ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථානය * - පරිවර්තන පටුන

PDF XML CSV Excel API
Please review the Terms and Policies

අර්ථ කථනය පරිච්ඡේදය: අල් ඉස්රා   වාක්‍යය:
مَنْ كَانَ یُرِیْدُ الْعَاجِلَةَ عَجَّلْنَا لَهٗ فِیْهَا مَا نَشَآءُ لِمَنْ نُّرِیْدُ ثُمَّ جَعَلْنَا لَهٗ جَهَنَّمَ ۚ— یَصْلٰىهَا مَذْمُوْمًا مَّدْحُوْرًا ۟
කවරෙකු මෙලොව පතන්නේ ද අපි ප්‍රිය කරන අයට අපගේ අභිමතය පරිදි එහි ඔහුට ඉක්මන් කර දෙන්නෙමු. පසුව නිරය ඔහුට නියම කරන්නෙමු. ඔහු එහි අවමානයට ලක් වූ අභාග්‍ය සම්පන්නයෙකු සේ පිවිස දැවෙනු ඇත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَمَنْ اَرَادَ الْاٰخِرَةَ وَسَعٰی لَهَا سَعْیَهَا وَهُوَ مُؤْمِنٌ فَاُولٰٓىِٕكَ كَانَ سَعْیُهُمْ مَّشْكُوْرًا ۟
තවද කවරෙකු මතු ලොව අපේක්ෂා කොට දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙසින් ඒ වෙනුවෙන් එහි මහත් පරිශ්‍රමයකින් වෙහෙසෙන්නේ ද එවිට ඔවුන්ගේ පරිශ්‍රමය කෘතඥතාවට ලක් වූවෝ ඔවුහු ම ය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
كُلًّا نُّمِدُّ هٰۤؤُلَآءِ وَهٰۤؤُلَآءِ مِنْ عَطَآءِ رَبِّكَ ؕ— وَمَا كَانَ عَطَآءُ رَبِّكَ مَحْظُوْرًا ۟
(මෙලොව පතන) ඔවුන් හා (මතු ලොව පතන) මොවුන් යන සියල්ලන්ට ම නුඹගේ පරමාධිපතිගේ ප්‍රසාදයෙන් අපි පිරිනමන්නෙමු. නුඹගේ පරමාධිපතිගේ අනුග්‍රහය වළක්වනු ලබන්නක් නො වීය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
اُنْظُرْ كَیْفَ فَضَّلْنَا بَعْضَهُمْ عَلٰی بَعْضٍ ؕ— وَلَلْاٰخِرَةُ اَكْبَرُ دَرَجٰتٍ وَّاَكْبَرُ تَفْضِیْلًا ۟
ඔවුන්ගෙන් ඇතැමෙකුව ඇතැමෙකුට වඩා අපි උසස් කළේ කෙසේ දැ? යි නුඹ අධීක්ෂණය කරනු. තවද මතුලොව තරාතිරම්වලින් අතිමහත් ය. එමෙන් ම මහිමයට පත් කිරීමෙන් ද අතිමහත් ය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
لَا تَجْعَلْ مَعَ اللّٰهِ اِلٰهًا اٰخَرَ فَتَقْعُدَ مَذْمُوْمًا مَّخْذُوْلًا ۟۠
අල්ලාහ් සමඟ වෙනත් දෙවියකු නො ගනු. එසේ කළහොත් නුඹ නින්දාවටත් අසරණ බවටත් පත්වනු ඇත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَقَضٰی رَبُّكَ اَلَّا تَعْبُدُوْۤا اِلَّاۤ اِیَّاهُ وَبِالْوَالِدَیْنِ اِحْسَانًا ؕ— اِمَّا یَبْلُغَنَّ عِنْدَكَ الْكِبَرَ اَحَدُهُمَاۤ اَوْ كِلٰهُمَا فَلَا تَقُلْ لَّهُمَاۤ اُفٍّ وَّلَا تَنْهَرْهُمَا وَقُلْ لَّهُمَا قَوْلًا كَرِیْمًا ۟
නුඹලා ඔහුට පමණක් මිස වෙනත් කිසිවකුට නැමදුම් නො කළ යුතු බවටත්, දෙමාපියන්ට උපකාර කළ යුතු බවටත් නුඹගේ පරමාධිපති නියම කළේ ය. නුඹ ළඟ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දෙදෙනා ම හෝ මහලු වියට පත් වූයේ නම් ඔවුන් දෙදෙනාට උෆ් (චී) යැයි (නොමනා වචන) නො පවසනු. තවද ඔවුන් දෙදෙනාව පලවා නො හරිනු. ඔවුන් දෙදෙනා ගෞරවනීය වදනින් අමතනු.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَاخْفِضْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ وَقُلْ رَّبِّ ارْحَمْهُمَا كَمَا رَبَّیٰنِیْ صَغِیْرًا ۟ؕ
කරුණාවෙන් යුත් මෘදු පියාපත් ඔවුන් දෙදෙනාට නුඹ පහත් කරනු. තවද මාගේ පරමාධිපතියණනි! ඔවුන් දෙදෙනා මා කුඩා අවදියේ හදාවඩා ගත්තාක් මෙන් ඔවුන් දෙදෙනාට ද කරුණා කරනු මැනව!
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
رَبُّكُمْ اَعْلَمُ بِمَا فِیْ نُفُوْسِكُمْ ؕ— اِنْ تَكُوْنُوْا صٰلِحِیْنَ فَاِنَّهٗ كَانَ لِلْاَوَّابِیْنَ غَفُوْرًا ۟
නුඹලාගේ පරමාධිපති නුඹලාගේ සිත් තුළ ඇති දෑ මැනවින් දන්නා ය. නුඹලා දැහැමියන් වන්නේ නම් නියත වශයෙන් ම ඔහු වෙත නැඹුරුවන්නන්හට අතික්ෂමාශීලී විය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَاٰتِ ذَا الْقُرْبٰی حَقَّهٗ وَالْمِسْكِیْنَ وَابْنَ السَّبِیْلِ وَلَا تُبَذِّرْ تَبْذِیْرًا ۟
තවද සමීප ඥාතිත්වය ඇත්තාහට ඔහුගේ උරුමය නුඹ දෙනු. තවද දුගියාට හා මගියාට ද දෙනු. තවද නුඹලා නාස්තිකාර ලෙසින් අපතේ නො යවනු.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
اِنَّ الْمُبَذِّرِیْنَ كَانُوْۤا اِخْوَانَ الشَّیٰطِیْنِ ؕ— وَكَانَ الشَّیْطٰنُ لِرَبِّهٖ كَفُوْرًا ۟
නියත වශයෙන් ම නාස්තිකාරයින් ෂෙයිතානුන්ගේ සහෝදරයෝ වූහ. තවද ෂෙයිතාන් තම පරමාධිපතිට මහත් ගුණමකුවකු විය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
 
අර්ථ කථනය පරිච්ඡේදය: අල් ඉස්රා
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථානය - පරිවර්තන පටුන

රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථානයේ කණ්ඩායමක් විසින් රබ්වා හි පිහිටි ආරාධන සංගමය සහ විවිධ භාෂාවන් හරහා ඉස්ලාමීය අන්තර්ග සේවය සඳහා සංගමය සමඟ ඒකාබද්ධව පරිවර්තනය කරන ලදී.

වසන්න