Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali.

external-link copy
113 : 7

وَجَآءَ السَّحَرَةُ فِرْعَوْنَ قَالُوْۤا اِنَّ لَنَا لَاَجْرًا اِنْ كُنَّا نَحْنُ الْغٰلِبِیْنَ ۟

පසු ව හූනියම්කරුවන් රැස් කරගෙන එන පිරිසක් ෆිර්අවුන් එවා තැබීය. එම හූනියම්කරුවන් ෆිර්අවුන් වෙත පැමිණි කල්හි ඔවුන්ගේ හූනියම තුළින් මූසාව පරදවා ඔහුට එරෙහි ව ඔවුන් ජය ගත්තේ නම් ඔවුනට ප්රමාණවත් සම්පතක් ඇත්තේ දැ?යි ඔවුහු ෆිර්අවුන්ගෙන් විමසා සිටියහ. info
التفاسير:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• من حكمة الله ورحمته أن جعل آية كل نبي مما يدركه قومه، وقد تكون من جنس ما برعوا فيه.
සෑම නබිවරයකුටම ඔවුන්ගේ සමූහයා ධාරණය කළ හැකි පරිදි ප්රාතිහාර්යයක් ලබා දීම අල්ලාහ්ගේ ප්රඥාවෙන් හා කරුණාවෙන් යුත් කරුණකි. ඔවුන් වඩාත් දක්ෂකම් පෑ ක්ෂේත්රයට අදාළව එය පිහිටින. info

• أنّ فرعون كان عبدًا ذليلًا مهينًا عاجزًا، وإلا لما احتاج إلى الاستعانة بالسحرة في دفع موسى عليه السلام.
සැබැවින්ම ෆිර්අවුන් ඉතා පහත් නීච, හැකියාවක් නැති, ගැත්තෙකු බවට පත් විය. ඔහු එසේ නොවන්නෙකු නම් මූසා (අලයිහිස් සලාම්) තුමා ව මැඩලීම සඳහා හූනියම්කරුවන්ගෙන් උදව් උපකාර නොගෙන සිටින්නට තිබුණි. info

• يدل على ضعف السحرة - مع اتصالهم بالشياطين التي تلبي مطالبهم - طلبهم الأجر والجاه عند فرعون.
මායාකරුවන් (තම ඉල්ලීම් සපුරාලන අධර්මිෂ්ඨයින් සම්බන්ධ කර ගෙන සිටිය ද) ෆිර්අවුන්ගෙන් තිළිණ සහ කීර්තිය පැතීම ඔවුන්ගේ දුර්වලතාවය පෙන්නුම් කර දෙයි. info