Tradução dos significados do Nobre Qur’an. - Tradução cingalês da interpretação abreviada do Nobre Alcorão.

external-link copy
180 : 7

وَلِلّٰهِ الْاَسْمَآءُ الْحُسْنٰی فَادْعُوْهُ بِهَا ۪— وَذَرُوا الَّذِیْنَ یُلْحِدُوْنَ فِیْۤ اَسْمَآىِٕهٖ ؕ— سَیُجْزَوْنَ مَا كَانُوْا یَعْمَلُوْنَ ۟

සුවිශුද්ධ අල්ලාහ්ට අලංකාර නාමයන් ඇත. ඒවා ඔහුගේ කීර්තිය හා පූර්ණභාවය පෙන්වා දෙයි. ඔබ සිතන දෑ අල්ලාහ්ගෙන් පතන විට ඔහු වෙත ඒවා ඉදිරිපත් කරමින් පිහිට පතනු. එමගින් ඔහු ප්රශංසා කරනු. මෙම නාමයන් තුළ ගම්ය ව ඇති සත්යයෙන් ඉවත් ව, ඒවා අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් පත් කරමින් හෝ ඒවා ඔහුට නොමැති බව පවසමින් හෝ ඒවායෙහි අර්ථ විකෘති කරමින් හෝ වෙනත් දිශාවකට නැඹුරු වීම අතහැර දමනු. ඒවා ගෙන සත්යයෙයන් වෙනතකට නැඹුරු වන්නන්හට අපි මතු ප්රතිඵල පිරිනමන්නෙමු. ඔවුන් කරමින් සිටි දෑ සඳහා වේදනීය දඬුවම ඔවුනට ඇත. info
التفاسير:
Das notas do versículo nesta página:
• خلق الله للبشر آلات الإدراك والعلم - القلوب والأعين والآذان - لتحصيل المنافع ودفع المضار.
•මිනිසා ප්රයෝජන ලබන්නටත්, හානිදායක දැයින් තමන් වළක්වා ගන්නටත්, අවශ්ය වන යමක් වටහා ගැනීමේ හා දැනුමේ -හදවත් ඇස් හා කන් යන- උපකරණයන් අල්ලාහ් මිනිසා වෙනුවෙන් මවා ඇත. info

• الدعاء بأسماء الله الحسنى سبب في إجابة الدعاء، فيُدْعَى في كل مطلوب بما يناسب ذلك المطلوب، مثل: اللهمَّ تب عَلَيَّ يا تواب.
•අල්ලාහ්ගේ අලංකාර නමායන් ඉදිරිපත් කොට ප්රාර්ථනා කිරීම, ප්රාර්ථනා ව පිළිගැනීමට සාධකයක් වන්නේය. පතන සෑම දෙයකටම එයට අදාළ වන නාමයෙන් ඔහු අමතනු ලැබිය යුතුය. උදාහරණ වශයෙන් අහෝ අතික්ෂමාශීලියාණනි! මා වෙත සමා ව දෙනු මැනව! info

• التفكر في عظمة السماوات والأرض، والتوصل بهذا التفكر إلى أن الله تعالى هو المستحق للألوهية دون غيره؛ لأنه المنفرد بالصنع.
•අහස් හා මහ පොළොවේ මහිමය පිළිබඳ සිතා බැලීම, එසේ සිතා බැලීම තුළින් දේවත්වයට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කෙනෙකු නොවන්නේය යන හැඟීම ළඟා කරවන්නේය. ඊට හේතුව මැවීමෙහි ඔහු කේවල වන බැවිනි. info