ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය

external-link copy
36 : 35

وَالَّذِیْنَ كَفَرُوْا لَهُمْ نَارُ جَهَنَّمَ ۚ— لَا یُقْضٰی عَلَیْهِمْ فَیَمُوْتُوْا وَلَا یُخَفَّفُ عَنْهُمْ مِّنْ عَذَابِهَا ؕ— كَذٰلِكَ نَجْزِیْ كُلَّ كَفُوْرٍ ۟ۚ

අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට නිරා ගින්නේ දඬුවම ඇත. ඔවුහු එහි සදාතනිකයින් වෙති. ඔවුනට මරණය තීන්දු කොට පසු ව මරණයට පත් ව දඬුවමින් විවේකය නොලබති. නිරා ගින්නේ දඬුවමින් කිසිවක් ඔවුනට සැහැල්ලු කරනු නොලැබේ. මෙම ප්රතිඵල මෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම පරමාධිපතිගේ ආශිර්වාදයන් ප්රතික්ෂේප කළ සෑම කෙනෙකුටම ප්රතිවිපාක පිරිනමන්නෙමු. info
التفاسير:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• فضل أمة محمد صلى الله عليه وسلم على سائر الأمم.
•සෙසු සමූහයන්ට වඩා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සමූහයාට හිමි මහිමය. info

• تفاوت إيمان المؤمنين يعني تفاوت منزلتهم في الدنيا والآخرة.
•දේව විශ්වාසීන්ගේ විශ්වාසය තුළ ඇති විෂමතාවය. එනම් මෙලොව හා මතුලොවෙහි ඔවුන්ගේ නිලයන් හී පවතින විෂමතාවයයි. info

• الوقت أمانة يجب حفظها، فمن ضيعها ندم حين لا ينفع الندم.
•කාල වේලාව පැවරුනු වගකීමකි. එය ආරක්ෂා කිරීම අනිවාර්යය වේ. එහෙයින් කවරෙකු එය නාස්ති කරන්නේ ද ඔහු පසුතැවිල්ල ප්රයෝජනවත් නොවන අවස්ථාවේ පසුතැවිල්ලට පත් වෙයි. info

• إحاطة علم الله بكل شيء.
•සියලු දෑ කෙරෙහි අල්ලාහ්ගේ දැනුම ආවරණය වී තිබීම. info