Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro bya Qur'an Ntagatifu mu rurimi rw'igisanihali - Byakozwe n'ikigo Rowad Translation Center.

numero y'urupapuro:close

external-link copy
203 : 2

وَاذْكُرُوا اللّٰهَ فِیْۤ اَیَّامٍ مَّعْدُوْدٰتٍ ؕ— فَمَنْ تَعَجَّلَ فِیْ یَوْمَیْنِ فَلَاۤ اِثْمَ عَلَیْهِ ۚ— وَمَنْ تَاَخَّرَ فَلَاۤ اِثْمَ عَلَیْهِ ۙ— لِمَنِ اتَّقٰی ؕ— وَاتَّقُوا اللّٰهَ وَاعْلَمُوْۤا اَنَّكُمْ اِلَیْهِ تُحْشَرُوْنَ ۟

තවද නියමිත දින ගණනක් තුළ නුඹලා අල්ලාහ්ව සිහිපත් කරනු. නමුත් කවරෙකු (මිනාවෙහි රැඳී සිටීමෙන්) දින දෙකකින් ඉක්මන් වන්නේ ද එවිට ඔහු කෙරෙහි පාපයක් නොමැත. තවද කවරෙකු ප්‍රමාද වන්නේ ද ඔහු කෙරෙහි ද පාපයක් නොමැත. එය බිය බැතිමත් වූවන්හට ය. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. සැබැවින් ම නුඹලා ඔහු වෙත එක් රැස් කරනු ලබන බව දැන ගනු. info
التفاسير:

external-link copy
204 : 2

وَمِنَ النَّاسِ مَنْ یُّعْجِبُكَ قَوْلُهٗ فِی الْحَیٰوةِ الدُّنْیَا وَیُشْهِدُ اللّٰهَ عَلٰی مَا فِیْ قَلْبِهٖ ۙ— وَهُوَ اَلَدُّ الْخِصَامِ ۟

මෙලොව ජීවිතයෙහි තම ප්‍රකාශය නුඹව පුදුමයට පත් කර වන හා තම හදවතෙහි ඇති දෑ කෙරෙහි අල්ලාහ්ව සාක්ෂි වශයෙන් තබන අය ද මිනිසුන් අතුරින් වෙති. තවද ඔහු තර්ක කිරීමෙහි ඉතා දැඩි ය. info
التفاسير:

external-link copy
205 : 2

وَاِذَا تَوَلّٰی سَعٰی فِی الْاَرْضِ لِیُفْسِدَ فِیْهَا وَیُهْلِكَ الْحَرْثَ وَالنَّسْلَ ؕ— وَاللّٰهُ لَا یُحِبُّ الْفَسَادَ ۟

ඔහු හැරී ගිය විට මහපොළොවෙහි කලහකම් කිරීමටත් අස්වනු හා සත්ත්ව පරපුර විනාශ කිරීමටත් උත්සාහ දැරුවේ ය. තවද අල්ලාහ් කලහකම ප්‍රිය නො කරන්නේ ය. info
التفاسير:

external-link copy
206 : 2

وَاِذَا قِیْلَ لَهُ اتَّقِ اللّٰهَ اَخَذَتْهُ الْعِزَّةُ بِالْاِثْمِ فَحَسْبُهٗ جَهَنَّمُ ؕ— وَلَبِئْسَ الْمِهَادُ ۟

නුඹ අල්ලාහ්ට බැතිමත් වනු යැයි ඔහුට පවසනු ලැබූ විට පාපී ලෙස ගර්වය ඔහුව ග්‍රහණය කළේ ය. එබැවින් නිරය ඔහුට ප්‍රමාණවත් ය. තවද (අවසානයේ ලගින) යහන නපුරු විය. info
التفاسير:

external-link copy
207 : 2

وَمِنَ النَّاسِ مَنْ یَّشْرِیْ نَفْسَهُ ابْتِغَآءَ مَرْضَاتِ اللّٰهِ ؕ— وَاللّٰهُ رَءُوْفٌۢ بِالْعِبَادِ ۟

අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් තම ආත්මය මිල කරන්නන් ද මිනිසුන් අතුරින් වෙති. තවද අල්ලාහ් ගැත්තන් කෙරෙහි සෙනෙහෙවන්ත ය. info
التفاسير:

external-link copy
208 : 2

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا ادْخُلُوْا فِی السِّلْمِ كَآفَّةً ۪— وَلَا تَتَّبِعُوْا خُطُوٰتِ الشَّیْطٰنِ ؕ— اِنَّهٗ لَكُمْ عَدُوٌّ مُّبِیْنٌ ۟

අහෝ විශ්වාස කළවුනි! නුඹලා සාමය (නම් ඉස්ලාමය) තුළට මුළුමණින් ම පිවිසෙනු. තවද ෂෙයිතාන්ගේ පියවරවල් අනුගමනය නො කරනු. සැබැවින් ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි. info
التفاسير:

external-link copy
209 : 2

فَاِنْ زَلَلْتُمْ مِّنْ بَعْدِ مَا جَآءَتْكُمُ الْبَیِّنٰتُ فَاعْلَمُوْۤا اَنَّ اللّٰهَ عَزِیْزٌ حَكِیْمٌ ۟

නුඹලාට පැහැදිලි සාධක පැමිණි පසු නුඹලා (ඉන් මිදී) ලිස්සී යන්නෙහු නම් එවිට සැබැවින් ම අල්ලාහ් සර්ව බලධාරී හා සර්ව ප්‍රඥාවන්ත බව නුඹලා දැන ගනු. info
التفاسير:

external-link copy
210 : 2

هَلْ یَنْظُرُوْنَ اِلَّاۤ اَنْ یَّاْتِیَهُمُ اللّٰهُ فِیْ ظُلَلٍ مِّنَ الْغَمَامِ وَالْمَلٰٓىِٕكَةُ وَقُضِیَ الْاَمْرُ ؕ— وَاِلَی اللّٰهِ تُرْجَعُ الْاُمُوْرُ ۟۠

වලාකුළු හෙවණැලි අතුරින් අල්ලාහ් ද මලක්වරුන් ද ඔවුන් වෙත පැමිණ කටයුත්ත තීන්දු කරනු ලැබීම ඔවුහු අපේක්ෂා කරන්නෝ ද? තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත ය. info
التفاسير: