Kilniojo Korano reikšmių vertimas - Kilniojo Korano sutrumpinto aiškinimo vertimas į sinhalų k.

external-link copy
144 : 2

قَدْ نَرٰی تَقَلُّبَ وَجْهِكَ فِی السَّمَآءِ ۚ— فَلَنُوَلِّیَنَّكَ قِبْلَةً تَرْضٰىهَا ۪— فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ ؕ— وَحَیْثُ مَا كُنْتُمْ فَوَلُّوْا وُجُوْهَكُمْ شَطْرَهٗ ؕ— وَاِنَّ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ لَیَعْلَمُوْنَ اَنَّهُ الْحَقُّ مِنْ رَّبِّهِمْ ؕ— وَمَا اللّٰهُ بِغَافِلٍ عَمَّا یَعْمَلُوْنَ ۟

අහෝ ! නබිවරය, ඔබ ප්රිය කරන පරිදි කිබ්ලා දිශාව වෙනස් කිරීම සම්බන්ධයෙන් දේව පණිවිඩ පහළ වීම ගැන අපේක්ෂාවෙන් බලාපොරොත්තුවෙන් ඔබේ මුහුණ හා ඔබේ බැල්ම අහස දෙසට යොමු කරනු සැබැවින්ම අපි දුටුවෙමු. එහෙයින් දැන් ඔබ මුහුණලා සිටින බය්තුල් මක්දිස් දිශාව වෙනුවට ඔබ ප්රිය කරන ඔබට සතුට දනවන කිබ්ලා දිශාවට (හරම් දේවස්ථානය වෙත) අපි නුඹව හරවන්නෙමු. එහෙයින් දැන් ඔබේ මුහුණ ශුද්ධ මක්කාවේ පිහිටි හරම් දේවස්ථානය වෙත හරවනු. අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලා කොතැනක සිටිය ද නුඹලා සලාතය ඉටු කරන මොහොතේ එම දිශාව වෙතම මුහුණලනු. සැබැවින්ම යුදෙව්වන් හා කිතුනුවන්ගේ පුස්තක වල කිබ්ලාව වෙනස් කිරීමේ සිද්ධිය ඔවුන්ගේ මැවුම්කරු වූ සියලු කරුණු සැලසුම් කරන්නාගෙන් පහළ වූ සත්යයක් බව ඔවුහු මැනවින් දැන සිටිති. සත්යය පිටුපාන්නන් වන මොවුන්ගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ් අනවධානියකු නොවේ. ඔහු ඒ පිළිබඳ මැනවින් දන්නාය. ඔහු පිවිතුරුය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිවිපාක පිරිනමනු ඇත. info
التفاسير:
Šiame puslapyje pateiktų ajų nauda:
• أن الاعتراض على أحكام الله وشرعه والتغافل عن مقاصدها دليل على السَّفَه وقلَّة العقل.
•අල්ලාහ්ගේ නීති හා පිළිවෙත් පිළිපැදීමට පිටුපෑමත් එහි අපේක්ෂිත කරුණු පිළිබඳ නොසැලකිලිභාවයත් බුද්ධිහීනතාව හා අඥානකම පෙන්වා දෙන සාධකයකි. info

• فضلُ هذه الأمة وشرفها، حيث أثنى عليها الله ووصفها بالوسطية بين سائر الأمم.
•මෙම සමූහයාගේ මහිමය හා කීර්තිය සෙසු සමූහයන් අතර පවතින මධ්යස්ථ සමූහයක් බවට වර්ණනා කරමින් අල්ලාහ් ඔවුන් ප්රශංසා කොට පවසයි. info

• التحذير من متابعة أهل الكتاب في أهوائهم؛ لأنهم أعرضوا عن الحق بعد معرفته.
•දහම් ලත් ජනයා සත්යය දැනගත් පසු පවා එය ඔවුන් පිටුපාන හේතුවෙන් ඔවුන්ගේ ආශාවන් පිළිපැදීමෙන් ප්රවේශම් වීම. info

• جواز نَسْخِ الأحكام الشرعية في الإسلام زمن نزول الوحي، حيث نُسِخَ التوجه إلى بيت المقدس، وصار إلى المسجد الحرام.
•දේව පණිවිඩ පහළ කරන කාල සීමාව තුළ ඉස්ලාමයේ ආගමික නීති වෙනස් විය හැකැයි අවධාරණය කරමින් බය්තුල් මක්දිස් දේවස්ථානය වෙත මුහුණ ලෑම වෙනස් කොට එය ශුද්ධ වූ මස්ජිදය වෙත මාරු කිරීමෙන් පැහැදිලි වේ. info