Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali.

external-link copy
5 : 24

اِلَّا الَّذِیْنَ تَابُوْا مِنْ بَعْدِ ذٰلِكَ وَاَصْلَحُوْا ۚ— فَاِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟

නමුත් ඔවුන් එසේ චෝදනා ඉදිරිපත් කළ පසු ව අල්ලාහ් වෙත පශ්චාත්තාප වී ඔවුන්ගේ ක්රියාවන් හැඩගස්වා ගත් අය හැර. සැබැවින්ම ඔවුන්ගේ පාපක්ෂමාව හා ඔවුන්ගේ සාක්ෂිය අල්ලාහ් පිළිගන්නේය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාපක්ෂමා අයැද සිටින්නේ ද ඔහුට ක්ෂමාව පිරිනමන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය. info
التفاسير:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• التمهيد للحديث عن الأمور العظام بما يؤذن بعظمها.
•වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එහි වැදගත්කම පෙන්වා දෙන කරුණුවලින් ආරම්භ කිරීම. info

• الزاني يفقد الاحترام والرحمة في المجتمع المسلم.
•දුරාචාරයේ යෙදෙන්නා මුස්ලිම් සමාජය තුළ ආදරය, කරුණාව හා ගෞරවය අහිමි කර ගනී. info

• الحصار الاجتماعي على الزناة وسيلة لتحصين المجتمع منهم، ووسيلة لردعهم عن الزنى.
•දුරාචාරයේ යෙදෙන්නන් සමාජීය වශයෙන් වැටලීම, ඔවුන් අතර සිටින සමාජය ආරක්ෂා කිරීම සඳහා වූ ක්රියාමාර්ගයක් මෙන්ම දුරාචායෙන් ඔවුන් වළක්වා ගැනීමේ ක්රියාමාර්ගයක් වන්නේය. info

• تنويع عقوبة القاذف إلى عقوبة مادية (الحد)، ومعنوية (رد شهادته، والحكم عليه بالفسق) دليل على خطورة هذا الفعل.
•අවලාද නගන්නාගේ දඬුවම භෞතිකමය දඬුවමක් (දණ්ඩ නීතිය ක්රියාත්මක කිරීමක්) ලෙස හා ආධ්යාත්මික දඬුවමක් (ඔහුගේ සාක්ෂිය හෙළා දැක ඔහු කෙරෙහි දූෂිතයෙකු ලෙස තීන්දු කිරීමක්) ලෙස වර්ග කර තිබීම එම ක්රියාවේ බරපතලකම පෙන්වා දෙන සාධකයකි. info

• لا يثبت الزنى إلا ببينة، وادعاؤه دونها قذف.
•දුරාචාරයේ දඬුවම පැහැදිලි සාක්ෂියක් මගින් මිස ස්ථීර කරනු නොලැබේ. සාක්ෂිය නොමැති ව ඒ ගැන වාද කිරීම අවලාද නැගීමකි. info