ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථානය

අත් තීන්

external-link copy
1 : 95

وَالتِّیْنِ وَالزَّیْتُوْنِ ۟ۙ

අත්තික්කා හා ඔලිව් මත දිවුරමින්, info
التفاسير:

external-link copy
2 : 95

وَطُوْرِ سِیْنِیْنَ ۟ۙ

සිනායි කන්ද මත ද දිවුරමින්, info
التفاسير:

external-link copy
3 : 95

وَهٰذَا الْبَلَدِ الْاَمِیْنِ ۟ۙ

අභයදායී මෙම නගරය මත ද දිවුරමින්, info
التفاسير:

external-link copy
4 : 95

لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِیْۤ اَحْسَنِ تَقْوِیْمٍ ۟ؗ

සැබැවින්ම අපි මිනිසා ව ඉතා අලංකාර හැඩයකින් මැව්වෙමු. info
التفاسير:

external-link copy
5 : 95

ثُمَّ رَدَدْنٰهُ اَسْفَلَ سٰفِلِیْنَ ۟ۙ

පසු ව පහත්වූවන්ගෙන් වඩා පහත් වු අයෙකු බවට අපි පත් කළෙමු. info
التفاسير:

external-link copy
6 : 95

اِلَّا الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ فَلَهُمْ اَجْرٌ غَیْرُ مَمْنُوْنٍ ۟ؕ

විශ්වාස කොට යහකම් කළවුන් හැර. ඔවුනට අවසන් නො වන ප්‍රතිඵල ඇත. info
التفاسير:

external-link copy
7 : 95

فَمَا یُكَذِّبُكَ بَعْدُ بِالدِّیْنِ ۟ؕ

ඉන් පසු ව විනිශ්චය බොරු යැයි නුඹට පැවසුවේ කුමක් ද? info
التفاسير:

external-link copy
8 : 95

اَلَیْسَ اللّٰهُ بِاَحْكَمِ الْحٰكِمِیْنَ ۟۠

විනිශ්චකරුවන්ගෙන් මහා විනිශ්චයකරු අල්ලාහ් නො වේ ද? info
التفاسير: