවිඳිති. එමෙන්ම ඉමිහිරි පානීය ජලය ඔවුන් එහි රස නොවිඳිති. info
التفاسير:

external-link copy
25 : 78

اِلَّا حَمِیْمًا وَّغَسَّاقًا ۟ۙ

දැඩි රෂ්ණයෙන් යුත් ජලය හා නිරා වැසියන්ගෙන් ගලන ඕජස් හැර වෙන කිසිවක් ඔවුන් නොවිඳිති. info
التفاسير:

external-link copy
26 : 78

جَزَآءً وِّفَاقًا ۟ؕ

එය ඔවුන් ප්රතික්ෂේප කරමින් සිටි, නොමඟ යමින් සිටි විෂයට සරිළන ප්රතිවිපාකයක් වශයෙනි. info
التفاسير:

external-link copy
27 : 78

اِنَّهُمْ كَانُوْا لَا یَرْجُوْنَ حِسَابًا ۟ۙ

සැබැවින්ම ඔවුන් මතුලොවෙහි අල්ලාහ්ගේ විනිශ්චයට බිය නොවී මෙලොව ගත කළ අය වෙති. මතුලොවෙහි යළි නැගිටුවනු ලැබීම ගැන ඔවුහු විශ්වාස නොකළහ. එසේ ඔවුන් යළි නැගිටුවනු ලැබීම ගැන බිය වූයේ නම් අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන්හි නිරත වන්නට තිබුණි. info
التفاسير:

external-link copy
28 : 78

وَّكَذَّبُوْا بِاٰیٰتِنَا كِذَّابًا ۟ؕ

අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ වදන් ඔවුහු දැඩි ලෙස බොරු කළහ. info
التفاسير:

external-link copy
29 : 78

وَكُلَّ شَیْءٍ اَحْصَیْنٰهُ كِتٰبًا ۟ۙ

ඔවුන්ගේ සෑම ක්රියාවක්ම අපි සටහන් කර තැබුවෙමු. එය ගණනය කර ඇත්තෙමු. ඔවුන්ගේ ක්රියාකාරකම් ලියන ලේඛනවල ලියනු ලැබ ඇත. info
التفاسير:

external-link copy
30 : 78

فَذُوْقُوْا فَلَنْ نَّزِیْدَكُمْ اِلَّا عَذَابًا ۟۠

එහෙයින් සීමාව ඉක්මවා කටයුතු කරන අපරාධකරුවනි, දඬුවම සදා භුක්ති විඳිනු. නුඹලාගේ දඬුවම මත දඬුවමක් මිස වෙන කිසිවක් අපි නුඹලාට අධික නොකරන්නෙමු. info
التفاسير:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• إحكام الله للخلق دلالة على قدرته على إعادته.
• අල්ලාහ්ගේ තීන්දු කිරීම් සියලු මැවීම් මත ක්රියාත්මක වීම මිනිසා මිය ගිය පසු ව යළිත් නැගිටුවීමේ ඔහුගේ බලය පෙන්වා දෙන සාධකයකි. info

• الطغيان سبب دخول النار.
• සීමාව ඉක්මවා කටයුතු කිරීම, නිරයට පිවිසීමට හේතුවක් වන්නේය. info

• مضاعفة العذاب على الكفار.
• දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට දඬුවම ගුණ කර දෙනු ලැබේ. info

external-link copy
31 : 78

اِنَّ لِلْمُتَّقِیْنَ مَفَازًا ۟ۙ

තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින්, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින්, ඔහුට බැතිමත්ව කටයුතු කරන්නන්හට ඔවුන් පැතූ පරිදිම ජයග්රාහී ස්ථානය හිමි වනු ඇත. එය උතුම් වූ ස්වර්ගයයි. (දිව්ය ලෝකයයි.) info
التفاسير:

external-link copy
32 : 78

حَدَآىِٕقَ وَاَعْنَابًا ۟ۙ

එහි උයන් හා මිදි වතු ඇත. info
التفاسير:

external-link copy
33 : 78

وَّكَوَاعِبَ اَتْرَابًا ۟ۙ

පියයුරු ඉදිරියට නෙරා ගිය සම වයසේ කන්යාවියන් ද ඇත. info
التفاسير:

external-link copy
34 : 78

وَّكَاْسًا دِهَاقًا ۟ؕ

පැන් පිරුණු බඳුන් ද ඇත. info
التفاسير:

external-link copy
35 : 78

لَا یَسْمَعُوْنَ فِیْهَا لَغْوًا وَّلَا كِذّٰبًا ۟ۚۖ

ස්වර්ගයේ නිෂ්ඵල කතා කිසිවකට ස්වර්ගවාසීන් සවන් දෙන්නේ නැත. කෙනෙකු තව කෙනෙකු හට බොරු පවසන්නේද නැත. info
التفاسير:

external-link copy
36 : 78

جَزَآءً مِّنْ رَّبِّكَ عَطَآءً حِسَابًا ۟ۙ

එය අල්ලාහ් විසින් ඔවුනට පිරිනැමූ ත්යාගයකි. එමෙන්ම ඔහුගෙන් ලැබුණු පරිපූර්ණ වූ දායාදයකි. info
التفاسير:

external-link copy
37 : 78

رَّبِّ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا بَیْنَهُمَا الرَّحْمٰنِ لَا یَمْلِكُوْنَ مِنْهُ خِطَابًا ۟ۚ

ඔහු අහස් හා මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය. මෙලොව හා මතුලොවෙහි මහා කාරුණිකය. මිහිතලයේ හා අහසේ වෙසෙන කිසිවකු හෝ වේවා පරමාධිපතිගෙන් ඔවුනට අනුමැතිය ලැබීමෙන් තොරව ඔහුගෙන් කිසිවක් විමසීමේ අයිතිය නො ලබනු ඇත. info
التفاسير:

external-link copy
38 : 78

یَوْمَ یَقُوْمُ الرُّوْحُ وَالْمَلٰٓىِٕكَةُ صَفًّا ۙۗؕ— لَّا یَتَكَلَّمُوْنَ اِلَّا مَنْ اَذِنَ لَهُ الرَّحْمٰنُ وَقَالَ صَوَابًا ۟

එය ජිබ්රීල් හා මලක්වරුන් පෙළ ගැසී සිටින දිනයකි. එදින මහා කාරුණිකයාණන් අවසර දුන් අය මිස කිසිවකු වෙනුවෙන් මැදිහත් වී කතා කිරීමට හැකියාව වෙනත් කිසිවකුට නො ලැබෙනු ඇත. දෙවියන්ගේ ඒකීයත්වය විදහා පාන ප්රකාශය මෙන් ඍජු දේ පමණක් එදින කතා කරනු ඇත. info
التفاسير:

external-link copy
39 : 78

ذٰلِكَ الْیَوْمُ الْحَقُّ ۚ— فَمَنْ شَآءَ اتَّخَذَ اِلٰی رَبِّهٖ مَاٰبًا ۟

‘එහි කිසිදු සැකයක් නැත. සැබැවින්ම එය සිදුවන්නක්මය’ යනුවෙන් නුඹලාට විස්තර කරනු ලැබූ දිනයකි මෙය. එහෙයින් අල්ලාහ්ගේ දඬුවමින් මිදී ජය ලබන්නට අපේක්ෂා කරන්නන්, තම පරමාධිපති තෘප්තියට පත්වන අයුරින් දැහැමි ක්රියාවන් සිදු කොට ඒ මත පිහිටන ඍජු මාර්ගයම පිළිපදිත්වා! info
التفاسير:

external-link copy
40 : 78

اِنَّاۤ اَنْذَرْنٰكُمْ عَذَابًا قَرِیْبًا ۖۚ۬— یَّوْمَ یَنْظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ یَدٰهُ وَیَقُوْلُ الْكٰفِرُ یٰلَیْتَنِیْ كُنْتُ تُرٰبًا ۟۠

අහෝ ජනයිනි! ළගදීම සිදුවන්නට යන දඬුවම ගැන සැබැවින්ම අපි ඔබට අවවාද කරන්නෙමු. එය මෙලොවෙහි මිනිසා තමන් කල් ඇතිව සිදු කළ දෑහි ප්රතිඵල දකින දිනයකි. දෙවියන් ප්රතික්ෂේප කළ ජනයා දඬුවමෙන් ගැළවීමේ අපේවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන කල්හි ‘නුඹලා පසට පස්වනු’ යැයි කියනු ලබන සතුන් මෙන් මා ද පසට පස් වී තිබුණා නම් කෙතරම් නම් අගනේදැයි එදින විමසා සිටිනු ඇත. info
التفاسير:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• التقوى سبب دخول الجنة.
• තක්වා හෙවත් දෙවියන් පිළිබඳ වූ බැතිමත්කම ස්වර්ගයට පිවිසීමට හේතුවක් වන්නේය. info

• تذكر أهوال القيامة دافع للعمل الصالح.
• මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ව්යසන පිළිබඳ මෙනෙහි කිරීම දැහැමි ක්රියාවන් කිරීමට මඟ පාදනු ඇත. info

• قبض روح الكافر بشدّة وعنف، وقبض روح المؤمن برفق ولين.
• දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ ප්රාණයන් කෲර හා දැඩි ලෙස ගලවා ගන්නා අතර දෙවියන් විශ්වාස කරන්නන්ගේ ප්රාණයන් ඉතා සැහැල්ලුවෙන් හා මෘදු ලෙස මුදවාලනු ඇත. info