Kilniojo Korano reikšmių vertimas - Vertimas į sinhalų k. - Ruad vertimų centras

අල් මුර්සලාත්

external-link copy
1 : 77

وَالْمُرْسَلٰتِ عُرْفًا ۟ۙ

අඛණ්ඩව එවනු ලබන සුළං මත දිවුරමින්, info
التفاسير:

external-link copy
2 : 77

فَالْعٰصِفٰتِ عَصْفًا ۟ۙ

දැඩි ලෙස හමන සැඩ සුළං මත දිවුරමින්, info
التفاسير:

external-link copy
3 : 77

وَّالنّٰشِرٰتِ نَشْرًا ۟ۙ

(වලාවන්) විසිරුවා හරින සුළං මත දිවුරමින් info
التفاسير:

external-link copy
4 : 77

فَالْفٰرِقٰتِ فَرْقًا ۟ۙ

වෙන් වෙන්ව වෙන් කරන අය මත දිවුරමින්, info
التفاسير:

external-link copy
5 : 77

فَالْمُلْقِیٰتِ ذِكْرًا ۟ۙ

මෙනෙහි කිරීමක් වශයෙන් (හදවතට) හෙළන අය මත දිවුරමින්, info
التفاسير:

external-link copy
6 : 77

عُذْرًا اَوْ نُذْرًا ۟ۙ

(එම මෙනෙහි කිරීම) සමාවක් වශයෙන් නැතහොත් අවවාදයක් වශයෙන් හෝ පවතී. info
التفاسير:

external-link copy
7 : 77

اِنَّمَا تُوْعَدُوْنَ لَوَاقِعٌ ۟ؕ

නියත වශයෙන් ම නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සිදු වන්නකි. info
التفاسير:

external-link copy
8 : 77

فَاِذَا النُّجُوْمُ طُمِسَتْ ۟ۙ

තරු එහි ආලෝකය මකා දමනු ලබන විට, info
التفاسير:

external-link copy
9 : 77

وَاِذَا السَّمَآءُ فُرِجَتْ ۟ۙ

තවද අහස පුපුරා හරිනු ලබන විට, info
التفاسير:

external-link copy
10 : 77

وَاِذَا الْجِبَالُ نُسِفَتْ ۟ۙ

කඳු දූවිලි බවට පත් කරනු ලබන විට, info
التفاسير:

external-link copy
11 : 77

وَاِذَا الرُّسُلُ اُقِّتَتْ ۟ؕ

තවද ධර්ම දූතවරුන් එක් රැස් කරනු ලබන විට, info
التفاسير:

external-link copy
12 : 77

لِاَیِّ یَوْمٍ اُجِّلَتْ ۟ؕ

කවර දිනයක් සඳහා මෙය කල් දමනු ලද්දේ ද? info
التفاسير:

external-link copy
13 : 77

لِیَوْمِ الْفَصْلِ ۟ۚ

(එය) විනිශ්චය දිනය සඳහා ය. info
التفاسير:

external-link copy
14 : 77

وَمَاۤ اَدْرٰىكَ مَا یَوْمُ الْفَصْلِ ۟ؕ

විනිශ්චය දිනය යනු කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද? info
التفاسير:

external-link copy
15 : 77

وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟

බොරු කළවුනට එදින විනාශයයි. info
التفاسير:

external-link copy
16 : 77

اَلَمْ نُهْلِكِ الْاَوَّلِیْنَ ۟ؕ

මුල සිටියවුන් අපි විනාශ නො කළෙමු ද? info
التفاسير:

external-link copy
17 : 77

ثُمَّ نُتْبِعُهُمُ الْاٰخِرِیْنَ ۟

පසුව අපි ඔවුන් සමඟ පසු පැමිණියවුන් ද අනුගමනය කළෙමු. info
التفاسير:

external-link copy
18 : 77

كَذٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِیْنَ ۟

අපරාධකරුවන්ට අපි සිදු කරනුයේ එලෙස ය. info
التفاسير:

external-link copy
19 : 77

وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟

බොරු කළවුනට එදින විනාශයයි. info
التفاسير: