Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro bya Qur'an Ntagatifu mu rurimi rw'igisanihali - Byakozwe n'ikigo Rowad Translation Center.

අල් හදීද්

external-link copy
1 : 57

سَبَّحَ لِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ۚ— وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟

අහස්හි හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ්ව සුවිශුද්ධ කරති. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය. info
التفاسير:

external-link copy
2 : 57

لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ۚ— یُحْیٖ وَیُمِیْتُ ۚ— وَهُوَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟

අහස්හි හා මහපොළොවේ ආධිපත්‍යය ඔහු සතු ය. ඔහු ප්‍රාණය දෙන්නේ ය. තවද මරණයට පත් කරන්නේ ය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය. info
التفاسير:

external-link copy
3 : 57

هُوَ الْاَوَّلُ وَالْاٰخِرُ وَالظَّاهِرُ وَالْبَاطِنُ ۚ— وَهُوَ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟

ඔහු ප්‍රාරම්භකයා ය. අවසානයා ය. දෘශ්‍යමානයා ය. (අදෘශ්‍යමාන) අභ්‍යන්තරයා ය. තවද ඔහු සියලු දෑ පිළිබඳ සර්ව ඥානී ය. info
التفاسير: