ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ - ߙߎ߬ߥߊ߯ߘߎ ߘߟߊߡߌߘߊ ߝߊ߲ߓߊ ߓߟߏ߫

ߞߐߜߍ ߝߙߍߕߍ:close

external-link copy
207 : 26

مَاۤ اَغْنٰی عَنْهُمْ مَّا كَانُوْا یُمَتَّعُوْنَ ۟ؕ

ඔවුන් භුක්ති විඳිමින් සිටි දෑ ඔවුනට ඵලක් නො වනු ඇත. info
التفاسير:

external-link copy
208 : 26

وَمَاۤ اَهْلَكْنَا مِنْ قَرْیَةٍ اِلَّا لَهَا مُنْذِرُوْنَ ۟

තවද කිසිදු ගම්මානයක් එහි (එ වන ලද) අනතුරු අඟවන්නන්ගෙන් තොරව අපි විනාශ නො කළෙමු. info
التفاسير:

external-link copy
209 : 26

ذِكْرٰی ۛ۫— وَمَا كُنَّا ظٰلِمِیْنَ ۟

(ඔවුන් එවනු ලැබුවේ) මෙනෙහි කිරීමක් වශයෙනි. තවද අපි අපරාධකරුවන් නො වූයෙමු. info
التفاسير:

external-link copy
210 : 26

وَمَا تَنَزَّلَتْ بِهِ الشَّیٰطِیْنُ ۟ۚ

තවද ෂෙයිතාන්නු එය පහළ නො කළෝ ය. info
التفاسير:

external-link copy
211 : 26

وَمَا یَنْۢبَغِیْ لَهُمْ وَمَا یَسْتَطِیْعُوْنَ ۟ؕ

තවද ඔවුනට එය සුදුසු (කාර්යයක්) නො වීය. තවද ඔවුහු එයට ශක්තිය නො දරති. info
التفاسير:

external-link copy
212 : 26

اِنَّهُمْ عَنِ السَّمْعِ لَمَعْزُوْلُوْنَ ۟ؕ

නියත වශයෙන් ම ඔවුහු (එයට) සවන්දීමෙන් ඉවත් කරනු ලැබූවෝ වෙති. info
التفاسير:

external-link copy
213 : 26

فَلَا تَدْعُ مَعَ اللّٰهِ اِلٰهًا اٰخَرَ فَتَكُوْنَ مِنَ الْمُعَذَّبِیْنَ ۟ۚ

එහෙයින් නුඹ අල්ලාහ් සමඟ වෙනත් දෙවියකු ඇරයුම් නො කරනු. එවිට නුඹ දඬුවම් කරනු ලබන්නන් අතරින් වනු ඇත. info
التفاسير:

external-link copy
214 : 26

وَاَنْذِرْ عَشِیْرَتَكَ الْاَقْرَبِیْنَ ۟ۙ

තවද නුඹගේ සමීප ඥාතීන්ට නුඹ අවවාද කරනු. info
التفاسير:

external-link copy
215 : 26

وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِیْنَ ۟ۚ

තවද දේවත්වය විශ්වාස කරන්නන් අතරින් නුඹව අනුගමනය කළවුන්හට නුඹගේ (කරුණාවේ) පියාපත් පහත් කරනු. info
التفاسير:

external-link copy
216 : 26

فَاِنْ عَصَوْكَ فَقُلْ اِنِّیْ بَرِیْٓءٌ مِّمَّا تَعْمَلُوْنَ ۟ۚ

එහෙත් ඔවුන් නුඹට පිටුපෑවේ නම්, නියත වශයෙන් ම නුඹලා සිදු කරන දැයින් මම නිදහස් වූ අයෙකි යැයි නුඹ පවසනු. info
التفاسير:

external-link copy
217 : 26

وَتَوَكَّلْ عَلَی الْعَزِیْزِ الرَّحِیْمِ ۟ۙ

තවද නුඹ සර්ව බලධාරී මහාකරුණාන්විතයාණන් මත (සියල්ල) භාර කරනු. info
التفاسير:

external-link copy
218 : 26

الَّذِیْ یَرٰىكَ حِیْنَ تَقُوْمُ ۟ۙ

ඔහු වනාහි නුඹ නැගිට නැමදුම් කරන විට නුඹව දකින්නා ය. info
التفاسير:

external-link copy
219 : 26

وَتَقَلُّبَكَ فِی السّٰجِدِیْنَ ۟

තවද සුජූද් කරන්නන් අතර නුඹගේ චලනය ද (ඔහු දකින්නාය). info
التفاسير:

external-link copy
220 : 26

اِنَّهٗ هُوَ السَّمِیْعُ الْعَلِیْمُ ۟

නියත වශයෙන් ම ඔහු මය සර්ව ශ්‍රාවක සර්ව ඥානී. info
التفاسير:

external-link copy
221 : 26

هَلْ اُنَبِّئُكُمْ عَلٰی مَنْ تَنَزَّلُ الشَّیٰطِیْنُ ۟ؕ

ෂෙයිතානුන් පහළ වන්නේ කවුරුන් වෙත දැ? යි මම (දේවත්වය විශ්වාස කරන) නුඹලාට දන්වන්න ද? info
التفاسير:

external-link copy
222 : 26

تَنَزَّلُ عَلٰی كُلِّ اَفَّاكٍ اَثِیْمٍ ۟ۙ

පාපකම් කරන බොරු ගොතන සෑම කෙනෙකු වෙත ම ඔවුහු පහළ වෙති. info
التفاسير:

external-link copy
223 : 26

یُّلْقُوْنَ السَّمْعَ وَاَكْثَرُهُمْ كٰذِبُوْنَ ۟ؕ

සවනට වැකුණු දෑ ඔවුහු ඉදිරිපත් කරති. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා මුසාවාදීහු ය. info
التفاسير:

external-link copy
224 : 26

وَالشُّعَرَآءُ یَتَّبِعُهُمُ الْغَاوٗنَ ۟ؕ

තවද කවිවරුන් වනාහි; නොමග ගියවුන් ඔවුන්ව අනුගමනය කරති. info
التفاسير:

external-link copy
225 : 26

اَلَمْ تَرَ اَنَّهُمْ فِیْ كُلِّ وَادٍ یَّهِیْمُوْنَ ۟ۙ

නියත වශයෙන් ම ඔවුන් සෑම මිටියාවතකම නිදැල්ලේ හැසිරෙනු නුඹ නො දුටුවෙහි ද? info
التفاسير:

external-link copy
226 : 26

وَاَنَّهُمْ یَقُوْلُوْنَ مَا لَا یَفْعَلُوْنَ ۟ۙ

තවද නියත වශයෙන් ම ඔවුහු තමන් සිදු නො කරන දෑ (කළ බවට) පවසති. info
التفاسير:

external-link copy
227 : 26

اِلَّا الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ وَذَكَرُوا اللّٰهَ كَثِیْرًا وَّانْتَصَرُوْا مِنْ بَعْدِ مَا ظُلِمُوْا ؕ— وَسَیَعْلَمُ الَّذِیْنَ ظَلَمُوْۤا اَیَّ مُنْقَلَبٍ یَّنْقَلِبُوْنَ ۟۠

එහෙත් දේවත්වය විශ්වාස කර යහකම් කර අල්ලාහ්ව අධික වශයෙන් මෙනෙහි කර අපරාධ කරනු ලැබූවායින් පසු තම ආරක්ෂාව සලස්වා ගත් අය හැර. තවද තමන් කවර තැනකට යොමු වන්නේ දැ? යි අපරාධ කළවුන් මතු දැන ගනු ඇත. info
التفاسير: