Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro bya Qur'an Ntagatifu mu rurimi rw'igisanihali - Byakozwe n'ikigo Rowad Translation Center.

numero y'urupapuro:close

external-link copy
21 : 10

وَاِذَاۤ اَذَقْنَا النَّاسَ رَحْمَةً مِّنْ بَعْدِ ضَرَّآءَ مَسَّتْهُمْ اِذَا لَهُمْ مَّكْرٌ فِیْۤ اٰیَاتِنَا ؕ— قُلِ اللّٰهُ اَسْرَعُ مَكْرًا ؕ— اِنَّ رُسُلَنَا یَكْتُبُوْنَ مَا تَمْكُرُوْنَ ۟

තවද ඔවුනට ඇති වූ පීඩාවන්ට පසු ජනයාට දයාවක් විඳවන්නට අපි සැලැස් වූ විට අපගේ වදන්වලට (බොරු කරමින්) කුමන්ත්‍රණයක් ඔවුහු යොදති. උපාය මාර්ග යෙදීමෙන් අල්ලාහ් අතිවේගවත් ය. නියත වශයෙන් ම නුඹලා කුමන්ත්‍රණ කරන දෑ අපගේ (සුර) දූතවරු සටහන් කරති යැයි (නබිවරය!) පවසනු. info
التفاسير:

external-link copy
22 : 10

هُوَ الَّذِیْ یُسَیِّرُكُمْ فِی الْبَرِّ وَالْبَحْرِ ؕ— حَتّٰۤی اِذَا كُنْتُمْ فِی الْفُلْكِ ۚ— وَجَرَیْنَ بِهِمْ بِرِیْحٍ طَیِّبَةٍ وَّفَرِحُوْا بِهَا جَآءَتْهَا رِیْحٌ عَاصِفٌ وَّجَآءَهُمُ الْمَوْجُ مِنْ كُلِّ مَكَانٍ وَّظَنُّوْۤا اَنَّهُمْ اُحِیْطَ بِهِمْ ۙ— دَعَوُا اللّٰهَ مُخْلِصِیْنَ لَهُ الدِّیْنَ ۚ۬— لَىِٕنْ اَنْجَیْتَنَا مِنْ هٰذِهٖ لَنَكُوْنَنَّ مِنَ الشّٰكِرِیْنَ ۟

ගොඩබිමේ හා මුහුදේ නුඹලාව ගමන් කරවනුයේ ඔහු ය. නුඹලා නැවක සිටි විට එය නැවුම් සුළඟකින් ඔවුන් කැටුව යාත්‍රා කරයි. තවද එමඟින් ඔවුහු සතුටු වූහ. සුළි සුළඟක් ඒ වෙත පැමිණි ය. තවද සෑම තැනකින් ම (මුහුදු) රැලිද ඔවුන් වෙත පැමිණි ය. එවිට නියත වශයෙන් ම තමන් කොටු වී ඇතැයි ඔවුහු සිතති. නුඹ අප මෙයින් මුදවා ගත්තෙහි නම් නියත වශයෙන් ම අපි කෘතවේදීන් අතරින් වෙමු යි පවසා දහම අල්ලාහ්ට පමණක් සතු කරමින් අවංකයින් ලෙසින් අල්ලාහ්ගෙන් ඇයැද සිටිති. info
التفاسير:

external-link copy
23 : 10

فَلَمَّاۤ اَنْجٰىهُمْ اِذَا هُمْ یَبْغُوْنَ فِی الْاَرْضِ بِغَیْرِ الْحَقِّ ؕ— یٰۤاَیُّهَا النَّاسُ اِنَّمَا بَغْیُكُمْ عَلٰۤی اَنْفُسِكُمْ ۙ— مَّتَاعَ الْحَیٰوةِ الدُّنْیَا ؗ— ثُمَّ اِلَیْنَا مَرْجِعُكُمْ فَنُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟

එසේ ඔහු ඔවුන් මුදවා ගත් කල්හි එවිට ඔවුහු යුක්තියෙන් තොරව මහපොළොවේ සීමාව ඉක්මවා කටයුතු කරති. අහෝ ජනයිනි! නුඹලාගේ සීමාව ඉක්මවීම නුඹලාට එරෙහිව ම ය. මෙලොව ජීවිතයේ අල්ප සැපයකි. පසුව නුඹලා නැවත යොමු කරනු ලබන ස්ථානය අප වෙත ය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳව අපි නුඹලාට දන්වන්නෙමු. info
التفاسير:

external-link copy
24 : 10

اِنَّمَا مَثَلُ الْحَیٰوةِ الدُّنْیَا كَمَآءٍ اَنْزَلْنٰهُ مِنَ السَّمَآءِ فَاخْتَلَطَ بِهٖ نَبَاتُ الْاَرْضِ مِمَّا یَاْكُلُ النَّاسُ وَالْاَنْعَامُ ؕ— حَتّٰۤی اِذَاۤ اَخَذَتِ الْاَرْضُ زُخْرُفَهَا وَازَّیَّنَتْ وَظَنَّ اَهْلُهَاۤ اَنَّهُمْ قٰدِرُوْنَ عَلَیْهَاۤ ۙ— اَتٰىهَاۤ اَمْرُنَا لَیْلًا اَوْ نَهَارًا فَجَعَلْنٰهَا حَصِیْدًا كَاَنْ لَّمْ تَغْنَ بِالْاَمْسِ ؕ— كَذٰلِكَ نُفَصِّلُ الْاٰیٰتِ لِقَوْمٍ یَّتَفَكَّرُوْنَ ۟

මෙලොව ජීවිතයේ උපමාව වනුයේ අහසින් අපි පහළ කළ ජලය මෙනි. එවිට මිනිසුන් හා ගොවිපළ සතුන් ආහාරයට ගන්නා දැයින් මහපොළොවේ ඇති පැළෑටි ඒ සමඟ මුසු විය. එමෙන් ම මහපොළොව එහි සරුසාරවත් භාවය ගෙන අලංකාරවත් විය. එහි වැසියෝ ද නියත වශයෙන් ම ඒ මත තමන් බලය දරන්නන් බව සිතුවෝ ය. (එවිට) රාත්‍රියේ හෝ දහවලේ අපගේ නියෝගය ඒ වෙත පැමිණ, එය පෙරදින කිසිදු ප්‍රයෝජනයක් නො ගත්තාක් මෙන්, නෙළනු ලැබූ පාළු භූමියක් බවට අපි පත් කළෙමු. වටහා ගන්නා ජනයාට මෙම වදන් අපි පැහැදිලි කරනුයේ මෙලෙස ය. info
التفاسير:

external-link copy
25 : 10

وَاللّٰهُ یَدْعُوْۤا اِلٰی دَارِ السَّلٰمِ ؕ— وَیَهْدِیْ مَنْ یَّشَآءُ اِلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟

තවද අල්ලාහ් ශාන්තියේ නිවහන වෙත ඇරයුම් කරයි. තවද ඔහු අභිමත කරන අයට ඍජු මාර්ගය වෙත මඟ පෙන්වයි. info
التفاسير: