ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ - ߙߎ߬ߥߊ߯ߘߎ ߘߟߊߡߌߘߊ ߝߊ߲ߓߊ ߓߟߏ߫

ߞߐߜߍ ߝߙߍߕߍ:close

external-link copy
20 : 26

قَالَ فَعَلْتُهَاۤ اِذًا وَّاَنَا مِنَ الضَّآلِّیْنَ ۟ؕ

මුළාවූවන් අතරින් කෙනෙකුව මා සිටිය දී මම එය සිදු කළෙමි යැයි ඔහු (මූසා) පැවසී ය. info
التفاسير:

external-link copy
21 : 26

فَفَرَرْتُ مِنْكُمْ لَمَّا خِفْتُكُمْ فَوَهَبَ لِیْ رَبِّیْ حُكْمًا وَّجَعَلَنِیْ مِنَ الْمُرْسَلِیْنَ ۟

එවිට මම නුඹලාට බිය වූ කල්හි මම නුඹලාගෙන් පලා ගියෙමි. එවිට මාගේ පරමාධිපති මට ප්‍රඥාව ප්‍රදානය කළේ ය. තවද ඔහු මා ධර්ම දූතයින් අතරට පත් කළේ ය. info
التفاسير:

external-link copy
22 : 26

وَتِلْكَ نِعْمَةٌ تَمُنُّهَا عَلَیَّ اَنْ عَبَّدْتَّ بَنِیْۤ اِسْرَآءِیْلَ ۟ؕ

තවද එය ආශිර්වාදයකි. ඉස්රාඊල් දරුවන්ව (ෆිර්අවුන් වන) නුඹ වහල් භාවයට පත් කරමින් නුඹ මට එය කියා පෙන්වන්නෙහි ය. info
التفاسير:

external-link copy
23 : 26

قَالَ فِرْعَوْنُ وَمَا رَبُّ الْعٰلَمِیْنَ ۟

සර්ව ලෝකයන්හි පරමාධිපති යනු කවරෙක් දැ? යි ෆිර්අවුන් විමසී ය. info
التفاسير:

external-link copy
24 : 26

قَالَ رَبُّ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا بَیْنَهُمَا ؕ— اِنْ كُنْتُمْ مُّوْقِنِیْنَ ۟

නුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු) අහස්හි හා මහපොළවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපති (ඔහු)ය යැයි ඔහු (මූසා) පැවසී ය. info
التفاسير:

external-link copy
25 : 26

قَالَ لِمَنْ حَوْلَهٗۤ اَلَا تَسْتَمِعُوْنَ ۟

නුඹලා සවන් නො දෙන්නෙහු දැ? යි අවට සිටියවුන්ගෙන් ඔහු (ෆිර්අවුන්) පැවසී ය. info
التفاسير:

external-link copy
26 : 26

قَالَ رَبُّكُمْ وَرَبُّ اٰبَآىِٕكُمُ الْاَوَّلِیْنَ ۟

(ඔහු) නුඹලාගේ පරමාධිපති ද නුඹලාගේ මුල් මුතුන් මිත්තන්ගේ පරමාධිපති ද වේ යැයි (මූසා) පැවසී ය. info
التفاسير:

external-link copy
27 : 26

قَالَ اِنَّ رَسُوْلَكُمُ الَّذِیْۤ اُرْسِلَ اِلَیْكُمْ لَمَجْنُوْنٌ ۟

නුඹලා වෙත එවනු ලැබූ නුඹලාගේ ධර්ම දූතයා නියත වශයෙන් ම උම්මත්තකයෙකි යැයි ඔහු (ෆිර්අවුන්) පැවසී ය. info
التفاسير:

external-link copy
28 : 26

قَالَ رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَمَا بَیْنَهُمَا ؕ— اِنْ كُنْتُمْ تَعْقِلُوْنَ ۟

නුඹලා වටහා ගන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු) නැගෙනහිර බටහිර හා ඒ දෙක අතර ඇති දෑහි හිමිපාණන් (ඔහු)ය යැයි ඔහු (මූසා) පැවසී ය. info
التفاسير:

external-link copy
29 : 26

قَالَ لَىِٕنِ اتَّخَذْتَ اِلٰهًا غَیْرِیْ لَاَجْعَلَنَّكَ مِنَ الْمَسْجُوْنِیْنَ ۟

මා හැර වෙනත් දෙවියකු නුඹ ගත්තෙහි නම් සැබැවින් ම මම නුඹව සිරකරුවන් අතරට පත් කරමි යැයි ඔහු (ෆිර්අවුන්) පැවසී ය. info
التفاسير:

external-link copy
30 : 26

قَالَ اَوَلَوْ جِئْتُكَ بِشَیْءٍ مُّبِیْنٍ ۟ۚ

මම නුඹ වෙත පැහැදිලි කරුණක් රැගෙන ආ විට වුව දැ? යි ඔහු (මූසා) විමසී ය. info
التفاسير:

external-link copy
31 : 26

قَالَ فَاْتِ بِهٖۤ اِنْ كُنْتَ مِنَ الصّٰدِقِیْنَ ۟

නුඹ සත්‍යවාදීන් අතරින් නම් එය නුඹ ගෙන එනු යැයි ඔහු (ෆිර්අවුන්) පැවසී ය. info
التفاسير:

external-link copy
32 : 26

فَاَلْقٰی عَصَاهُ فَاِذَا هِیَ ثُعْبَانٌ مُّبِیْنٌ ۟ۚۖ

එවිට ඔහු (මූසා) ඔහුගේ සැරයටිය (බිම) හෙළුවේ ය. එවිට එය පැහැදිලි සර්පයකු විය. info
التفاسير:

external-link copy
33 : 26

وَّنَزَعَ یَدَهٗ فَاِذَا هِیَ بَیْضَآءُ لِلنّٰظِرِیْنَ ۟۠

තවද ඔහුගේ අත ඉවතට ගත්තේ ය. එවිට එය නරඹන්නන්හට (දීප්තියෙන් බැබළෙන) සුදුවන් (සේ දිස්) විය. info
التفاسير:

external-link copy
34 : 26

قَالَ لِلْمَلَاِ حَوْلَهٗۤ اِنَّ هٰذَا لَسٰحِرٌ عَلِیْمٌ ۟ۙ

නියත වශයෙන් ම මොහු මනා දැනුමැති මායාකරුවකු යැයි තමන් අවට සිටි ප්‍රධානීන්හට ඔහු (ෆිර්අවුන්) පැවසී ය. info
التفاسير:

external-link copy
35 : 26

یُّرِیْدُ اَنْ یُّخْرِجَكُمْ مِّنْ اَرْضِكُمْ بِسِحْرِهٖ ۖۗ— فَمَاذَا تَاْمُرُوْنَ ۟

ඔහුගේ මායාවෙන් නුඹලාව නුඹලාගේ දේශයෙන් පිටුවහල් කිරීමට ඔහු අපේක්ෂා කරයි. එහෙයින් (ඔහු ගැන මට) නුඹලා කුමක් අණ කරන්නෙහු ද? info
التفاسير:

external-link copy
36 : 26

قَالُوْۤا اَرْجِهْ وَاَخَاهُ وَابْعَثْ فِی الْمَدَآىِٕنِ حٰشِرِیْنَ ۟ۙ

ඔහු හා ඔහුගේ සහෝදරයාට කල් දෙනු. තවද නගරවලට (ජනයා) එක්රැස් කරන්නන් එවනු යැයි ඔවුහු (ප්‍රධානීහු) පැවසුවෝ ය. info
التفاسير:

external-link copy
37 : 26

یَاْتُوْكَ بِكُلِّ سَحَّارٍ عَلِیْمٍ ۟

මනා දැනුමැති සියලු ම මායාකරුවන් නුඹ වෙත ඔවුන් ගෙන එනු ඇත. info
التفاسير:

external-link copy
38 : 26

فَجُمِعَ السَّحَرَةُ لِمِیْقَاتِ یَوْمٍ مَّعْلُوْمٍ ۟ۙ

එසේ නියමිත දිනක නියමිත වේලාවක මායාකරුවන් එක්රැස් කරන ලදි. info
التفاسير:

external-link copy
39 : 26

وَّقِیْلَ لِلنَّاسِ هَلْ اَنْتُمْ مُّجْتَمِعُوْنَ ۟ۙ

තවද නුඹලා ද එක්රැස්වන්නෝ දැ? යි ජනයාගෙන් විමසන ලදි. info
التفاسير: