ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථානය

අල් ෆජ්ර්

external-link copy
1 : 89

وَالْفَجْرِ ۟ۙ

අරුණෝදය මත ද දිවුරමින්. info
التفاسير:

external-link copy
2 : 89

وَلَیَالٍ عَشْرٍ ۟ۙ

දස රාත්‍රියන් මත ද දිවුරමින්. info
التفاسير:

external-link copy
3 : 89

وَّالشَّفْعِ وَالْوَتْرِ ۟ۙ

ඉරට්ටේ හා ඔත්තේ මත ද දිවුරමින්. info
التفاسير:

external-link copy
4 : 89

وَالَّیْلِ اِذَا یَسْرِ ۟ۚ

රාත්‍රිය ගෙවී යන විට ඒ මත ද දිවුරමින්. info
التفاسير:

external-link copy
5 : 89

هَلْ فِیْ ذٰلِكَ قَسَمٌ لِّذِیْ حِجْرٍ ۟ؕ

නුවණ ඇති අයට එහි (ප්‍රමාණවත්) දිවුරුමක් ඇත් ද? info
التفاسير:

external-link copy
6 : 89

اَلَمْ تَرَ كَیْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ ۟

ආද් ජනයා සමඟ නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැ? යි නුඹ නො දුටුවෙහි ද? info
التفاسير:

external-link copy
7 : 89

اِرَمَ ذَاتِ الْعِمَادِ ۟

(ඔවුන්) කුලුනුවලින් යුක්ත ඉරම් නගරවාසීන් ය. info
التفاسير:

external-link copy
8 : 89

الَّتِیْ لَمْ یُخْلَقْ مِثْلُهَا فِی الْبِلَادِ ۟

ඒවා මෙන් කිසිවක් (වෙනත්) දේශයන්හි නිර්මාණය කරනු නො ලැබී ය. info
التفاسير:

external-link copy
9 : 89

وَثَمُوْدَ الَّذِیْنَ جَابُوا الصَّخْرَ بِالْوَادِ ۟

නිම්නයන්හි ගල් පර්වත කැනූ සමූද් ජනයා සමඟත්; info
التفاسير:

external-link copy
10 : 89

وَفِرْعَوْنَ ذِی الْاَوْتَادِ ۟

රිටි සහිත ෆිර්අවුන් සමඟත් (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැ? යි නුඹ නො දුටුවෙහි ද?) info
التفاسير:

external-link copy
11 : 89

الَّذِیْنَ طَغَوْا فِی الْبِلَادِ ۟

ඔවුහු දේශයන්හි සීමාව ඉක්මවා කටයුතු කළෝ ය. info
التفاسير:

external-link copy
12 : 89

فَاَكْثَرُوْا فِیْهَا الْفَسَادَ ۟

ඔවුහු එහි කලහකම් අධික ලෙස සිදු කළෝ ය. info
التفاسير:

external-link copy
13 : 89

فَصَبَّ عَلَیْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ ۟ۚۙ

එහෙයින් නුඹගේ පරමාධිපති ඔවුන් මත දඬුවමේ කසය හෙළුවේ ය. info
التفاسير:

external-link copy
14 : 89

اِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِ ۟ؕ

සැබැවින්ම නුඹගේ පරමාධිපති රැක බලා සිටින්නා ය. info
التفاسير:

external-link copy
15 : 89

فَاَمَّا الْاِنْسَانُ اِذَا مَا ابْتَلٰىهُ رَبُّهٗ فَاَكْرَمَهٗ وَنَعَّمَهٗ ۙ۬— فَیَقُوْلُ رَبِّیْۤ اَكْرَمَنِ ۟ؕ

එනමුත් මිනිසා වූ කලී, ඔහුගේ පරමාධිපති ඔහුව පරීක්ෂාවට ලක් කර, පසුව ඔහුට උපකාර කර ඔහුට දායාදයන් පිරිනැමූ කල්හි “මාගේ පරමාධිපති මට උපකාර කළේය” යැයි ඔහු පවසයි. info
التفاسير:

external-link copy
16 : 89

وَاَمَّاۤ اِذَا مَا ابْتَلٰىهُ فَقَدَرَ عَلَیْهِ رِزْقَهٗ ۙ۬— فَیَقُوْلُ رَبِّیْۤ اَهَانَنِ ۟ۚ

තවද ඔහුව පරීක්ෂාවට ලක් කර පසුව ඔහුගේ ජීවන සම්පත් ඔහුට සීමා කළ කල්හි එවිට ඔහු “මාගේ පරමාධිපති මට අවමන් කළේය” යැයි පවසයි. info
التفاسير:

external-link copy
17 : 89

كَلَّا بَلْ لَّا تُكْرِمُوْنَ الْیَتِیْمَ ۟ۙ

නොඑසේය, නුඹලා අනාථයාට උපකාර නො කරන්නෙහු ය. info
التفاسير:

external-link copy
18 : 89

وَلَا تَحٰٓضُّوْنَ عَلٰی طَعَامِ الْمِسْكِیْنِ ۟ۙ

තවද නුඹලා දුගියාට ආහාර සැපයීමට දිරි නො ගන්වන්නෙහු ය. info
التفاسير:

external-link copy
19 : 89

وَتَاْكُلُوْنَ التُّرَاثَ اَكْلًا لَّمًّا ۟ۙ

තවද නුඹලා උරුමයන් (අයුතු ලෙස) මුළුමණින් ම අනුභව කරන්නෙහු ය. info
التفاسير:

external-link copy
20 : 89

وَّتُحِبُّوْنَ الْمَالَ حُبًّا جَمًّا ۟ؕ

එමෙන් ම අප්‍රමාණ ළැදියාවකින් ධනයට ඇලුම් කරන්නෙහු ය. info
التفاسير:

external-link copy
21 : 89

كَلَّاۤ اِذَا دُكَّتِ الْاَرْضُ دَكًّا دَكًّا ۟ۙ

එසේ නො ව, මහපොළොව කැබලි කැබලි වශයෙන් සුනු විසුනු කරනු ලැබූ කල්හි, info
التفاسير:

external-link copy
22 : 89

وَّجَآءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا ۟ۚ

තවද මලක්වරු පෙළින් පෙළට (පෙළ ගැසී) සිටියදී නුඹගේ පරමාධිපති පැමිණෙන්නේ ය. info
التفاسير:

external-link copy
23 : 89

وَجِایْٓءَ یَوْمَىِٕذٍ بِجَهَنَّمَ ۙ۬— یَوْمَىِٕذٍ یَّتَذَكَّرُ الْاِنْسَانُ وَاَنّٰی لَهُ الذِّكْرٰی ۟ؕ

තවද එදින නිරය ගෙන එනු ලැබේ. එදින මිනිසා සිහිපත් කරයි. එම සිහිපත් කිරීම ඔහුට කෙසේ (නම් ඵලක්) වන්නේ ද? info
التفاسير:

external-link copy
24 : 89

یَقُوْلُ یٰلَیْتَنِیْ قَدَّمْتُ لِحَیَاتِیْ ۟ۚ

“අහෝ මම මාගේ ජීවිතය වෙනුවෙන් කල් ඇතිව (යහකම්) සිදු කරන්නට තිබුණා නො වේ” දැ? යි ඔහු පවසයි. info
التفاسير:

external-link copy
25 : 89

فَیَوْمَىِٕذٍ لَّا یُعَذِّبُ عَذَابَهٗۤ اَحَدٌ ۟ۙ

එදින ඔහුගේ දඬුවම මෙන් කිසිවෙක් දඬුවම් නො කරයි. info
التفاسير:

external-link copy
26 : 89

وَّلَا یُوْثِقُ وَثَاقَهٗۤ اَحَدٌ ۟ؕ

තවද ඔහුගේ බැඳීම මෙන් කිසිවෙක් (අපරාධකරුවන් ව) බැඳ නො තබයි. info
التفاسير:

external-link copy
27 : 89

یٰۤاَیَّتُهَا النَّفْسُ الْمُطْمَىِٕنَّةُ ۟ۗۙ

“අහෝ සැනසුමට පත් ආත්මය! info
التفاسير:

external-link copy
28 : 89

ارْجِعِیْۤ اِلٰی رَبِّكِ رَاضِیَةً مَّرْضِیَّةً ۟ۚ

නුඹ තෘප්තියට පත් වන්නෙකු ලෙස ද තෘප්තියට ලක් වූ අයෙකු ලෙස ද නුඹගේ පරමාධිපති වෙත හැරී යනු. info
التفاسير:

external-link copy
29 : 89

فَادْخُلِیْ فِیْ عِبٰدِیْ ۟ۙ

එවිට නුඹ මාගේ ගැත්තන් අතරට යනු. info
التفاسير:

external-link copy
30 : 89

وَادْخُلِیْ جَنَّتِیْ ۟۠

තවද මාගේ ස්වර්ගයට පිවිසෙනු. info
التفاسير: